Wednesday, August 13, 2014

අපේ පාරේ මන්ත්‍රීතුමා

මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය

යන එන මඟදි  හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන  කැළි - කසල ගොඩ 
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද

සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල්  කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා

ටෙන්ඩර  බෙදන  දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය  කලගුණ අමතක නොවෙන 
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද



8 comments:

  1. මන්තිරි අපිට බොන්නට කන්නට දෙනවා
    එතුමගෙ නමට අපි කුණු කඳු උහුලනවා
    කුණු කඳු රකින්නට එතුමා වලිකනවා
    දැන් මදුරුවොත් එතුමට චන්දය දෙනවා

    ReplyDelete
  2. මදුරුවෝ කනට කරල මුමුනන්නේ මන්ත්‍රීතුමාගේ ගුණ වෙන්න ඕනේ!

    ReplyDelete
  3. කොයි පාරේ මංත්‍රියත් ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  4. හැමදේටම එහෙයි කියන එක නෙව අපේ ඈයන්නෙපුරුද්ද
    ඉතිං මන්තිරියෙක් කිවොත් මේ තියෙන්නෙ කොම්පොස්ට් වෙන්නය කියල
    එහෙයි
    කියල කියයි

    ReplyDelete
    Replies
    1. අපේ පාර නම් දැන් කොම්පෝස්ට් තවානක් වගේ ;)

      Delete
  5. මාතලන්ගේ ඔත්තුවකින් ඇවිත් පස්සට පස්සට කියවාගෙන යන ගමන්. මෙතන නතර වෙලා සටහනක් දාන්න සිත බල කලා.

    මන්ත්‍රී ලාගේ මව් බිසවුන් නම් නිතර මතක් වේ

    ReplyDelete