Friday, April 10, 2015

(අ)මිහිරි අවුරුදු!

කණ  හිරිවට්ටන
කොවුලාගේ නාදේ
මතකද  ඉස්සර
සුමිහිරි ගැයුමකි

හතර කොනට
අපි හතරක් උන් කල
මතකද  රස පිරි
අවුරුදු මේසෙකි

අලුත් ඇඳුම් ඇඳ
ලිප මොළවන කොට
මතකද සරුවට
කිරි උතුරපු හැටි

එරබදු මොකටද
වැට ළඟ පිපිලා
අද ඔබ නැති කල
හිත ළඟ සුසුමෙකි!

2 comments:

  1. දැන් ඒ හැමදෙයක්ම ඈත් වෙලා ගිහිල්ලා.. කරන්න ඕනම හන්දා කරන චාරිත්‍ර ටිකක් විතරයි දැන් තියෙන්නේ..

    ReplyDelete
  2. අැත්තට ම දැන් කොහා නැහැ නේද????? කොහාට වේකන්සි ඒමට......

    ReplyDelete