Thursday, December 20, 2012

ඔබට හොරා සිදුවිය හැකි : අනන්‍යතා හොරකම

මතකද ඔබ එදා ඔබේ ගමන් මල්ල කාර්යාලයේදී  අස් - පස් කළා. මල්ල ඇතුලේ තිබුණු කඩදාසි කෑලි , බස් ටිකට්, බිල්පත් සියල්ල දැම්මේ ලගම තියන කුණු කූඩයට. ඒ අතරේ ඔබේ පෞද්ගලික ලියවිලිල්ලක කොටසක් උනත් තියෙන්නට ඇති. ඔබේ  අවශ්‍යතාවය වූනේ ගමන් මල්ල අස්  කරගැනීමයිනමුත් ඔබ දන්නවද දෙවරක් නොසිතා ඔබ ඉවත දැමු ඒ කොළ කැබැල්ලම  ඔබට කරදරයක් වන්නට පුළුවන්.  ඔබට කරදරයක් කරන්නට මාන බලමින් සිටින්නෙකු, කාර්යාලය පිරිසිදු කරන සේවකයාට ඉස්සර  උනොත් කසල බදුන තරමක් අවුස්සා ඔබට අවැඩක් කරන්නට මගක් පාදා ගන්නට පුළුවන්. ඔබත් අනන්‍යතා සොරෙකුගේ ගොදුරක් වන්නට පුළුවන්. අනන්‍යතා සොරකම (Identity  Theft ) යනු ඔබට වැඩිපුර අසන්නට නොලැබෙන, එනමුත් ඔබට විශාල හානියක් සිදුකල හැකි තර්ජනයක්. නවීන තාක්ෂණය සමග නිතිපතා ගැටෙන ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.

ඔබ ඉවතලන පෞද්ගලික ලියවිල්ලක ඇති තොරතුරු, ඔබ මිතුරන් සමග ප්‍රසිද්ධියේ යෙදෙන දුරකථන සංවාද වලින් ඇහිඳ ගන්නා තොරතුරු, කාර්යාලයේ ඔබ අමතක කර යන ඔබේ දිනපොත, තැන තැන තනිකරන ඔබේ ජංගම දුරකථනය පමණක් නොවෙයි ඔබ හුවමාරු කරන ලිපි, - මේල් , කෙටි පණිවුඩ පවා ඔබව කරදරයට පත් කරන්නට පුළුවන්. මෙවැනි කිසියම් ක්‍රමයකින් සොරාගන්නා ඔබේ පෞද්ගලික තොරතුරු භාවිතා කරමින් ඔබේ අනන්‍යතාවය ඔවුන් සතු කරගැනීමත් එමගින් යුතු ප්‍රයෝජන ලබාගැනීමත් මේ සොරුන්ට සුළු දෙයක්. මෙලෙස ලබාගන්න තොරතුරු භාවිතයෙන් ඔබ බියවද්දා කප්පම් ලබා ගැනීමට  වුවත්  ඔවුන්  පෙළබෙන්නට  පුළුවන්.


ඔබ අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කරන්නෙක් නම් ඔබේ ණයපත් අංක , මුරපද ආදිය විවිධ වෙබ් පිටු වලට ඇතුලත් කිරීමේදීත් ඔබ බෙහෙවින් පරික්ෂාකාරී වීය  යුතුයි. යම් හෙයකින් ඔබේ ණයපත් අංකය හා අදාළ තොරතුරු සොරකම් කරගතහොත් ඔබේ අනන්‍යතාවය ඉදිරිපත් කරමින් ගනුදෙනු සිදුකිරීමට ඔවුනට ඉඩ ලැබෙනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් නොවුනහොත් ඔබට වියහැකි පාඩුව ඇති විශාලයිමෙම ක්‍රමවලින් ඔබ්බට යන සමහරක් අනන්‍යතා සොරුන් තමන්ගේ කාර්යය ඉටු කරගැනීම සඳහා යොදා ගන්නේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු. මේ සඳහා පුවත්පතක පලවන මරණ දැන්වීමක තොරතුරු  පමණක් වුවත්   ප්‍රමාණවත්. මෙලෙස මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සොරකම් කරන සොරුන් මැතිවරණ කාලවලට නම් ඕනෑ  තරම්.

අනන්‍යතා සොරකමින් ආරක්ෂා වීම හරම්ම අසීරු කාරණයක් නොවෙයි. සිදුකල යුත්තේ ඔබේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් වීම පමණයි. ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම ඔබ ආරම්භ කල යුත්තේ ඔබේ නිවසේ ලියුම් පෙට්ටියෙන්. ඔබේ ලිපි ඔබේ අතටම ලබාගත නොහැකිනම් යතුරු දමා වැසිය  හැකි ලියුම් පෙට්ටියක් භාවිතා කිරීම නුවණට හුරුයි. නිවසේ තිබෙන වැදගත් ලියකියවිලි, ඔප්පු තිරප්පු, බැංකු පොත් ආදිය යතුරු දමා වාසිය හැකි ස්ථානයක සුරක්ෂිතව තැබිය  යුතුයි. අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කරන විට විශ්වාසවන්ත වෙබ් පිටුවලට පමණක් ඔබේ තොරතුරු ඇතුලත් කිරීමට වග බලාගන්න. ඔබට නැවත අවශ්‍ය නොවන ලිපි ලේඛන විනාශ කර දමන්න.නිවසින් පිටතට යාමේදී ඔබේ බැංකු කාඩ්පත්, හැදුනුම්පත් අඩංගු පසුම්බිය ආරක්ෂා කරගන්න. ඔබේ කාරය නවතා ඉන් බස යන විට තවත් කෙනෙකුට ලඟා වියහැකි පරිදි එතුල ලියකියවිලි දමා යාමෙන් වලකින්න. එලෙසම කාර්යාලයේදී සෑම  විටකදීම ඔබේ පරිගණකයේ  දත්ත වලට  තවත් අයෙකුට  ප්‍රවේශ වීමට ඇති හැකියාවන් අවුරවන්න. පරිගණකයේ, විද්‍යුත් තැපෑලේ, ෆේස්බුක් ගිණුමේ මුරපද සුරක්ෂිතව තබාගන්න. කිසිලෙසකින් හෝ ඔබ මෙවැනි අනන්‍යතා සොරකමකට ලක්වුවහොත් වහාම පොලිසිය ඒ පිළිබඳව දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න. ඔබේ බැංකු ගිනුමක තොරතුරු හෝ ණය  කඩ්පතක තොරතුරු අන්සතු වුවහොත් අදාළ බැංකුව හැකි ඉක්මනින් දැනුවත් හැකි ඉක්මනින් දැනුවත් කිරීමට වග බලාගන්න.


ඔබේ ආරක්ෂාව පිළිබඳව වගකීම සෑමවිටකදීම ඔබ සතුයි. යමක් සිදුවු පසු තවත් පාර්ශවයකට චෝදනා කිරීමෙන්  කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නැහැ. ඔබේ කරලයේදී හෝ වැඩබිමේදී ඔබට කිට්ටුවන අලුත් මිතුරන් ගැනත් සැලකිලිමත් වීමට අමතක කරන්නට එපා.  ඔවුන් මිතුරු වෙස් ගත පස මිතුරන් විය හැකියිසැම විටකදීම දුර දකින්නෙකු වෙන්න. ඔබට වියහැකි අනතුරු වලින් ආරක්ෂාවීමට හැකි සෑම  පියවරක්ම   කරන්නමීළඟ වාරයේදී  තැකීමකින් තොරව ඔබ විසිකර දමන්නේ ඔබේම අනන්‍යතාවය බව මතකයේ තබාගන්න.


No comments:

Post a Comment