Tuesday, December 11, 2012

දෙමව්පියන්ගේ රැකවරණය නොසිතු ලෙස අහිමි වී ගියහොත් ?

දරුවන්ට දෙමව්පියනුත්, දෙමවුපියන්ට දරුවනුත් තරමට වටිනා වස්තුවක් මේ මිහිපිට තවත් නොවේ. දෙමව්පියන්ගෙන් දරුවනට ලැබෙන සෙනෙහස සහ රැකවරණයට සම කල හැකි අන් කිසිවක්ද නොමැත. මව් පිය සෙනහස දන්නා කෙනෙකුට මේ පිළිබඳව පුන පුනා කියා දැක්වීම අර්ථයක් රහිතය. මව් කුස ඔබ පිළිසිද ගත දිනයේ පටන් ඔබ වෙනුවෙන් ඔවුන් කල ඇති මෙහෙය වචන කිහිපයකින් විස්තර කිරීම කිසි ලෙසකින් වත් කල නොහැක්කකි. කුඩා බිලිදුන් කසල ගොඩවල, ගං ඉවුරුවල අතරමන් කර යන මව්වරුන් සිටින සමාජයක, දහසක් අපහසුතා මැද  ඔබ රැක  බලා ගැනීමම ඔවුන්ට දිවිය පුරාවටම කෘතවේදී වීමට ප්‍රමාණවත්ය. දෙමව්පියන්ගේ සෙනෙහස සහ ආශීර්වාදය උපරිමයෙන් ලබා ගන්නට හැකි වන්නේ උපරිම  වසනවන්තයින්ට පමණකි. දෙමව්පියන්ගේ රැකවරණය නොසිතු නොපැතූ ලෙස අහිමි වී ගියහොත් ? එවැන්නක් සිදුවීම ගැන කතා කරන්නට නොව සිතන්නටවත් සිත ඉඩ නොදේ. නමුත් මව හෝ පියා හෝ මව පියා දෙදෙනාගේම රැකවරණය අහිමි දරුවන් සමාජයේ දුලබ නොවේ. මව්පිය රැකවරණය අහිමිව ගියද ජීවිතය අසාර්ථක කර නොගෙන සාර්ථකව එයට මුහුණදී ජය ගත්තෝ බොහෝය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගන්නට හැකි වන්නේත් තමන්ටමයඔවුන්ගේ වියෝවකදී දැනෙන වේදනාවට සම කල හැකි වේදනාවක්ද නොවේ.

 
ඔබ නොසිතු මොහොතකදී මවගේ හෝ පියාගේ රැකවරණය අහිමි වුවහොත්:

දුක තුනී කර ගැනීමට ඔබට අවශ්‍ය  තරම් කාලය ලබාගන්න

 එක්  එක්  පුද්ගලල්යින්ට දුක තුනී කරගැනීම සඳහා විවිඩ  කාල සීමාවන් ගතවේ.සමහරෙක් ස්වභාවයෙන්ම ඉක්මනින් දුක තුනී කරගැනීමට සමත් වුවත් සමහරෙක් ඒ සඳහා දිගු  කාලයක් ගත කරයි. ඔබ ගැටෙන්නේ ඔබේ දිවියේ මුහුණ දීමට සිදුවන විශාලම වියෝවක් සමගය. එම නිසාම ඒ දුක තුනී කරගැනීම සරල නොවන ක්‍රියාවලියකි. ඒ සදහා ඔබට අවශ්‍ය තරම් කාලය ලබාගන්න.

හිතවතෙකුට කතා කරන්න, ඔබේ හිතේ ඇති දේ පවසන්න 



ඔබේ හිතේ ඇති ශෝකය සිත තුලම හිර කරගෙන පීඩා විදිනවට වඩා  ලගම මිතුරෙකුට හෝ හිතවතෙකුට ඒ පිළිබඳව පවසන්න. එය ඉක්මනින් දුක තුනී කරගැනීමටත් ඔබට උදව්වක් වේවි. හිතවතෙකුට කතා කිරීමට අකමැති නම් ඔබේ පාසලේ හෝ රැකියා ස්ථානයේ ඔබ වෙනුවෙන් රැදී සිටින උපදේශයෙකුට කතා කරන්න. දැන් අප රටේ බොහෝ පාසල් වල සහ රැකියා ස්ථානවල ඔබේ ගැටළු කතා බහ කරගැනීම සදහා විශේෂ උපදේශකවරයෙකු සිටීම සුලබව දැකිය හැක්කක්.


පිරිහුණු ශක්තිය ක්‍රමයෙන් නැවත ගොඩ නගා ගන්න.
  මව්පියන්ගේ වියෝවකදී ඔබව අධෛර්යයට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් සදාකාලිකවම දුකින් දුර්මුඛව සිටීමෙන් ඔබට හෝ මියගිය දෙමව්පියන්ට ප්‍රයෝජනයක් නොමැත. මියයන්නට පෙර මව්පියන් ඔබ කෙරෙහි තැබූ බලාපොරොත්තු අපමණය. ඔබ සදාකාලිකවම දුකින් පීඩා විදින අයෙකු වනු දැකීම ඔවුන්ගේ බලාපොරොත්තුව නොවේ. දුක තුනී කරගන්නට ගන්න උත්සහයීදීම, ඔබ කලින් ගත කල ජීවිතයටම නැවත ගමන් කිරීමට උත්සහ කරන්න. වැටුණු තැනින් නැගිට ඔබේ කටයුතු මැනවින් ඉටු කරගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගන්න.

පුර්ව දේවතාවා හැමදාමත් මතකයේ තබා ගන්න



අද ඔබ ළඟ සිටියේ නැතත් ඔවුන් නිරතුරුවම ඔබේ දිවියේ කොටසක් වීම වැළක්විය නොහැක. මන්දයත් ඔබ අද සිටිනා තත්ත්වයට පැමිණීමට පදනම කැපුවේ ඔවුන්ය. ඔවුන් සමග සතුටු වුනු අවස්ථාවන් හැමදා මතකයේ තබාගන්න. ඔවුනට ඔබේ හදවතේ ඇති ස්ථානය හැමදාමත් සුරක්ෂිත කරගන්න.

 ඔබ, ඔබ ගැන පෙරට වඩා සැලකිලිමත් වන්න.

මව්පියන් අහිමිවීමකදී ජීවිතය පිළිබඳව කලකිරීමට පත්ව තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව ඇති සැලකිල්ල අඩු නොවීමට වග බලාගන්න. කෑම කෑවාදැයි  අසන්නට බලන්න මව හෝ පියා නොමැති නිසාම වෙලාවට ආහාර ගැනීමට ඔබම ඔබට මතක් කරගන්න. පෙර පරිදිම ව්‍යායාම කරන්න. විවේක ගන්න. ඔබ ගැන පෙරට වැඩ සැලකිලිමත් වන්න. මීට අමතරව ඔබ අදහන ආගමකට අනුව ඒ ඒ පුජනීය ස්ථානයකට ගොස් පින්කම් කිරීම, අලුත් විනෝදාංශයක් ඇති කර ගැනීම, ලොව සාර්ථකව දුක දින ජයගත්තවුන්ගේ කතන්දර කියවීමෙන් ඔවුන්ගේ අත්දැකීම් ඔබේ කරගනීමෙනුත් ඔබට නැවතත් ශක්තිමත්ව නැගී සිටින්නට අත්වැලක් වේවි.


No comments:

Post a Comment