Tuesday, January 22, 2013

ප්‍රේමයට පන්හිදෙන් පණ පෙවූ - ජේන් ඔස්ටින්





1775 වසරේ දෙසැම්බර් මස දහසය වැනි දින උපත ලද ජේන් ඔස්ටින් ඇගේ  අද්විතීය නව කතා තුලින් ජනප්‍රියත්වයට පත්වුණේ විසිවන සියවසේදියි. Pride and Prejudice Sense and Sensibility වැනි
සම්භාවනීය කෘති මගින් ඇය ප්‍රේමය සහ යතාර්ථය අතර හිඩැස මැනවින් පෙන්වා දෙන්නට සමත් වුනා.

ජේන්  ඔස්ටින් උපත ලැබුවේ ඔස්ටින් පවුලේ සත් වැනියා ලෙසිනුයි. ඇයගේ  මවුපියන් වන ජෝර්ජ් සහ කැසෙන්ඩ්රා වැදගත් පවුලක සමාජිකයින් ලෙස සමාජයේ ඉහල තැනක් දරුවා. ජේන්  ගේ පියා නිවාස  අසල ඇන්ග්ලිකන් පල්ලියක ප්රධාන දේවගැතිතුමන් ලෙස විශාල මෙහෙයක් ඉටු කළා. ඔස්ටින් පවුලේ සියල්ලන් එකිනෙකාට ඉතා ලැදිව සිටි අතර මවුපියන් ඔවුන්ව නිතරම ඉගෙනීමට සහ නිර්මානාත්මක ක්‍රියාකාරකම් වලට යොමු කරවූවා. මේ පවුල් පසුබිමත් , පියාගේ පුස්තකාලයේ තිබු ඇති විශාල පොත් කන්දරාවෙන් ලද දැනුමත්  ජේන්  ඔස්ටින් නිතැතින්ම නිර්මාණකරණය වෙත යොමු කලා.  පවුලේ සාමාජිකයින් අතරින් ජේන්  වඩාත්ම ලං වුනේ ඇයගේ  පියාටත් වැඩිමල් සහෝදරියටත්. ඔවුන් අතර තිබු යහපත් බැඳීමද  ඇයට  නිර්මාණකරණයට මහත් පිටුබලයක් වුනා. කුඩා කාලයේදී මවුපියන් විසින් ජෙන්ව නේවාසික පාසලක අධ්‍යාපන සඳහා යැවුවත් එහිදී උණසන්නිපාත රෝගයට ගොදුරු වීම නිසා ඇයට  පෙරලා නිවසට පැමිණීමට සිදු වුනා.

යොවුන් වියේ සිටම ඇය  ආලය  සහ මිතුරුදම් පිළිබඳව කතාන්දර ගොතන්නට වුනා. කෙටි කලකදීම අයගේ නිර්මාණ අතරට නවකතා, කෙටි කතා, කවි මෙන්ම නාට්‍ය පිටපත්ද එකතු වුන. නමුත් කිසිදිනක ජේන්  ඒවා ප්‍රකාශය පත් කරන්නට ඉදිරිපත් වුනේ නැහැ .

ජේන් ගේ තරුණ කාලය බොහෝ විට ගත වුනේ නිවසේ කටයුතු වලට සහ පල්ලියේ කටයුතු වලට උදවු කරමින්. පියානෝ වාදනය ප්‍රගුණ කරන අතරේදීම ඇය  ඇයගේ  ප්‍රථම නවකතාව වන එලිනෝර් සහ මේරි ඈන්  කතාව ලිවිම ආරම්භ කළා . එය පළවුණේ ලිපි මාලාවක් ආකාරයටයි. මෙලෙස ක්‍රමයෙන් ඇය  අගේ ලෝ ප්‍රසිද්ධ
නවකතා වන  Pride and Prejudice Sense and Sensibility ලිවීමත් ආරම්භ කළා.  අසනීපයෙන් පසු වුනු ජේන් ගේ පියා 1805 වසරේදී මිය ගිය අතර ඔහුගේ අභාවය ජේන් ගේ පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා.

1809 වනතුරු ඉතාමත් අසීරු කාලයක් ගතකල ජේන්  මවත් සොහොයුරියත් සමග ඇයගේ  මාමා කෙනුකුන්ගේ නිවසට පදිංචියට ගියා. බොහෝ නිර්මාණයන් ඇගේ අතින් නිමවුයේ මේ නිවසේදීයි. ජීවිතයේ තෙවන දශකයේදී ජේන්  ඇයගේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළා. නමුත් සඳහා ජේන් භාවිත කලේ අන්වර්ථ නාමයක්. අවුරුදු 40 පසුවන විටම ඇය  නිතර අසනීප වලට ගොදුරු වන්නට පටන් ගත්තා. එම අසනීපයම ක්‍රමයෙන් නරක අතට හැරීම නිසාවෙන් 1817 ජුලි මස 18 දින මරණයට පත් වුනා. ඇය  අසනීපව සිටි කාලයේදී ලියා තැබූ the  brother  නම් කෘතිය ඇයගේ  මරණයෙන් පසුව Sandition නමින් ප්‍රකාශයට පත් වුනා.

1817 වසරේදී මිය ගියා වුවත් ජේන්ගේ ජනප්‍රියත්වයේ දැනටත් කිසිදු අඩුවක් නැහැ. අදටත් ඇය අග්‍රගන්‍ය
ඉංග්‍රීසි ලේඛීකාවක් ලෙසට පිදුම් ලබනවා. 2002 වසරේදී BBC මත විමසුමකදී ජේන් ඔස්ටින් ලොව වඩාත්ම ප්‍රචලිත බ්‍රිතාන්‍ය ජාතිකයන් 100 අතර 70 වෙනි ස්ථානයේ නම රඳවන්නට සමත් වුනා.