Sunday, September 30, 2012

Online මිතුරන්ද? ඔබේම පවුලද?

වර්තමානයේ සමාජ වෙබ් අඩවියක සාමාජිකත්වය නොමැති තරුණක් තරුණියක් හොයාගන්නටවත් නොමැති තරම්. facebook , twitter වැනි සමාජ ජාල වසංගතයක් වගේ තරුණ පරම්පරාව අතර පැතිරිලා ගිහින්.






ඉස්සර අපේ අම්මල තාත්තලාගේ කාලයේ නම් පාසලෙන් ඉවත් වුණාට පස්සේ යහළු මිත්‍රයන් කියන කරන දේ දැනගත්තේ ලිපියකින්, දුරකථන ඇමතුමකින්. බොහෝ වෙලාවට කිට්ටුම මිතුරන් ඇරෙන්න අනික් මිත්‍රයන්ව මග ඇරිලා යනවා. සමාජ වෙබ් අඩවි නිසා වර්තමානයේදී නම් කොයි කොයි මිතුරුන් කොහේ කොහේ ඉන්නවද මොනවා කරනවද කියල හොයාගන්න එක අසීරු කාරණයක් නෙවෙයි. ඒ තරමටම සමාජ ජාල නිසා මිතුරු මිතුරියන් ලං වෙලා.

විඩාබර දිනයක් අවසානයේදී යහළු යෙහෙළියන්ගේ ඔපාදූප ටිකක්, ආගිය තොරතුරු ටිකක් කතා බහ කරන්න ලැබෙන එක, එක අතකට සැනසීමක්. නමුත් සමහර අවස්ථාවලදී සමහර තරුණ පිරිස් මේ වැඩේට ඇබ්බැහි වෙනවා. කට්ටිය ගෙදර එන්නෙම online  යන්න බලාගෙන. ගෙදර අම්ම තාත්තා එක්ක කතා බහ කරන්න තරම්වත්  ඉස්පාසුවක් නැහැ.  ඉදහිට මිතුරන් සමග ඕපාදුප දොඩවනවා වගේ නෙවෙයි, නිතරම පවුලේ උදවිය සමග දුක සැප බෙදා ගන්නටත් අමතක කරන්න හොඳ නැහැ.

රාත්‍රියේදී ඔබේ තාත්තා රුපවාහිනිය ඉදිරිපිට, අම්මා තනිවම කුස්සියේ  ඕන පරිගණකයෙන් ඇස් ගලවාගන්නට නොහැකිව එය ඉදිරියේ. පවුලේ ආදරය, සුහදතාවය රැකගන්නට මේ ආකාරයටනම් ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සැබෑ ජීවිතයේදී ඔබට ඇතිවෙන ගැටළු වලදී ඔබේ පිහිටට ඉන්නේ ඔබේ පවුලේ සාමාජිකයින්. එවැනි අවස්ථාවක ඔබ වටා සිටින online  මිතුරු කැළ පිළිබඳව ඔබට විස්වාසය තියන්නට බැහැ. ඔබේ පිහිටට රැකවරණයට සැකයක් නැතිව නිරතුරුවම ඉදිරිපත් වෙන්නේ ඔබේ දෙමවුපියන් සහෝදර සහෝදරියන්. ඒ පිළිබඳව මතකයේ තබාගන්න. දිනපතා ඔවුන්ගේ සුවදුක් බෙදා හදා ගන්න.









මචන්... මම ඕකාට ඊයෙත් සල්ලි දුන්නා.

දවසක් වැඩ ඇරිලා බස් එකේ එනකොට මගක් දුරකදී යාචකයෙක් බස් රථයට ගොඩවැදුනා. ඔහුගේ දුක් ගැනවිල්ල හිත උනුකරවන සුළුයි. යාචකයා ඉදිරිපස අසුන් වල ඉදන් මගීන්ට අත පාමින් ක්‍රමයෙන් පසුපසට එනවා. කල්පනා වැඩි වෙලා හිටපු ආසනය ළඟ හිටගෙන හිටපු තරුණයෝ දෙදෙනාගෙන් එක් අයෙක් සාක්කුවට අත දාල රුපියල් 10ක් ගත්තේ යාචකයාට දෙන්නට හිතාගෙන වෙන්න ඕනේ. ඒක දැකපු ඔහුගේ මිතුරා ඔහුගේ ක්‍රියාවට එක ක්ෂණයකින් විරුද්ධ වුණා.

"මචන්... මම ඕකට ඊයෙත් රුපියල් 10ක් දුන්නා. දැන් උඹත් දෙන්නද යන්නේ. හැමදාම ඕකුන්ට සල්ලි දීල පුරුදු කරගන්න නරකයි. උඹ නිකම් හිටපන්."

ටික වෙලාවක් තමන්ගේ මිත්‍රය දිහා බලන් හිටපු අනෙකා මෙන්න මෙහෙම පිළිතුරක් දුන්නා.
"උඹ හිතනවද උඹ ඊයේ දුන්න රුපියල් 10 මිනිහ බැංකුවේ දාලා එකේ පොලියෙන් ළමයින්ටත් කන්න අරන් දීලා, මිනිහත් තුන්වේල කාලා සතුටින් ඉන්නවා කියල. අද කාලේ රුපියල් 10කින් මොනවද කරන්න පුළුවන්. සල්ලි හම්බු කරන අපිටම කොච්චර සල්ලි හම්බු වුනත් මදි. ඉතින් මේ මනුස්සයට රුපියල් 10ක් දුන්නම මොකද වෙන්නේ?"  ඔහු කිව්වේ අතට ගත්තු රුපියල් 10 යාචකයට දිගු කරන ගමන්.

 යාචකයට මුකුත් නොදී සද්ද නොකර අහක බලන් ඉන්න හිතපු කල්පනාත් මේ කතාවට ඉවර වෙනකොටම හිමින් සීරුවේ බෑග් එකට අත දැම්මේ මාරු සල්ලි කීයක් හරි හොයා ගන්න.

Saturday, September 29, 2012

බෝ වෙන හොඳ ගති ගුණ

දයාබර දියණිය වෙතටයි,

ජූනි මාසයේ දිනයක මා රාජගිරියේ පිහිටි වික්ටෝරියා නිවාසයට ගියේ මිතුරකුගේඋපන්දිනයක් වෙනුවෙන් පිරිනැමෙන දානමය කටයුත්තකට සහභාගී වන්නට. ඔබත් නිතර එහි යන එන බව මට මතකයි. සොම්නස සහ දොම්නස අතර ඇති පරතරය නොසලකා හැරිය තරම් වූ කුඩා බව පුණ්‍ය කර්මයක් අවසානයේදී සටහන් තබන පොතේ කවුදෝ ලියා තිබුණා. එය පරම සත්‍යයක් බව එහි යන හැම වතාවකම මට දැනෙනවා. මීළඟ වතාවේදී ඔබටත් එය අත්විඳිය හැකි දැයි බලන්න. තනිවම කිසිත් කර ගත නොහැකි වුවත් එහි සිටින අයගේ මුහුණුවල දකින්නට ලැඛෙන සන්තෝෂය හඳුනා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ සිනා මුහුණුවලින් අපට ආපසු ගෙන ආ හැකි දේ බොහොමයි. කිසිම කෙනෙක් තමා පත්ව සිටින තත්ත්වය පිළිබඳ ව මැසිවිල්ලක් නගනු තබා සිතන්නේවත් නැහැ. දෑතේ කර්මාන්තයක් කළ හැකි අය නිර්මාණකරණයේ යෙදෙමින් සුළු ආදායමක් උපයා ගන්නවා. අනේක දුක්ඛ දෝමනස්සයන්ට නිරන්තරයෙන්ම ගෝචරව ඇති මගේ සිත එහි දී පාවෙන සුළඟක හෝ පා කර හරින්නට මොහොතකට හෝ මා උත්සාහ ගන්නවා.

මා අද ඔබට කියන්නේ එහි දී මා දුටු අගය කළ නොහැකි තරම් වටිනා දෙයක් පිළිබඳවයි. උපන් දිනය වෙනුවෙන් පිරිනැමුන දානය අවසානයේ මා දන්නා හඳුනන අය සමග කතා බහ කිරීමට වාට්ටුවෙන් වාට්ටුවට ගියා.

ජීවිතයේ තරුණ කාලයේ දී සිදු වූ බරපතල රිය අනතුරකින් සදාකාලිකවම ඔත්පල වූ විමලසිරිගේ මුහුණ කවදත් ප්‍රිය මනාපයි. ඔහුගේ ඇඳ අසල කුඩා පුටුවක පුංචි කොලු පැටියෙක් වාඩි වී සිටියා. ඇත්තටම මගේ සිත ගැස්සුණා.

— මෙයා මොකද මෙතන කරන්නෙ?˜

මා ප්‍රශ්නය යොමු කළේ විමලසිරිට.

— ආ , එයා හැමදාම ඉස්කෝලෙ ඇරිලා එනවා. ඇවිත් හැමෝටම උදව් කරනවා˜

විමලසිරි ගේ පිළිතුරෙන් මා තරමක් සහනයකට පත් වුනා.

— කොහෙටද පුතේ ඉස්කෝලෙ යන්නෙ?˜

පාසල් නිල ඇඳුමේ කමිසය උනා තබා කොට කලිසම සහ මේස් බැනියම ඇඳ සිටි පුංචි කොලු පැටියාගෙන් මා විමසුවේ

ඔහුගේ උරහිසට අත තබමින්.

— රාජගිරියේ ජනාධිපතියට˜

— කීවෙනි පන්තියෙ ද?˜

— හතේ ˜

— මෙයා ගෙ සීයා මෙහෙ ඉන්නවා. එයා සීයත් එක්ක එනවා.˜

විමලසිරිගේ කතාවෙන් මා නැවතත් අන්දුන් කුන්දුන් වුනා.

— සීයා? ඇයි, සීයට මොනව වෙලාද?˜

— සීයා මෙහෙ වත්තෙ වැඩ කරනවා˜

විමලසිරිගේ පිළිතුර නැවතත් මගේ හද ගැස්ම අඩු කළා.

— මෙයා කොහොමද උදව් කරන්නෙ?˜

— එයා හැම දේටම උදව් කරනවා. කන්න බැරි අයට කවනවා. ඇවිදින්න බැරි අයට ඇවිදින්න උදව් කරනවා.ළඟින් ඉඳගෙන කතා කර කර ඉන්නවා. එයා ළඟින් හිටියත් අපට සැනසිල්ලක්˜

විමලසිරිගෙ කටහඬේ ගැබ්වෙලා තිබුණ හැඟීම හඳුනා ගන්නට මා තවමත් උත්සාහ කරනවා. ඒ සතුට ද? කෘතගුණපූර්වකත්වය ද? එසේත් නැත්නම් අපට කවදාවත් හඳුනාගන්නට නොහැකිවන ඉතාමත් ආදරණීය වූ ආගන්තුක හැඟීමක් ද? ඇත්තටම දයාබර දියණියේ, මා තවමත් ඒ හ~ හඳුනා ගන්නට උත්සාහ ගන්නවා.

ගිලානෝපස්ථානය පිළිබඳ මුල්ම මෙන්ම අතිශයින් ප්‍රබල වූ පාඩම අපට උගන්වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ශරීරය පුරාම පැතිර ගිය සැරව ගෙඩි පුපුරා ගොස් ඕජස් ගලමින් සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අසලට කිසිවකු ගියේ නැහැ. ඔබට මතකද දහම් පාසල් පොතේ මේ කතාව. ඇඟ පුරා ඛෙලි ගෙඩි තරම් විශාල වූ සැරව ගෙඩි සැදී ඔත්පල ව දුර්වල සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ගේ පින්තූරය ඔබට මතක ඇතැයි සිතමි. දහම් පාසල් පොත රචනයේ දී මෙම කතා පුවත ඉතාමත් ප්‍රබල හැඟීම් උපදවන ආකාරයට ඉදිරිපත් කර තිඛෙනවා. සියල්ලන් විසින් අත්හැර දමන ලද රෝගී තෙරුන් වහන්සේ ට පිහිට වන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. තෙරුන් වහන්සේව පිළිකුළෙන් බැහැර නොකළ බුදු වහන්සේ උන් වහන්සේව නාවා පිරිසිදු කිරීමෙන් අනතුරුව ඛෙහෙත් ගල්වා සුවපත් කරනවා. අපට මේ උගන්වන්නේ කළ යුතු දෙය නොවේ ද?

වික්ටෝරියා නිවාසයේ දී මට මුණ ගැහුණ පුංචි පුතා නියෝජනය කරන පරම්පරාවක් අපට සොයා ගත හැකිද? එසේ නැත්නම් ඒ පුංචි කොලු පැටියා ස්වභාවධර්මයේ අහඹු නිර්මාණයක්ද? පරිච්ඡෙද කිහිපයක් පසුකරමින් බොහෝ උදාහරණ සපයමින් මහත් පරිශ්‍රමයකින් සිත තුළට කාවැද්දිය යුතු මහාර්ඝ වූ ගුණාංගයක් ඒ පුංචි සිත තුළ පැහැදිලිවම පැලපදියම් ව තිඛෙනවා. මේ හපන්කම කළේ කවුරුන් වුවත් එය එසේ මෙසේ හපන්කමක් නොවේ. දෙමවුපියන් විය හැකියි. මුණුබුරා තමා පසුපස කැඳවාගෙන එන සීයා විය හැකියි. ශිල්ප සාදන පාසල විය හැකියි. මේ සියල්ලන්ගේම එකතුවක් විය හැකියි. එසේත් නැත්නම් සසර පුරුද්දක් විය හැකියි. ඒ කෙසේ වෙතත් ආදරණීය දියණියේ, මා ඔබට පසුගිය දිනක හඳුන්වා දුන්
බෝවන හොඳ අතරට මෙය ද එක් කළ යුතුයි.

වියපත් වෙන මගේ ජීවිතයේ මා ලබා ගන්නා අතිශයින් දුර්ලබ වූ අත්දැකීමක් මට ලබා දෙන හතේ පන්තියේ පුංචි පුතාගේ අනාගතය සාර්ථක වීමට අවශ්‍ය යෝධ බල යෝධ සවිය ඔහුට ලැබේවා යයි මා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා .

                                                                                                    ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා

බීප්... බීප්.... ඔන්න තවත් එකක්

උදේ  රෑ කිසිම  වෙනසක්  නැතුව  අපි  ලගින්ම  ඉන්න  යාලුවෙක්  ඉන්නවා . සමහරුන්ට  නම්  මේ  හොඳම  යාළුවා  අත්  හැර  ගන්නම  බැහැ.  තමන්ට  ඉන්න  අනික්  යාලුවන්වත්  සම්බන්ධ කරලා  දෙන්නේ  අපේ  මේ  පුංචි  යාළුවම  තමයි. 

වෙන  කවුරුත්  නෙවෙයි   මේ  යාළුවා  තමයි  අපේ  ජංගම  දුරකථනය . අද  මේ   ජංගම  දුරකථනය  නැතුවම  බැරි  දෙයක්  වෙලා  බව  ඔබ  හොදාකාරවම  දන්නවා.

දැනට  අවුරුදු  10 කට  15 කට   විතර  කලින්නම්  ජංගම දුරකතනයක්  කියන්නේ  බොහොම  දුර්ලභ  වස්තුවක් . දුරකතන ඇමතුමක්  උනත්  ගත්තේ  කිරල  මැනලා  බොහොමත්ම  හදිස්සියකදී . නමුත්  දැන්නම්  පාසල්  සිසුවාගේ  ඉදල  හැම  කෙනෙකුන්  ලගම  ජංගම  දුරකථනය  අනිවාර්යයි .

ජංගම  දුරකථනයත්  එක්කම  තරුණ  පරම්පරාවට  වැළදුන  රෝගයක්  තමයි  sms.

එක  විනාඩියක්  ෆෝන්  එකෙන්  ඇත  ඉවතට  ගන්නට  විවේකයක්  නැති  තරමට  තරුණ  පරපුරේ  සමහරුන්  කෙටි  පණිවුඩ  යවන්නට  හුරුවෙලා . ඉන්නේ  කොහෙද  යන්නේ  කොහෙද  විතරක්  නෙවෙයි   කන්නේ  බොන්නේ  මොනවද  කොයි   විදියටද  යන්න  පවා  යාලුවන්ගේ  දැනුමට  එකතු  කරන්නේ , ඒ  විස්තර  එතරමටම  වැදගත්  නිසා .

අමතක  උණු  එක  කරුණක්  තියනවා . ඔබ  තවමත්  රැකියාවක්  නොකරන  අයෙක්  නම්  ඔය  යවන  යවන  sms එකක්  ගානෙම  වියදම්  වෙන්නේ  දෙමවුපියන්  අමාරුවෙන්   හරි  හම්බ  කරගත්තු  පනම් හතර.

ඒ  විතරක්  නෙවෙයි   පාසල  ඇරිලා  අමතර  යමක්  ඉගෙන  ගන්නට  යන  ටියුෂන්  පන්තිදීත්  මේ  ජංගම  දුරකථනය  අපි  තනි  නොකර  අපිත්  එක්කම  එනවා . සමහරක්  අවස්ථා  වලදී  අපිටත්  නොදැනීම  අපේ  අවධානය  පාඩමෙන්  ඉවතට  අරන්  යන්න  තරම්  ජංගම  දුරකථනය  හපනෙක් .  එක  එක  යාලුවන්ගෙන්  හතර  අතින්  ගලාගෙන  එන  sms   අමතක  කරලා  හිත  එකඟ  කරන් පාඩම  අහන  ඉන්න  ලොකු  උත්සහයක්  දරන්නත්  වෙනවා .ටිකෙන්  ටික  ඔබේ  අවධානය ගලාගෙන  එන  පණිවුඩ  වලට  ගිහින් . පණිවුඩ  හුවමාරුව  ජයටම  කරගෙන  යනවා .

ජංගම  දුරකථනය  ඔබත්  පන්තියට  රැගෙන  යනවා  නම්  මේ  ගැනත්  ටිකක්  අවධානය  යොමු  කරන්න . Sms වලින්  අවධානය  වෙනතකට  යොමු  වෙද්දී  ඔබට  මග  හැරෙන්නේ  විබගයට  අවශ්‍යම  පාඩමක   කොටසක්  වෙන්න  පුළුවන් . 


Thursday, September 27, 2012

හදිසියේ පැමිණි අනාරාධිත අමුත්තෙක්

දයාබර  දියණියේ,

සතියකට වරක් පුවත් පත මගින් මුණ ගැසෙන මා හමුවීමට ඔබ කැමැත්තෙන් සිටින බව මා දැනගත්තේ ඔබේ අම්මාගෙන් . පසු ගිය සතියේ දිනයක මහගෙදර සිදු කළ දානමය පුණ්‍ය කටයුත්තට ඔබටත් අම්මාටත් මා ආරාධනා කළේ එනිසයි. නමුත් උසස් පෙළ විභාගයට පෙනී සිටින නංගීට සහයෝගය දීම අවශ්‍ය නිසා ඔබ නොපැමිණි බව අම්මා කීවා. දානමය පුණ්‍ය කර්මය ඉතා හොඳින් ඉටු කිරීමට හැකි වුනා. ගමේ  සහ නගරයේ ජීවන පැවැත්මේ සොඳුරු වෙනස අත්විඳීමට එය කදිම අවස්ථාවක් වුනා. අසල්වාසීන් සමග එක්ව සාමූහිකව කටයුතු කිරීම කෙතරම් මිහිරි අත්දැකීමක්ද? අප කවුරුත් කැමති සතුටින් ජීවත් වීමටයි. විවිධාකාර ක්‍රම අනුගමනය කිරීමෙන් සතුට ලබා ගැනීමට උත්සාහ කරනවා.

   මා අද ඔබ හා  සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන්නේ එවැනි සිදුවීමක් පිළිබඳවයි.  විනෝදය සහ අනතුර අතර පවතින සමීප සම්බන්ධතාව පිළිබඳවයි.
  ගමේ මහගෙදර පැවැත්වූ පින්කමට  පෙර දින හවස හදිසියේ අනාරාධිත අමුත්තෙක් පැමිණියා. අමුත්තා මුණ ගැසුණේ නිලන්තට. අවශ්‍යතාවකට නිවසින් බැහැරව යාමට නිලන්ත යතුරු පැදිය පණගන්වනවා මා බලන් සිටියා. ගේට්ටුව ළඟ දී ඔහු එක්වරම කලබල වී නතර වෙනු මා දුටුවේ ඒ නිසයි.

—    නිලන්ත, ඇයි?˜
යතුරු පැදිය ආපසු මිදුලට හැරවූ නිලන්ත,  පිළිතුරු දුන්නේ හස්ත මුද්‍රාවෙන්.   පටු තාර පාර හරහා   අනාරාධිත අමුත්තා පාර පනිමින් සිටියා. හස්ත මුද්‍රාවෙන් මා හා සන්නිවේදනය කළ    නිලන්ත  උදව් ඉල්ලා කෑගැසූ හ~ට   සියල්ලන්ම තත්පරයක දී එතැන සිටියා.

—    මොකෙක්ද ?
නිලන්ත මැණික් කටුව ළඟින් අත නවා  පෙන්වුවා.
—    නයෙක් ? මරන්න එපා, මරන්න එපා˜

පාර හරහා යන නයි පැටියාගේ  පෙනය තවමත් හකුලා ගෙන නැහැ.

—    ඉස්සරහ  ගෙවල්වලට රිංග ගනීවි ද දන්නෙ නැහැ . බෝතලයක් ගේන්න, බෝතලයක් ගේන්න. මෙයා අල්ලමු˜
—    මරන්න නම් එපා˜
අඩි එකහමාරකට වඩා දිග නැති නයි පැටවා මරා දැමීමට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. සියල්ලන්ගේම අදහස වූයේ   සතා  එතැනින් ඉවත් කිරීමයි. ගෙනෙන ලද පළවෙනි බෝතලය ප්‍රතික්ෂේප විය.
—    ඕක එපා , තිනර් ගඳයි. එයා මැරෙයි. වෙන එකක් ගේන්න˜
ගමේ මිනිසුන් අතර පවතින අවිහිංසා ගුණය පිළිබඳව අපි තවත් දිනයක දී සාකච්ඡා කරමු.

දෙවෙනි බෝතලය තුළට මේ නපුරු අමුත්තා දමා ගත්තේ තරමක අරගලයකට පසුවයි. බෝතලයේ මූඩියේ සිදුරු කිහිපයක් විදීමෙන් පසු අමුත්තා සහ අප අතර සම්බන්ධය වෙනත් මුහුණුවරක් ගත්තා. ප්‍රදර්ශණ භාණ්ඩයක් වූ සර්පයාගේ  හැඩරුව, ගතිගුණ, විෂ ඝෝරබව සමගම ස්වභාව ධර්මයේ නිර්මාණාත්මක බව පිළිබඳවත් දැනුවත් කිරීමක් එතැන සිදු වුනා. මේ සියල්ලම අතරේ සර්පයා පෙනය හකුලුවා ගත්තේම නැහැ. බෝතලයට දැමීමේ දී පීඩාවකට පත් වෙන්නටත් ඇති. පුංචි වුවත් මම සැරයි. සතා අපට දුන් පැහැදිලි පණිවුඩය එයයි. මූඩියේ සිදුරු තුළින් වතුර බින්දු දෙකතුනක් දැම්මේ යන්තමින් හෝ සහනයක් සලසන්නයි.
—    ගඟ අයිනෙ කැලේට මෙයාව ගිහින් දානවා. එහෙ මිනිස්සු යන්නෙ එන්නෙ නැහැ. කාටවත් අනතුරක් වෙන්නෙ නැහැ.˜

බෝතලය සිලි සිලි මල්ලක් තුළට දමා ආරක්ෂිතව පැත්තකින් තිබ්ඛෙ ඇත්තටම බයට.
වත්ත පිටිය පිරිසිදු කිරීමේ කාර්යයේ ස්වේච්ඡාවෙන්ම යෙදුන තරුණ කණ්ඩායම  නැවත තමන්ගේ වැඩකටයුතුවලට ගියා.

ආගිය තොරතුරු, අතීත කතා, විහිලු කතා   සහ තවත් බොහෝ රසවත් දේ අතරින් කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීමයි.  පිරිත් ශ්‍රවණය කිරීමට පැමිණෙන අයගෙන් මිදුල පිරී ගෙන එනවා.
එක්වරම කෑගැහිල්ලක්. තරුණ කටහ~වල් කිහිපයක්. ඒ සමගම    බෝතලයක් බිම වැටෙන හඩක්.
ප්‍රධාන දොරටුව ළඟත් කිහිප දෙනෙක්. යටිගිරියෙන් කෑ ගැසූ හඩ, අසල ඩිස්පැන්සරියේ සේවයෙහි යෙදී සිටින තරුණියන් දෙදෙනාගේ බව පැහැදිලිවුනා.  බෝතලය හඳුනා ගන්නට මට ගත වූයේ නිමේෂයයි.
—    මොකක්ද වුනේ ? ඕක ඇතුළෙ නයෙක්˜
—    නයෙක්? අපි හිතුවෙ ගෙම්ඛෙක් කියලා˜
—    ගෙම්ඛෙකුට ඔච්චර කෑගහන්න ඕනෙද?˜
නයා සමග බෝතලය නිවසේ ඉදිරිපස පඩිය මත තවමත් පෙරළෙමින්.

දයාබර දියණියේ , ඔබට සිතා ගන්නට පුළුවන්ද සිදු වූ දේ?

මිදුලේ සිටි තරුණයින් කිහිප දෙනා ආගිය තැනක් හොයා ගන්නටත් නැහැ. විනෝදය සඳහා තමන්  කළ දේ කෙතරම් භයානක දැයි  වැටහුන නිසා වෙන්නට ඇති ඔවුන් මගහැර ගියේ. පින්කමට පැමිණෙන තමන් දන්නා හඳුනන සහෝදරියන්ට විහිළුවක් කරන්නටයි ඔවුන්ට වුවමනා වුනේ.

නිවසට ඇතුළු වෙන තරුණියන් ගේ අතට  සිලි සිලි මල්ලක දැමූ යමක්  දෙන්නේ තරුණයෙක්.
—    නංගිලා වැඩ ඇරිලා එන ගමන්ද? බඩගිනිත් ඇතිනෙ. මේක තිබ්ඛෙ ඔය දෙන්නටමයි. කාලම තේ බොන්නකො.˜
මල්ල අතට ගත් තරුණිය එය ඇස් මට්ටමට ඔසවා බැලුවා. එය තුළ සතෙක් නලියනු ඇය දුටුවා.  බෝතලය වීසි කළේ මස්තිස්කයේ විධානයකින් තොරව. ඒ තරුණ කෙල්ලන්ගේ ස්වභාවය. බෝතලය   ගේ දොරකඩට වැටුනා.  එය නොබිඳුනේ පූරුවේ පිනකට. නොඑසේ නම් සිදුවන දේ ඔබට සිතා ගත හැකිද?

මේ අනතුර පිළිබඳව තව බොහෝ දේ ඔබ හා සාකච්ඡා කළ හැකියි. නමුත් විනෝදය සඳහා කටයුතු කිරීමේ දි අප කෙතරම් කල්පනා කාරී විය යුතු ද? සුළු ප්‍රමාදයකින් විය හැකි විනාශය අතිශයින් ප්‍රබලයි. ඇත්තටම මෙවැනි දැනුවත් කිරීම් බොහෝ විට අවශ්‍ය වන්නේ ඔබේ  සහෝදරයා ගේ පෙළට. දයාබර දියණියේ , මල්ලී දැනුවත් කරන්න. එමගින් පණිවුඩය අනෙක් සහෝදරයින්ටත් ඛෙදා හරින්න.

එම සත් කාර්යය ඉටු කිරීමට  සුදුසු අවස්ථා ඔබට ලැබේවා යයි ප්‍රාර්ථනා කරන මා,

ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා


උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ




උදේ පාන්දර රැකියාවට ගිහින් ඔබට නියමිත ස්ථානයේ වාඩිවෙලා ඔබ දවසේ රාජකාරි පටන් ගන්නේ හැකි තරම් සාර්ථකව වැඩ කටයුතු ටික ඉවරයක් දකින්නයි. ඔබ කාර්යාලයට එනවිට ඔබ ඉන්නා ස්ථානය අතු ගා පිරිසිදු කර නොතිබුනොතින්? කාර්යාලයේ වැසිකිළිය පිරිසිදු කර සුවඳ දියර ඉස නොතිබුනොතින් ? පෙර දිනයේදී පිරි ගිය කසල බදුන හිස් කර නොතිබුනොතින් ? එසේ වුවහොත්  කාර්යාලයේ ඇති වන්නේ රැකියාව කිරීමට නුසුදුසු පරිසරයක්. මේ උදහරණයෙන්ම ඕනට වැටහේවි කාර්යාලය අස්-පස් කරන සේවකයා හෝ සේවිකාව ඔබේ රාජකාරියට ලබා දෙන රුකුල. අපි අපේ රාජකාරිය කරන්න සරසේනවිට ඔවුන් නිහඬවම ඔවුන්ගේ උදව්ව අපට ලබා දීලා. 

සිංහල අවුරුද්ද, නත්තල වගේ විශේෂ අවස්ථා වලදී ඔව්න්ට කෘතගුණ සලකන්න අපි හුගදෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ඒ සිරිත් විරිත් අතීතය ඉඳලම අප අතර රැදී තියෙන නිසයි. කොටසක් මෙලෙස කෘතගුණ සලකද්දී, තවත් කොටසකට ඔවුනුත් අපි වගේම මිනිසුන් කියන කාරණයත් අමතක වෙන්න ගිහින්. සමහරක් දෙනා සුළු සේවකයන් ඇති සිදුවෙන වැරදි අඩුපාඩු වලදී ඔවුන්ට බැනවදින්නේ සත්තුන්ට වගේ.
මෙවැනි සිදුවීම් ඔබ අනන්තවත් දැක ඇති.

මෙවැනි පුද්ගලයන්ගේ ස්වභාවයේ බොහෝ විට දකින්න පුළුවන් ලක්ෂණයක් තිබෙනවා. පොඩි මිනිසුන්ට ලොකු සද්ද දැම්මත් ඔවුන් තමන්ගේ උසස් නිලධාරින් ඉදිරියේ  කතා බහ කරන්නේ දෙකට තුනට නැමීගෙන. එවැනි චරිත අප අතර බොහොමයි. පෙර කාලේ පඬිවරුන් නම් මොවුන්ව හදුන්වා දෙන්නේ නිවට මිනිසුන් හැටියට.

සේවකයන්න් වැඩිදුර උගත් අය නොවේ. එම නිසා ඔවුන් අතින් වැරදි අතපසුවීම් සිදුවීම සාමාන්‍යයි. එවැනි අවස්ථාවලදී සැරපරුෂ නොවී ඔවුන්ට මෘදු බසින් අමතන්න. අපේ උදව්වට සිටින ඔවුනට නිතරම කාරුණික වන්න. ඔවුන් ඔබට ලබා දෙන අත්වැල ගැන සිහියේ තබා ගන්න.  හැකි සෑම අවස්ථාවකදීම ඔවුනට සමාව දෙන්න. ලොකු මිනිසුන්ටත් පොඩි මිනිසුන්ටත් එක සේ සලකන සත් පුරුෂයෙකු වන්න.

බසයෙන් ඉවතට කෙල ගහනවද? දැක්කාමත් අප්පිරියයි..

                 හිසකේ හැපීමද- ඉන්න තැන කෙළ ගැසුමද
           නියපොතු විකීමද - අසුබ ලකුණුය සිතන් සැම සඳ

සිරිත් මල්දමේ එන මේ කවිය වැරදීමකින්වත් ඔබ නොදැන ඉන්නට බැහැ. නොඅසා තිබෙන්නට බැහැ. පාසලේදී බුද්ධාගම කාල පරිච්චේදයේදී මේ කවිය  උගත්තේ කටපාඩම් වෙන්න විතරක් නම් එකේ ඇති ප්‍රයෝජනයක් නැහැ. කවියත් එක්කම සිතා බලන්න කීයෙන් කීදෙනාටද මේ ගැන මතක හිටලා තියෙන්නේ කියල.

ඔබ බස් රථයේ ගමන් කරන්නෙක් නම් සමහර දෙනා බසයෙන් ඉවතට කෙළ ගහන දර්ශනය එතරම් දුලබ දසුනක් නොවෙයි. බස් රථයෙන් ඉවතට සමහරුන් කෙළ ගසන්නේ මහ පාර මැද්දෙදි. ඉදල හිටලා මේ කෙළ පාරක් මග තොට යන එන මගියෙකුට, වාහනයක කවුළුවකට නොවැදෙනවාමත් නොවෙයි. එවැනි අවස්ථාවකදී එම මගීන් පත්වන්නේ කිව නොහැකි තරමේ අපහසුවකට. ඔබ සමහරක් විට නොසිතා කරන මේ දෙය අනිකුත් මගීන් දකින්නේ අපුලකින්.

බසයේදී පමණක් නොවෙයි, පාරේ ඇවිදින විටත් මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ.
මෙලෙස තැන තැන කෙළ ගැසීම නිසා විෂ බීජත් තැන තැන පැතිරෙනවා. ක්ෂය රෝගය වගේ භයානක රෝග බෝවෙන්නට මෙය හේතුවක් වෙන බව වෛද්‍යවරුන්ගේත් මතයයි.

ඔබ අතින් නොසිතා වෙන මේ වරද අත්හැර ගන්නට උත්සහ කරන්න . ඔබේ ක්‍රියාවන් වලින් අන් අය අපහසුතාවයට පත්වීමට ඉඩ නොහරින්න.

ධර්මදීපයේ අතරමං වූ මවුපියෝ(2)



ආණ්ඩුවේ ඛෙහෙත් ශාලාවේ මෙන්ම , පෞද්ගලික රෝහලේ ගිලන් වූ දරුවන් කරපින්නා ගත් අම්මාත් තාත්තාත් සිත් තුළ ගින්දරින් දැවි දැවී සිටින්නේ උරමත අසනීපෙන් පීඩා විඳින ඔබ සුවපත් කරගන්නටයි. ගෙදරින් පිටවන මොහොතේ පටන් නැවත ගෙදරට පැමිණෙන තෙක් දෑස් රිදෙන තුරු මග බලාන සිටින්නී අම්මා ඔබ ගැන බිය වන්නීය. ඇයගේ බිය පහව යන්නේ ඔබගේ රුව පාර කෙළවර දුටු විටයිමා ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ කෙසේවත් කවදාවත් මේ මිනිසුන් යයි කියා ගන්නා නොමිනිසුන් ගණයට වැටෙන්නේ නැහැ. ඒත් දයාබර දියණියෙනි, මේ ඔබ ජීවත්වන සමාජයේ වන සිදුවීමක්. නොසලකා හැරිය නොහැකි සිදු වීමක්. අප දෙමවුපියන්ට සලකන ක්රමවේද කොතෙක් වේද? ලෝකයේ කොහේවත් අනුගමනය නොකරන ඉතාමත් ශ්රෙෂ්ඨ ක්රමයකට අපි දෙමවුපියන්ට ගෞරව කරනවා. 
දියණියෙනි, ගාථාවක් කියා සිය දෙමවුපියන් නමදින රටක් ඇත් නම් ඔබ දිනු මේ රටමය. ලෝකයේ කොහේ හෝ තැනක එය සිදු වන වා නම් එතැන ලාංකිකයෙකු ඉන්නවා. එහෙව් රටක මෙවන් නරුමයන් හැදී වැඩුනේ කෙසේද? මට නම් එය විසඳුමක් සොයා ගත නොහැකි ප්රශ්නයක්. දසමසක් කුසේ තබා රැකගත් අම්මාට ඔබ වඳින්නේ කිසි දා කළගුණ සලකා නිම කළ නොහැකි කර්තව්යය අගය කරන්නටයි. ආදරයෙන් වැළඳ සිප සනහා අප ආරක්ෂා කළ තාත්තාට ඔබ වඳින්නේ කළගුණ සැලකීමටයි. එවන් රටක ජීවත්වන අපට මේ අසන්නට ලැඛෙන්නේ මොනවාද? අම්මාගේ ආදරය කෙතරම් බල ගතුද? තාත්තා ගේ ආදරය කෙතරම් බලගතුද

මා අසා ඇති ඉතාමත් සංවේදී කතාන්තරයක් අද සටහන් කරන්නම්. අම්මා ගේ ආදරණීය පුතා විවාහ වුනා. ලේලිය ගෙදරට කැන්දා ගෙන ආවා. අලුත පැමිණි ලේලිය කවදාවත් නැන්දම්මාට ස්නේහවන්ත වන්නේ නැහැ. කාලය ගෙවෙත්ම ලේලිය ගැබිණියක වන ලකුණු පහළ කරන්නී ඇයට නානා විධ ආශාවන් පහළ වන්නේ ස්වභාව ධර්මය අනුවයි. නමුත් මේ කාන්තාවට පහළ වන්නේ ඉතාමත් අස්වාභාවික ආශාවක්. ඇයට අවශ් වන්නේ සිය සැමියා ගේ මවගේ හෘදය වස්තුව පිස ආහාරයට ගැනීමටයි. තම අස්භාවික ආශාව හෙළි කිරීමට නොහැකි වූ ඇය දිනෙන් දිනම කෘශ වෙනවාදිගින් දිගටම ස්වාමියා ප්රශ්න කළ ඇය කිසිවක් ප්රකාශ කරන්නේ නැහැ. දැඩි පෙරැත්ත කිරීමකින් පසුව සිය ආශාව ස්වාමියාට හෙළි කරනවා. ඔහු පත් වන්නේ ඉතාමත් අසීරු අවස්ථාවකට. ඇය මිය යාවි යන බියෙන් ඔහු පෙළෙනවා. අවසානයේ දී ඔහු තීරණය කරනවා මවගේ හෘදය වස්තුව ලබා ගෙන බිරිඳ සනසන්නට. මේ අවාසනාවන්ත පුත්රයා මවට ආදරයෙන් කතා කරන්නේ ඇය කැලයට කැඳවාගෙන යාමට. පුතාගේ බහට අවනත වන අම්මා ඔහු සමග වනයට යනවා. වනයේ දී මව මරණයට පත්කොට හදවත ගලවා ගන්නා පුතු ගෙදර බලා පිටත් වෙනවා. ඔහු ගේ සිත සසලයි. ඒත් ඔහු බව අමතක කොට ඉක්මන් ගමනින් එනවා. මේ අවස්ථාවෙදි ඔහු පය පැකිලිලා වැටෙනවා. අත තිබූ හදවත ඈතට වීසි වෙනවා. ඔහුට තුවාල වෙනවා. තුවාලවල ලේ පිස දමා ගෙන හනිකට නැගිට ගන්නා ඔහු දිව යන්නේ හදවත හදා වඩා ගත් දෙමවුපියන් මහමග අතැර යන්නේ කෙසේද? මට නම් අදහා ගත නොහැකියි.අහුලා ගැනීමට. ඔහු ලඟා වෙනවා හදවතට.
 — ඔයාට රිදුනද මගේ පුතේ?˜ 

වැලි ගොඩේ වැටී තිබූ අම්මාගේ හදවත කතා කරනවා.
දයාබර දියණියෙනි. සිහි එළවා ගෙන ජීවත් වන්න. ජීවිතය ඇඳ බැඳ ගත් අක්මුල් සිඳ බිඳ දමන අමන කොටසකට අයත් වන්න එපා. කළ ගුණ සැලකීම උතුම් ගුණාංගයක් බව මතක තබා ගන්න. ජීවිතය සුන්දර වන්නේ එය වින්දනය කෙරෙන පිළිවෙල අනුවයි. ඔබට හැකි වේවි අන් අයට ආදර්ශයක් වන්නට. මා ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ අම්මාට සහ තාත්තාට කෙතරම් ආදරේ යන වග. ඔවුන්ට ඔබේ ආදරය දැනෙන්නට හරින්න. එය වින්දනය කරන්නට ඉඩ හරින්න. ආදරය ඔවුන්ගේ ජීවිත සුන්දර කරනවා නොඅනුමානයි. එයින් පෙරළා ඔබට ලැඛෙන දේ පිළිබඳව ඔබ මොහොතක් සිතුවාද? ආදරණීය දියණියෙනි, ඔබට පෙරළා ලැඛෙන්නේ ආශීර්වාදයයි. දෙමවුපියන්ගේ ආශීර්වාදය තරම් බලගතු විශ්ව ශක්තියක් තවත් නැත සුවය විඳ ගැනීමට තරම් මගේ ආදරණීය දියණිය වාසනාවත් වේවා.

අදට සමු ගන්නා මා,
ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා