Thursday, December 27, 2012

2013 ජය ගන්නට...


පරණ අවුරුද්දේ සිටි පරණ ඔබ අලුත් අවුරුද්දේ අලුත් කරගන්නට සිතන ඔබට නව වසරේදී ඔබේ අරමුණු ජය ගන්නට මෙන්න පුංචි උදව්වක්. 2013දී සාර්ථක පුද්ගලයෙකු වෙන්නට දැන් සිටම ඔබට වැඩ අරබන්නට පුළුවන්.



ඔබට ලගා විය හැකි අරමුණක් තෝරා ගන්න
අනේ අලුත් අවුරුද්දේදී මට තව ටිකක කෙට්ටු වෙන්න ඇත්නම් ? ඔව් ඔබට පුළුවන්. නමුත් ඔබට හිතු හැටියේම සිරුරේ බරෙන් හරි අඩක් අඩු කරගන්නට පුලුවඳ? ඔබට නොහැකියි. හැකිය යයි සිතන්නේ නම් එතනදීම ඔබට වැරදිලා. ඔබට අවශ් සිරුරේ බර අඩු කරගන්නට නම් සඳහා ක්රමානුකුලව ව්යායාම් කල යුතුයි. ක්රමයෙන් ක්රමයෙන් ඔබට අවශ් අරමුණ වෙත ඔබට ළඟ විය හැකියි. මෙවැනි ලඟා විය හැකි එක අරමුණක් පිළිබඳව නව වසරේදී ඉලක්ක කරගන්න. අරමුණු අතරින් ප්රමුකත්වය දිය යුතු දේ හදුනා ගන්න. අරමුණු වුශාල ප්රමාණයකට ප්රමුකත්වය දෙන්නට වුවහොත් ඔබට එක අරමුණක් වෙනුවෙන්  අවශ් තරම් කැපවෙන්නට නොහැකි වී යාවි.

තරමක් මුරණ්ඩු වෙන්න
අනේ අම්මේ මට බැහැ  තවත් කෑම  කන්න. මේ අවුරුද්දේ මගේ බලාපොරොත්තුව ඇඟ  ටිකක් හැඩ  කරගන්න. ඔබට මුරණ්ඩු වෙන්නට අවශ්යයි නම් මුරණ්ඩු වන්නට හොඳම අවස්තාව මෙයයි. ඔබේ අරමුණට ලඟා වීමට ඔබේ මුරණ්ඩු බවම යොදා ගන්න. ඔබ ඔබේ අරමුණෙ තදින් අලී සිටින තරමටම ඔබට එම අරමුණට ලඟා වීම වඩාත් පහසුයි. ඔබේ ප්‍රගතිය එයින් වඩාත් වේගවත් වේවි.

සැලැස්මක් සකසන්න
ඔබ ඔබේ අරමුණට ලඟා වෙන අයුරු පිලිබඳ සිතින් සැලැස්මක් සාදන්න සාර්ථක වේවි යයි සිතෙන සැලැස්ම ලියා තබන්න. ඔබට නිතර දෙවේලේ පෙනෙන ඉස්තානයක ඔබේ සැලැස්ම තබාගන්න නිතර දෙවේලේ ඔබේ අරමුණට ළගා වන අයුරු දැකීම ඔබව වඩ වඩාත් උනන්දු කරවාවී.

ඔබේ ප්‍රගතිය සටහන් කරන්න
දින දර්ශනයක හෝ දින සැලැස්මක ඔබේ ප්‍රගතිය පිළිබඳව සටහන් තබන්න. ඔබ අරමුණට ළඟ වීමට කල සැලසුමේ ආකාරයට ඔබ දැන් රදී සිටින ස්ථානය පිළිබඳව අවබෝදයක් ලබාගන්න. ඔබ දුර පිළිබඳව ආඩම්බර වන්න. ඔබ පසුපසින් නම් වේගවත් වීමට ගත හැකි ක්‍රියා මාර්ග සොයා බලන්න.

හොඳම මිතුරෙක්ව සම්බන්ද කරගන්න.
ඔබට කිට්ටුම ඔබේ මිතුරෙක් සමග ඔබේ අරමුණ පවසන්න ඔහුට හෝ ඇයටත්  නව වසරේදී මෙවැනි අරමුණක් කරා යාමට දිරි දෙන්න. ප්‍රගතිය පිළිබඳව කතා බහ කරන්න. එකිනෙකාව දිරිමත් කරගන්න.

මෙලෙස නව වසරේදී ඔබට ජය ගත යුතු ඉලක්කයන් පිළිබඳව කල් තියාම සිතා බලා පිබුරු පත් සැකසීමෙන් ඔබට වැඩ සාර්ථකව නව වසරට මුහුණ දීමට හැකි වේවි.


Wednesday, December 26, 2012

මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න...

2012 ගෙවී ගිහින් 2013 ලබන්නට ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයක්. ගතවෙලා ගිය 2012 වසර ගැන ආපස්සට හැරිලා බලන්නට හොඳම කාලය තමයි මේ. 2012 වසරේදී මුණ ගැසුණු අලුත් පුද්ගලයන්, අත්  විදින්නට ලැබුණු අලුත් අත්දැකීම් ආදිය අතරේ ඔබ සතුටට පත්වුණු අවස්ථා මෙන්ම දුකට පත්වුණු අවස්ථාත් ඔබේ මතකයේ රැඳිලා  ඇති. ඔබ කලබලයෙන් සමහරක් දේවල් පටලවා ගන්නට ඇති. සමහරක් දේ අතපසු වෙන්නට ඇති. ඒ අතරේ අසීරු අවස්ථා වලට නොසැලී මුහුණ දෙන්නට ඇති. ඔබට පැවරුණු රාජකාරි උවමනාවටත් වැඩ හොදින් ඉටු කරන්නට ඇති. ප්‍රශංසා ලබන්නට ඇති. නොකරපු වැරදි වලට බැනුම් අසන්නටත් වෙන්නට ඇති. මේ කොයි කොයි දේ සිදු වුනත් මේ වෙනකොට ඒ සියල්ලම අතීතයට එකතු වෙලා. අයෙත් හැරිලා බලනකොට වසරක් පුරාවට ඔබ මුහුණ දුන්නු අත්දැකීම් ගැන ඔබවම පුදුමයට පත් වේවි.

ආපසු හැරිලා බලද්දී ඔබ, ඔබවම දකින්නේ සාර්ථක පුද්ගලයෙක් විදියට නම් ඔබ ඒ ගැන ආඩම්බර වෙවී. අසාර්ථක නම් පුංචි කලකිරීමක් ඇති වේවි. සමහරක් විටකදී ඔබ සාර්ථකද අසාර්ථක ද කියල ඔබටම තීරණයක් ගන්නට අපහසු වේවි. 2012 ඔබේ බලාපොරොත්තු වලට අනුව සාර්ථක කරගන්න බැරි වුනා නම් ඒ ගැන දුක් වෙන්නට එපා. මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න. ඒ ගැන දුක් වෙමින් කාලය නාස්ති කරලා ඉස්සරහට එන වසරත් හිත නොහොදින් පටන් ගන්නට එපා.

2012 වසරේදී ඔඛෙන් වුනු අඩුපාඩු අත්වැරදීම් වලට හේතු වුනේ කොයි වගේ දේවල්ද කියල අදුන ගන්නට ඔබට හැකියාව ලැබුනොතින් ඒ අඩුලුහුඩුකම් දුරු කරගෙනම අලුත් අවුරුද්දට පිය මනින්නට ඔබට හැකියාව ලැබේවි. ඔබට මේ වසරේදී ඉටු කරගන්නට නොහැකි වුනු බලාපොරොත්තු ප්‍රර්ථනා ලබන වසරේදී කෙසේ හෝ ඉටු කරගන්නට අධිෂ්ඨාන කරගන්න. ඔඛෙන් සිදු වුනු වැරදි ඇත පසු වීම් වලට 2012ත් සමගම අතීතයට එකතු වෙන්නට ඉඩ හරින්න. නව වසරක ආරම්බයක් සාම විටම ඔබට ජීවිතය අලුතින් අරබාන්නට ලැඛෙන ආශීර්වාදයක් සේ සලකන්න. 2013 ඔබ අලුතින් පෙරලන පිටුවට අලුත් ආරම්බයක් ලබා දෙන්නත් එහි අවසානය සාර්ථක කරගන්නටත් හැකියාව ඇත්තේ ඔබේ අතේම තමයි.

උදා වන අලුත් අවුරුද්දේ ඔබේ සියලු යහපත් කල්පනා යථාර්තයක්ම වේවා!!!

Thursday, December 20, 2012

ඔබට හොරා සිදුවිය හැකි : අනන්‍යතා හොරකම

මතකද ඔබ එදා ඔබේ ගමන් මල්ල කාර්යාලයේදී  අස් - පස් කළා. මල්ල ඇතුලේ තිබුණු කඩදාසි කෑලි , බස් ටිකට්, බිල්පත් සියල්ල දැම්මේ ලගම තියන කුණු කූඩයට. ඒ අතරේ ඔබේ පෞද්ගලික ලියවිලිල්ලක කොටසක් උනත් තියෙන්නට ඇති. ඔබේ  අවශ්‍යතාවය වූනේ ගමන් මල්ල අස්  කරගැනීමයිනමුත් ඔබ දන්නවද දෙවරක් නොසිතා ඔබ ඉවත දැමු ඒ කොළ කැබැල්ලම  ඔබට කරදරයක් වන්නට පුළුවන්.  ඔබට කරදරයක් කරන්නට මාන බලමින් සිටින්නෙකු, කාර්යාලය පිරිසිදු කරන සේවකයාට ඉස්සර  උනොත් කසල බදුන තරමක් අවුස්සා ඔබට අවැඩක් කරන්නට මගක් පාදා ගන්නට පුළුවන්. ඔබත් අනන්‍යතා සොරෙකුගේ ගොදුරක් වන්නට පුළුවන්. අනන්‍යතා සොරකම (Identity  Theft ) යනු ඔබට වැඩිපුර අසන්නට නොලැබෙන, එනමුත් ඔබට විශාල හානියක් සිදුකල හැකි තර්ජනයක්. නවීන තාක්ෂණය සමග නිතිපතා ගැටෙන ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.

ඔබ ඉවතලන පෞද්ගලික ලියවිල්ලක ඇති තොරතුරු, ඔබ මිතුරන් සමග ප්‍රසිද්ධියේ යෙදෙන දුරකථන සංවාද වලින් ඇහිඳ ගන්නා තොරතුරු, කාර්යාලයේ ඔබ අමතක කර යන ඔබේ දිනපොත, තැන තැන තනිකරන ඔබේ ජංගම දුරකථනය පමණක් නොවෙයි ඔබ හුවමාරු කරන ලිපි, - මේල් , කෙටි පණිවුඩ පවා ඔබව කරදරයට පත් කරන්නට පුළුවන්. මෙවැනි කිසියම් ක්‍රමයකින් සොරාගන්නා ඔබේ පෞද්ගලික තොරතුරු භාවිතා කරමින් ඔබේ අනන්‍යතාවය ඔවුන් සතු කරගැනීමත් එමගින් යුතු ප්‍රයෝජන ලබාගැනීමත් මේ සොරුන්ට සුළු දෙයක්. මෙලෙස ලබාගන්න තොරතුරු භාවිතයෙන් ඔබ බියවද්දා කප්පම් ලබා ගැනීමට  වුවත්  ඔවුන්  පෙළබෙන්නට  පුළුවන්.


ඔබ අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කරන්නෙක් නම් ඔබේ ණයපත් අංක , මුරපද ආදිය විවිධ වෙබ් පිටු වලට ඇතුලත් කිරීමේදීත් ඔබ බෙහෙවින් පරික්ෂාකාරී වීය  යුතුයි. යම් හෙයකින් ඔබේ ණයපත් අංකය හා අදාළ තොරතුරු සොරකම් කරගතහොත් ඔබේ අනන්‍යතාවය ඉදිරිපත් කරමින් ගනුදෙනු සිදුකිරීමට ඔවුනට ඉඩ ලැබෙනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් නොවුනහොත් ඔබට වියහැකි පාඩුව ඇති විශාලයිමෙම ක්‍රමවලින් ඔබ්බට යන සමහරක් අනන්‍යතා සොරුන් තමන්ගේ කාර්යය ඉටු කරගැනීම සඳහා යොදා ගන්නේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු. මේ සඳහා පුවත්පතක පලවන මරණ දැන්වීමක තොරතුරු  පමණක් වුවත්   ප්‍රමාණවත්. මෙලෙස මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සොරකම් කරන සොරුන් මැතිවරණ කාලවලට නම් ඕනෑ  තරම්.

අනන්‍යතා සොරකමින් ආරක්ෂා වීම හරම්ම අසීරු කාරණයක් නොවෙයි. සිදුකල යුත්තේ ඔබේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් වීම පමණයි. ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම ඔබ ආරම්භ කල යුත්තේ ඔබේ නිවසේ ලියුම් පෙට්ටියෙන්. ඔබේ ලිපි ඔබේ අතටම ලබාගත නොහැකිනම් යතුරු දමා වැසිය  හැකි ලියුම් පෙට්ටියක් භාවිතා කිරීම නුවණට හුරුයි. නිවසේ තිබෙන වැදගත් ලියකියවිලි, ඔප්පු තිරප්පු, බැංකු පොත් ආදිය යතුරු දමා වාසිය හැකි ස්ථානයක සුරක්ෂිතව තැබිය  යුතුයි. අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කරන විට විශ්වාසවන්ත වෙබ් පිටුවලට පමණක් ඔබේ තොරතුරු ඇතුලත් කිරීමට වග බලාගන්න. ඔබට නැවත අවශ්‍ය නොවන ලිපි ලේඛන විනාශ කර දමන්න.නිවසින් පිටතට යාමේදී ඔබේ බැංකු කාඩ්පත්, හැදුනුම්පත් අඩංගු පසුම්බිය ආරක්ෂා කරගන්න. ඔබේ කාරය නවතා ඉන් බස යන විට තවත් කෙනෙකුට ලඟා වියහැකි පරිදි එතුල ලියකියවිලි දමා යාමෙන් වලකින්න. එලෙසම කාර්යාලයේදී සෑම  විටකදීම ඔබේ පරිගණකයේ  දත්ත වලට  තවත් අයෙකුට  ප්‍රවේශ වීමට ඇති හැකියාවන් අවුරවන්න. පරිගණකයේ, විද්‍යුත් තැපෑලේ, ෆේස්බුක් ගිණුමේ මුරපද සුරක්ෂිතව තබාගන්න. කිසිලෙසකින් හෝ ඔබ මෙවැනි අනන්‍යතා සොරකමකට ලක්වුවහොත් වහාම පොලිසිය ඒ පිළිබඳව දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න. ඔබේ බැංකු ගිනුමක තොරතුරු හෝ ණය  කඩ්පතක තොරතුරු අන්සතු වුවහොත් අදාළ බැංකුව හැකි ඉක්මනින් දැනුවත් හැකි ඉක්මනින් දැනුවත් කිරීමට වග බලාගන්න.


ඔබේ ආරක්ෂාව පිළිබඳව වගකීම සෑමවිටකදීම ඔබ සතුයි. යමක් සිදුවු පසු තවත් පාර්ශවයකට චෝදනා කිරීමෙන්  කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නැහැ. ඔබේ කරලයේදී හෝ වැඩබිමේදී ඔබට කිට්ටුවන අලුත් මිතුරන් ගැනත් සැලකිලිමත් වීමට අමතක කරන්නට එපා.  ඔවුන් මිතුරු වෙස් ගත පස මිතුරන් විය හැකියිසැම විටකදීම දුර දකින්නෙකු වෙන්න. ඔබට වියහැකි අනතුරු වලින් ආරක්ෂාවීමට හැකි සෑම  පියවරක්ම   කරන්නමීළඟ වාරයේදී  තැකීමකින් තොරව ඔබ විසිකර දමන්නේ ඔබේම අනන්‍යතාවය බව මතකයේ තබාගන්න.