තනිකර දමා ගිය
සැපින්නක් ලඟට ගෙන
ලෙන්ගතුව කිරි පෙව්වෙමි.
කෑදරව කිරි බිවු සැපින්නද
මට පෙරළා ආදරය පෑවාය.
එයින් මසිත ද ඔද වැඩී ගියේය.
ඇය කිසිදා දෂ්ඨ නොකරාවි යැයි
මම නිකමට සිතුවෙමි...
එනමුදු එක් දිනක
සර්ප සෙනෙහස වෛරයට පැරදුනි.
ඇය පෙණය පුප්පා
විෂ පිරුණු දළයෙන්
මට දෂ්ඨ කළාය...
වේදනාවක් දැනුනා වුවත්
මා පුදුමයට පත් නොවූවෙමි.
මන්දයත් කිරි පොවනා විටද
ඔබ පෙරළා දෂ්ඨ කරනා බව
මම හොඳින්ම දැන සිටියෙමි...