Tuesday, December 18, 2012

පා පුවරුවේ යන්නේ ඔබ - ප්‍රමාද වෙන්නේ අනිත් මගීන්ට


සෙනග ඉතිරෙන බස් රථයේ අසීරුවෙන් එහෙට මෙහෙට යන කොන්දොස්තර මහත්තයාගේ කරච්චලේ එක වෙලවකට මගීන්ට වදයක්. හේතුවක් ඇතුවත් සමහර විට හේතුවක් නැතුවත් පුරුද්දකට වගේ කොන්දොස්තර මහත්තුරු හුගක් විට කෑ ගසමින් මගීන්ට තරවටු කරනවා. මේ අතරට මෑතක ඉදල එකතු වුනු තවත් දෙයක් තමයි පා පුවරුවේ යන්න එපා කියන දේ. පා පුවරුවේ මගීන් එල්ලාගෙන පැත්තට බරවුණු බස් රථ ඉස්සර නම් හරිම සුලබ දසුනක්. දැන් පොලිසියේ මහත්වරුත් පා පුවරුවේ මගීන් එල්ලිලා යන එක වලක්වන රාජකාරියට අත ගහලා නිසා දැන්නම් මේ දසුන තරමක් දුර්ලබයි.
පා පුවරුවේ ගමන අපේ පිරිමි ළමයින්ට වීර ක්රියාවක් වගේ දැනුනට දේ බෙහෙවින්ම භයානකයි. සමහර පිරිමි ළමයි පා පුවරුවේ එල්ලිලා ගෙදරට ආවම එකත් සලකන්නේ වීර ක්‍රියාවක් විදියට. වේගෙන් යන බස් රථය එක්වරම තිරිංග තද කළා නම් වීරයාට යන්න වෙන්නේ ගෙදර නෙවෙයි ඉස්පිරිතාලෙට. කොන්දොස්තර මහත්තයටත් රියදුරු මහත්තයාටත් කන් දීලා බස් රිය ඇතුලට වෙන එක හරි බැහැල ඊළඟ බස් රථයේ ගෙදර එන එක තමයි නුවනට හුරුම දේ.  
ඔබ පා පුවරුවේ හෝ එල්ලිලා බස් රථයේ එන්නට හදන්නේ ඉක්මනින් යන ගමන යන්නයි. නමුත් අතරමගකදී පොලිසියෙන් නතර කෙරුවොතින් පමා වෙන්නේ ඔබට පමණක් නොවෙයි. බස් රථයේ ගමන් කරන අනික් මගීනුත් ඔබ නිසා නිවසට හෝ රාජකාරියට යන්නේ ප්‍රමාද වෙලා. ඔබේ ජීවිතයට ආදරය නැති උනත් අනික් මගීන්ගේ පහසුව ගැන සිතා බලා හෝ පා පුවරුවේ යාමෙන් වලකින්න. ඔබ නිසා කොන්දොස්තරත් රියදුරු මහතාත් අනෙක් මගීනුත් අපහසුතාවයට ලක්කරන්නට එපා.


No comments:

Post a Comment