Tuesday, March 10, 2015

ඉතිරිව ඇති එකම පැණය

සබඳ,
ඔබෙන් අසන්නට 
ඉතිරිව ඇත්තේ 
තව එක් පැණයක් 
පමණකි ...

මා ඔබේ සොඳුරිය 
නොවුනේ නම් 
රෑ සිහිනෙන් විත් 
ඉඳ හිට 
හිස අතගා-මා සනසා 
යන්නට එන්නේ කිම 

මා රිදවන්නද ?
මා රවටන්නද ?

ඔබෙන් අසන්නට
ඉතිරිව ඇත්තේ
තව එක් පැණයක්
පමණකි!

5 comments:

  1. තවත් එකක් තියේද?

    ReplyDelete
  2. මමනම් මේ ලගදී ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නා.....
    කවිය එළ...ජය වේවා....

    ReplyDelete
  3. මුලදී පැනය අහල තවත් එකම පැනයක් අසන්න තියේ කියද්දී කොහොමද කියන්නේ //තව එක් පැණයක්
    පමණකි!// කියලා

    ReplyDelete
  4. ඒකයි කිව්වාට පැණ දෙකක් තියෙනවා වගේ..

    ReplyDelete