Saturday, October 20, 2012

අයිතිය

 
 
මා ගත කරන ජීවිතය මැන බැලීමට ඔබට ඇති අයිතිය කුමක්ද? මා සර්ව සම්පූර්ණ අයෙකු නොවන බව මා දන්නවා. මම ජීවත් වන්නේ එවැන්නෙකු වීමටත් නොවෙයි. නමුත් අන් අයට ඇගිල්ල දිගු කිරීමට පෙර ඔබේ දෑත පිරිසිදු දැයි සැක හැර දැනගන්න. - බොබ් මාලි(1945-1981)

Wednesday, October 3, 2012

නෑයෝ...



පසුගිය දවසක කල්පනාගේ ලඟම ඥාතියෙක් අන්තරා වුනා. මල ගෙදර වැඩ කටයුත් වලට සහභාගී වෙන්න ගිය ගමනේදී කාලෙකට පස්සේ නෑදැයෝ ඔක්කොම වගේ එකට එකතු වුණා. වැඩපලවලට උදව් දෙන ගමන් නැන්දලා මාමල හුගදෙනෙක් කලේ වැඩිහරියක් කලේ තවමත් මළගෙදරට නොආපු නෑදෑයන් ගැන ඕපාදුප කියවන එක.
"දෙහිවල ලොකු අයියගේ ලොකු පුතා ඉස්සරහ ගෙදර දැරිවිත් එක්ක යාලුයිලු. දැන් ගොඩ කාලෙක ඉදල මේ සම්බන්දෙ තියනවලු. ගෙදර අයත් කැමතියි කියන්නේ. " එක නැන්දා කෙනෙක් කරලියට ගෙනාවේ අලුත් ආරංචියක්.
"අනේ ඇත්තද?" ළඟ හිටපු අත්තම්ම හීල්ලුව. "අපට සෑහෙන පවුලක්ද මම අහන්නේ... තාත්තා වගේම තමයි පුතත්. ඔයෙහෙනම් යාලු කරගෙන තියෙන්නේ අම්ම වගේම කෙනෙක්." අත්තම්මා දිගටම කියවගෙන යනවා.

" කෙල්ල එතරම්ම ලස්සනත් නැහැ අම්මා. එත් කොහොම හරි දැල් දාලා කොල්ලව අල්ලගන්න ඇති. ලොකු අයියාට නම් වගේ වගක් නැහැ. ළමයින්ට ඕනේ දෙයක් කරගන්න ඇරලා නිකම් බලන් ඉන්නවානේ" අපේ අම්මාටත් කට පියාගෙන ඉන්න බැහැ 
එකට වට වෙච්ච නෑදෑයෝ රංචුවම ලොකු අයියාගේ ගෑනු ළමයා ගැනයි, ලොකු  මාමාගේ තීරණයයි බරටම විවේචනයක්. අත්තම්මා කියන විදියට නම් ලොකු අයියා කරන්නට යන්නේ ලොකු තාත්ත ලොකු අම්මව බැඳගත්තා හා සමානම මෝඩ කමක්. අපරාදේ මේ මේ අහක යන වචන. ලොකු අයියල දැන් වෙනකොට දෙපාර්ශවයෙන්ම ආශීර්වාද අරගෙනත් ඉවරයි.
ලොකු මාමා වෙද්‍යවරයෙක් . එය බැඳ ගත්ත අපේ ලොකු අම්ම ඉස්පිරිතාලේම නර්ස් නෝනා කෙනෙක්. හරි ඉවසිලිවන්තයි. කරුණාවන්තයි.  මාමට ඉහලින් වචනයක් කතා කරන්නේ නැහැ. අපේ ගෙවල් වල වගේ එල්ලීගෙන රන්ඩුවලට යන්නෙත් නැහැ. පරම්පරාවේ තත්ත්වයට හොඳ මදි කියලයි අත්තම්මා කසාදෙට අකමැති වෙලා තියෙන්නේ. අත්තම්මා විරුද්ධ වෙද්දීත් කසාදෙ කෙරිලා තියෙන්නේ සීයා තාත්තා අමනාපයක් පෙන්නුවේ නැති නිසාලු.
ලොකු අයියා යාළුවෙලා ඉන්න අක්ක වුනත් හොඳට ඉගෙන ගත්තු ළමයෙක්. පෙනුමත් එතරම් වරදක් නැහැ. එයත් අම්මා වගේම කරුණාවන්තයි කියලි ලොකු අයියා නම් කියන්නේ. "ඒ දෙන්නත් කැමතියි නම්, දෙමවුපියනුත් කැමතියි නම්, මගුලත් තීන්දුයි නම් ඕගොල්ලෝ මොකටද ගැන වාද වේවි ඇඟේ ලේ ටික පුච්චා ගන්නේ." හිතට ආපු සිතුවිල්ල කල්පනා වචන වලට පෙරලුවේ නැත්තේ වැඩිහිටියන්ගේ කතා වල මැද්දට පනින්න පුළුවන් කමක් නැති හින්දයි.  

Tuesday, October 2, 2012

කෙදිනකවත් මිටි නොවන කන්ද...


දයාබර දියණියේ,
උසස් පෙළ විභාගයේ ලකුණු පිළිබඳ අර්බුදය  අවසන් වූ වහාම මා දකින්නට පැමිණීමට ඔබ බලාපොරොත්තුවෙන සිටින බව  මා දැන ගත්තේ ඔබේ අම්මාගෙන්.  වෙහෙස මහන්සි වී ඉගෙනුම් කටයුතු කළ ඔබ විභාගය වෙනුවෙන් ඔබේ වගකීම හොඳින් ඉටු කරන්නට ඇති. නමුත්  උසස් පෙළ විභාගය තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කරනවා. ලකුණක පරතරයෙන්  මහා ලොකු වෙනසක් සිදු වෙනවා.  වෛද්යවරුන්, ඉංජිනේරුවන්. නීතිඥයින් , තෝරා බේරා ඉවත් කිරීමට දශමයකට හැකියාව ලැඛෙනවා. ඔබගේ බලාපොරොත්තුවත් වෛද්යවරියක් වීම බව මට මතකයි. විභාගයට උපරිම ශක්තිය යෙදූ බවත්  ප්රතිඵල කුමක් වුවත් නැවත විභාගයට පෙනී නොසිටින බවත් ඔබ තරයේම ප්රකාශ කළ බවත් අම්මා කීවා. අමතක නොවන එක් දිනයක සංශෝධිත ප්රතිඵල ලැබේවි. අපේක්ෂිත ප්රතිඵල ලැබුණහොත් සියල්ල හොඳින් සිදු වෙනවා නොඅනුමානයි. නමුත් අනපේක්ෂිතව උද්ගත වූ කිසිවකුට පාලනය කළ නොහැකි තත්ත්වයක් නිසා ඔබේ ජයග්රහණය වෙනත් මගකට යොමු විය හැකියි.
ජීවිතය යනු බලාපොරොත්තු කන්දක්.   එය කෙදිනකවත් මිටි නොවන කන්දක්. ප්රමාණයෙන් සහ ගුණාත්මක බවින් ඉඳුරාම වෙනස් වූ බලාපොරොත්තු රාශියකින් ජීවිතය නම් වූ කන්ද නිර්මාණය වෙනවා. ඉටුවුන බලාපොරොත්තුවක් කන්දෙන් ඉවත් වන්නේ වෙනුවට තවත් අලුත් බලාපොරොත්තු කිහිපයක් එයට එක් කරමින්. ජීවිතයේ යථාර්ථය එයයි. ඉටු නොවුන බලාපොරොත්තු  කන්දෙන් ඉවත් කිරීමට අප උත්සුක  විය යුතුයි.  ජීවිතයේ මූලික අරමුණු පාදක කොටගත් බලාපොරොත්තු ඉටු නොවුන අවස්ථාවන්හි  අප  දකින්නේ  බිඳුණු බලාපොරොත්තුව පමණයි. තමන්ගෙන් අත හැරෙන්නට ආසන්න තත්ත්වයකට  පත්වන   ජීවිතය ප්රායෝගිකව මෙන්ම බුද්ධිමත් හඳුනා ගත යුතු අවස්ථාවකට ඔබ මුහුණ පානවා. එළඹ අවස්ථාවට මුහුණ දීමට  ජීවිතයේ හැරවුම් ලක්ෂ්යයක් හඳුනා ගැනීමට ඔබ සමත් විය යුතුයි. ඔබේ මූලික අරමුණ වූවේ වෛද් විද්යාලයට ඇතුළත් වීමයි. එයට  අවස්ථාව නොලැබුණහොත් නැවත විභාගයට පෙනි සිටීමටත් නොහැකි නම් මා පෙර කී හැරවුම් ලක්ෂ්යය හඳුනා ගැනීමට ඔබ ශක්තිය ලබා ගත යුතුයි. මෙහි දී ඔබ ඉතාමත් බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි. උසස් පෙළ සමතකුට උසස් අධ්යාපනය ලබන්නට තවත් කොතෙකුත් ප්රවේශයන් තිබේ ? නිදහස් අධ්යාපන පහසුකම් යටතේම වෙනත් උපාධියක් සඳහා විශ්ව විද්යාල අධ්යාපනය ලැබීමට අවස්ථාව තිඛෙනවා. තමන් තෝරා ගන්නා විෂය ධාරාව යටතේ ආචාර්ය උපාධියක් දක්වා ඉගෙන ගත හැකියි. කන්දෙන් ඉවත් වූ බලාපොරොත්තුව වෙනුවට තවත් නැවුම් බලාපොරොත්තු කිහිපයක් එකතු වෙනවා
කෙසේ වෙතත් උසස් පෙළ විභාග ප්රතිඵල  දරුවන්ගේ ජීවිත වෙනස් කරන බව  පිළිගත යුතු සත්යයක්. අපේක්ෂිත ප්රතිඵල ලැබී වෛද් විද්යාලයට ඇතුළත් වීමට වරම් ලැබීම ඔබ ජීවිතයේ ලබා ගන්නා වැදගත්ම ජයග්රහණයයි. එය දෙමවුපියන්ගේත් ගුරුවරුන්ගේත් සතුටට නොමඳ හේතුවක්.  බලාපොරොත්තු සිතැඟි පරිදි ඉටු වීම නිහතමානීව දරා ගත යුතු ප්රසන්න අවස්ථාවක්. ගමේ පාසලේ ඉගෙනුම ලබන ඔබට විශ්ව විද්යාල ජීවිතය අලුත්ම අත්දැකීමක්. එයට මුහුණ දීමට සහ එයට  අනුගත වීමට ඔබ දැන් සිටම සූදානම් විය යුතුයි. මෙය අභියෝගයක්.  ඔබ  අනුගමනය කරන සදාචාර සම්පන්න චාම් ජීවිතය මිල කළ නොහැකි තරම්.  ඔබ සතු සාරධර්ම ආරක්ෂා කර ගැනීම බරපතල වගකීමක්. වෛද් වෘත්තිය  යනු රැකියාවක් පමණක් නොවේ. එය උත්තම සේවාවක්. කුඩා කළ සිටම ඔබට අවශ් වුනේ මිනිසුන් සමග ගැටෙන රැකියාවක්. කුඩා කළ  ඔබ  ගුරුවරියක් වීමට අවශ් බව කීවා. තවත් වරක් හෙදියක් වීමට අවශ් බව කීවා. පරිගණක ක්ෂේත්රයේ පාඨමාලාවක් සඳහා සුදුසු  කම් ලැබූ දිනය මට හොඳට මතකයි.
මට යන්ත් සූත් එක්ක ජීවත් වෙන්න බැහැ˜   
ඔබ මා සමග කීවේ ඇස්වල කඳුළු පුරවගෙන. ඔබේ කැමැත්තට අම්මා අවසර දුන් දිනයේ  ඔබේ මුහුණේ නැගුන  සතුට   මට හොඳට මතකයි. බලාපොරොත්තුව ඉටුවීමෙන් ඔබ ජීවිතය දිනා ගැනීමට සූදානමින් සිටිනවා. තමන් තෝරා ගත් වෘත්තියේ වටිනාකම අවබෝධ කරගන්න. වෛද් වෘත්තියෙන් සිදුවන සේවාව මිල කළ නොහැකියි. දුර්වලයින් සමග, වේදනාවෙන් පෙළෙන්නන් සමග තම රාජකාරි ජීවිතය ඛෙදා හදා ගන්නට වෛද්යවරයාට සිදුවෙනවා. මේ පිළිබඳව ගැඹුරෙන් සිතන්න.  ඔබේ ඇවතුම් පැවතුම් අනුව එය අපහසු නොවන බව මට විශ්වාසයි.
රත්තරන් දියණියේ, සංශෝධිත ප්රතිඵල මගින් ඔබේ දෛවයට වෙනසක් සිදු නොවී  නියමිත කාලයේ  දී  අධ්යාපනය අවසන් කිරීමෙන්  පසු දක්ෂ වෛද්යවරියක් වීමට අවශ් ධෛර්යය සහ ශක්තිය ඔබට නිරතුරුවම ලැබේවා!
                                                                  ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා