Tuesday, July 29, 2014

ඇසිල්ල

සිනාසෙන විසල් දෑස්  ළඟ
මා දෑස  නතර විය
බර  වූ හදවත කඩා වැටී
පඩිපෙළ පාමුල  පතිත වීය

ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.

සිනාසෙමින්  පැමිණි ඔබ
මා හදවත අහුලා
දුලී කුණු පිස දමා
සිනාසෙමින්ම
මා වෙත පෑවේය

ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.

පඩිය පාමුල
මගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි


6 comments:

  1. ගොඩක් වෙලාවට අපි සිහින වල ජීවත් වෙද්දි සැබෑ ජීවිතය අපිට ම පෑගෙනවා අපි ම දන්නේ නැහැ

    කවිය හරිම අගෙයි........................ නියමයි

    ReplyDelete
    Replies
    1. ඇවිත් කුරුටු ගාලා ගියාට ස්තුතියි :)

      Delete
  2. //පඩිය පාමුල
    මගේ හදවත
    මටම පෑගී
    තැලී පොඩිවී තිබුණි //

    කියන්න ඔන හුඟක් දේවල් මේ පේලි 4 තියෙනවා..
    අදයි මේ බ්ලොග් එක නෙත ගැටුනේ..

    ReplyDelete