Tuesday, December 18, 2012

ලෝක විනාසෙ!


මේ දවස් වල කවුරු එක්ක කතාබහ කලත් කොහෙන් හරි කරකවලා එන්නෙම එකම මාතෘකාවට. 'ලෝක විනාසේ'. මේක  21 වෙනිදා වේවිද? නැද්ද? සමහර දෙනෙක් ස්ථීරවම කියන්නේ 21 වෙනිදා කිසිම හානියක් වෙන්නේ නැහැයි කියලයි. ඒ අතරේ තවත් කොටසක් බය වෙලා හිටියත් ඒ බය පෙන්නන්න ලැජ්ජයි. ලැජ්ජාව පැත්තක තියල තවත් ටික දෙනෙක් හිතේ හැටියට එළිපිටම හොඳහැටි බය පෙන්නනවා. පන්සල්, පල්ලි, කෝවිල් ගානේ දිග පෝලිම්. මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය නිසා මේ අයගේ හදගැස්ම තවත් ටිකක් වැඩි වෙලා.

මේ දවස් වල සාමාන්‍ය පෙළ කරන නංගිලා මල්ලිලා නම් ලෝක විනාසේ 21 වෙනවට හුගක්ම අකමැතියි වගේවිබාගේ ඉවර වෙලා හුස්මක් ගන්නත් කලින් අනික් පැත්තට ලෝක විනාසේ. මස ගණනක් පුරාවට මහන්සි වෙලා මහන්සි වෙලා , ඒ මහන්සිය නිවාගන්න තියන කාලේ ලෝක විනසෙකට සුදානම් වෙන්න කවුද කැමති? විබාගේට හරි හැටි මුහුණ නොදුන්න අයනම් ලෝක විනාසේ ප්‍රතිපලත් එක්කම  එක්කම ඒවි, කිසිම සැකයක් නැහැ. උසස් පෙළ ප්‍රතිපල එනකම් මග බලන් ඉන්න කණ්ඩායමට උනත් තියෙන්නේ මේ ගැටලුව තමයි.
චිත්‍රපටි බලල බලලා ලෝක විනාසේ සිද්ධවෙන හැටි ගැන හොඳ අවබෝධයෙන් ඉන්න යට අනම් මේක සුළු දෙයක්. ලෝක විනාසේ සිද්දවෙන්න පටන් ගන්නේ කොහෙන්ද, කවදද, ලෝක විනාසේ අවොත් එකෙන් ගැලවෙන්නේ කොහොමද කියලත් මේ අයටනම් හොඳ අවබෝධයක් තියනවා. ඒ නිසා මේ ගැන  ඔවුනට කිසි තැකීමක් නැහැ. ඕනෙම වේලාවකදී ඔහේ ඕනේ දෙයක් වෙච්ච දෙන කියල ඉන්න උදාසීනයන්ටත් ලෝක විනාසේ ඇති අරුමයක් නැහැ. ලෝක විනාසෙට වැඩ ලොකු දෙයක් සිද්ද උනත් ඒ උදවිය ඔය විදියටම ඔහේ බලාගෙන ඉදීවි.
ලෝක විනාසේ පිට පටවලා තමන්ගේ වැඩ යුතු පාඩු කරගන්න කෙනෙක් ඉන්නවනම් ඒ දේ නම් එතරම් සුබ කටයුත්තක් නෙවෙයි. තමන්ගේ වැඩ මග අරින්න ලෝක විනාසෙත් අපුරු හේතුවක් කරගත්තු ටික දෙනෙකුත් අපි අතරේ නැත්තේම නැහැ. ලෝක විනාසේ නාවොත් ඊට පහුවෙනිදට ඒ උදවියට මොනවා හිතේවිද ? ලෝක විනාසය කවදා කොහොම උනත් අපි අපේ ගමන නිවැරදිව යමු. අපේ වැඩ රාජකාරි වලට බාධා කරන්නට මායවරුන්ටවත් , අපේ පෘතුවියේ ගැටෙන්නට එන නිබිරුටවත් ඉඩ දෙන්නේ ඇයි ? 21 ලෝක විනාසේ උනත් නැතත් අපි ජීවත් වෙන පුරාවට අපේ ජීවිතය නිවැරදිව ගත කලොත් පමණයි අපට ඕනෙම විනසේකට බය නැතුව මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ.

21
වෙනිදා  කොයිවගේ දෙයක් සිද්ධ වුනත් ඒ වනතුරු කාලය බයටම දියකරලා අරින්නේ නැතිව ප්‍රයෝජනවත් දෙයකට වැයකරනවා නම් එයින් ඔබටත් යහපතක් වේවි



No comments:

Post a Comment