ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...
කුඩයක් අත නොවූ මා
මහා වැස්සෙන්
තෙත් බරිත වීමී...
කා වැදුණු සීතල
උහුලා ගත නොහී
වෙවුලුම් කන්නට විය
මුළු සිරුරම...
තෙත් බරිත වුනු
ඇදුම් බර දරන්නට නොහී
මගේ දෙපා
කිමිදෙන්නට විය
මඩ වුණූ මහ පාර මැද...
හදිසියේ දුටුවෙමි...
විසල් කුඩයක් යට
දෑස ද විසල් කරගෙන
ඔබ බලා සිටිනවා
නොතෙමී ...
අද මහ වැසි නැත.
සෞම්යය පරිසරය.
නමුත් ... ... ...
අඬගසයි ඔබ
සෙවණ දෙන්නට
ඔබේ විසල් කුඩයේ...
විසල් කරගෙන
මගේ දෑස
සිතමි මම ...
පෙරදා වැස්සට
සෙවණ නොලැබුණ
කුඩයේ සෙවණ
කුමක් කරන්නද
වැසි නැති දා මට ?
යුද්දෙට නැති කඩුව වගේම නේ..
ReplyDeleteNice picture !
ReplyDeleteදත් නැති දා උක් දඬු ගිනි තපින්නද?
ReplyDeleteහිත බිඳුණු පසු ...?????
කවිය හොඳයි පින්තූරය හොඳා.............යි :)
ReplyDeleteහැමදාමත් වගේ ඔබේ නිර්මාණය හරිම ලස්සනයි... කියන්න කිසිම දෙයක් නැහැ. ඒ තරම් අගෙයි..............
ReplyDelete:)
DeleteHi nice readiing your post
ReplyDelete