අපේ ගමන වෙහෙසකරයි
නිවනට මග බෝ දුරයි
වෙහෙස නිමන නිවන් මගද
වෙහෙසකර ද මට සැකයි!
Saturday, September 7, 2019
Monday, August 12, 2019
මුතු ඇටයේ අපි
ගිලෙන නැවක ඉඳ ඉදිරිය බල බල කඳුළු සලන අපි
මේ නැව අතහැර ඈතට ඈතට යන්න හිතන අපි
නැවෙන් පිටට ගොස් නැව දෙස බලමින් සුසුම් හෙලන අපි
නැව් බඳ ඇතිවුන සිදුර වසන මඟ කිසිවිට නොසොයන නොදකින මේ අපි!
මේ නැව අතහැර ඈතට ඈතට යන්න හිතන අපි
නැවෙන් පිටට ගොස් නැව දෙස බලමින් සුසුම් හෙලන අපි
නැව් බඳ ඇතිවුන සිදුර වසන මඟ කිසිවිට නොසොයන නොදකින මේ අපි!
Saturday, April 20, 2019
අවසන් නොවුනු කතාවක්
බීර විදුරුවක පෙන බුබුළු අතරින්
පා කරලන්නට සිතුවෙමි
හදවත පතුලේ කැලතෙන
රිදුම සිරවුම වේදනාව
ගැලුම් ගණනක් බීර
නිරපරාදේ දුක් විඳපු සැටි
ලඟා කර දෙනු නොහැකිව
මා සිතේ අරමුණ
උල් පිහි තුඩක් ගෙන
මස් ගොබයකට තද කලෙමි
වේදනාවක් නොදැනේ
හදවත් කකියවන
පැරණි වේදනාවන්
රිදවයි උල් පිහි තුඩට වැඩියෙන්
පහනක් දැල්වූවා
යදිමින් දෙවියන්ට
නැති වගයි උන්ගේ පඬුපුල් ආසන
මගේ දුකට උණු වෙන්නේ
...
...
ඉතින්
අල්ලා බැලුවෙමි
මා සුරත පහන් දැල්ලට...
නැත පුදුමයක් දෙවියනේ
මටත් නැත දැනෙන්නේ
පිලිස්සුමක වේදනාවක්
ඉතින් කෙලෙසක උණු වෙයි ද
මගේ දුකට ඔබේ අසුන
Saturday, February 2, 2019
රන් ඔටුනු සහ කටු ඔටුනු
හිස දරද්දී රන් ඔටුනු
සිහිවෙයි
පෙර කල දැරූ
කටු ඔටුනු ...
එහි උල් කටු ඇනී
දැනුනු වේදනාවක්
සිහි වී රිදෙයි
මා සිත...
.
.
.
හිසට රන් බර වැඩි වූ කල
ඇනුණු රිදවුණු කටු ද
මිහිරියාවක සෙයකි
මවන්නේ...
කළ පවු වල මහත!
රත්තරන් පසෙක ලා
තියුණු උල් කටු අනින
වේදනාවට ලොබ බඳිනවා
මේ සිත
.
(Image courtesy : HEAVY CROWNS BY
ANNA CORNIFFE: shopannacorniffe.bigcartel.com/)
Subscribe to:
Posts (Atom)