Thursday, March 3, 2016

හිතේ ලෙඩ

සිලින්ජරයක රුධිර බිඳකට
කියන්නට බැහැ
හඬ නඟා
වරද ඇත්තේ රුධිරයේ නොව
ගිලන් වූ හද තුල කියා


තැලී පොඩි වුණු හදක් කෙලෙසක
පණ පිඹින්නද පිළුණු රුහිරට ?
සිලින්ජරයේ රුධිර බින්දුව
කියාවි ද ගතු මිසී නෝනෙට?
 

3 comments:


  1. සිරින්ජරයේ අසාපන්
    බීඳුණු හදවත නසාපන්
    රහසෙ විඳවපු
    මැරුණු හද ගැන
    කාට හෝ යළි කියාපන්
    දුකම හිමි වූ
    දුකෙම මියගිය
    මගේ හදවත ගැන කියාපන්

    ReplyDelete
  2. ඒක හරි.......... කතා කරන්න බැහැනේ.....

    ReplyDelete
  3. ලස්සනයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete