Thursday, January 22, 2015

මඟුල් පරක්කුව

පහුගිය දවසක රැකියාවේ වැඩකට මිරැන්ඩා හේමලතා මහත්මිය මුණගැහෙන්න යන්න අපට සිද්ධ වුනා. අපි ඇගේ  නිවසට ගිය අවස්ථාවේ ඇය  අපේ පැරණි ජන ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යයනය කරමිනුයි හිටියේ.ඇය අධ්‍යයනය කරමින් හිටිය උපකරණ සියල්ල මුල් උපකරණ අදේශයෙන් ඇය  විසින් තනා ගත් ඒවා. ඒ අතර තිබුණු මඟුල් පරක්කුව ගැන ඇය අපට රසවත් කතාවක් කිව්වා.

"මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ක්‍රීඩාවක්. ඉවසීම නැති කෙනෙකුට මේක අවසානය වෙනතුරු ක්‍රීඩා කරන්න බැහැ. මඟුල් පරක්කුව කියල මේකට නම වැටෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉස්සර මඟුල් බලාපොරොත්තුවක් තියාගෙන පිරිමි දරුවෙක් තමන්ගේ ගෙදරට ආවම ගැහැණු  දරුවාගේ තාත්තා, දුවව පෙන්නනන්න කලින් පිරිමි දරුවට දෙන්නේ මේ මඟුල් පරක්කුව. මේ ප්‍රේහෙලිකාව පිරිමි දරුවා විසඳන විදියෙන් ඔහු තේරුම් ගන්නවා මේ පිරිමි දරුවා තමන්ගේ දුව දෙන්න තරම් සුදුසු ඉවසිලිවන්තයෙක්ද කියල."

ඇය කියන්නේ අපි දැනට බටහිරින් එන බුද්ධි වර්ධන උපකරණ වලට වැඩ බොහොම දියුණු උපකරණ අපේ ගැමියන් අතර භාවිත වුනත්, අපේ අවාසනාවකට මේ දේවල් අභාවිතය ගිහින නිසා, බටහින් එන උපකරණ අපිට මැජික් වගේ පේනවා කියලයි.

මේ පින්තුරේ තියෙන්නේ හේමලතා මහත්මිය හදාගෙන තියන මඟුල් පරක්කුව. මේ විසඳලා ඉවර වුනු මඟුල් පරක්කුවක්.



පහල තියන පින්තුරේ ලංකාදීප පත්තරේ පළවුණු එකක්. මගුල් පරක්කුව විසඳගන්න එක ආකාරයක  පියවර එකේ පෙන්නලා තියනවා.
(http://www.lankadeepa.lk/index.php/articles/107523)


රුපයේ පෙන්නලා තියන ආකාරයට කෙලවරේ තියන හතරැස් ලොකු කොටස ඉදිරියේ තියන විවෘත කොටසින් එලියට ගැනීමයි කල යුතු වන්නේ. මේක විසඳන එක සංකීර්ණ බව මේ රූපයෙන්ම පේනවා.

මේ ගැන උනන්දුවක් ඇති වුනු නිසා අන්තර්ජාලය හරහා තව තොරතුරු ටිකක් හොයල බැලුවා. බොහොමයක් ලිපිවල තිබ්බේ මඟුල් පරක්කුව විවාහ මංගල උත්සව වලදී චාරිත්‍ර සිදු වෙනකම් ඥාතින්  කාලය ගත කරන්න භාවිතා කල දෙයක් කියලයි. ඒ පිලිබඳ වීඩියෝවක් පල්ලෙහා තියෙන්නේ.

https://www.facebook.com/video/video.php?v=822338384491965

තව තොරතුරු දන්නවනම් පහලින් ලියලම යමු...

6 comments:

  1. ආආ මේකට එහෙම ඉතිහාසෙකුත් තියනවාද... මං ඔයවගේ ගේම් එකක් නම් ගහලා තියේ phone එකේ නම් :D

    ReplyDelete
  2. මඟුල් පරක්කුවේ අරමුණ දැන් කාලේට නම් සෑහෙන්න ගැලපෙනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. හේ හේ . ගෑනු ළමයින්ට ජංගම මඟුල් පරක්කුවක් දීලා තියන්න ඕනේ ;)

      Delete
  3. දුවව ගන්න ගියහම මාමණ්ඩි මේක දුන්නහම උඹේ දුව උඹම තියාගනින් කියල දමලා ගහලා ආපු කීදෙනෙක් ඉන්නඩද දන්නේ නෑ.....

    ReplyDelete
  4. දැන් කාලෙ නං එහෙම වෙන්ඩ ගොඩක් ඉඩකඩ තියනව ..'' අංකලයට පිස්සුද කොහෙද වයසට යනකොට කෙල්ලටත් එහෙම වෙයි කියල හැරිල එයි ''

    ReplyDelete
  5. අඩේ... මේක පසල් එකක්නේ... මරු මරු... ඔහොම එව්වා ලෙහාගන්න උදවිය ගෑනු ගැටවලට අහුවෙනවා එක පාරින්ම... නැද්ද?

    ReplyDelete