Monday, June 1, 2015

නිදහස් මානවකය,


බැමි ඇති
බැමි නැති
බැමි අතහැර නැති
ලතැවෙන
කැළඹෙන
සිතුවිලි
ඉම නැති...

ඒ හැම අතරෙහි
මා ඔබ දුටුවෙමි!

ඇති බැමි
නැති බැමි
කිසිවක් වග නැති
ඔබ ලොව දස අත
ඔහේ ඇවිද යති
නිදහස් අදහස්
වටකළ  බැමි නැති
ඔබේ දිවිය ගැන
කිම මා බැඳ ඉසි?


2 comments:

  1. First Knight චිත්‍රපටිය මතක් වුණා...!!

    ReplyDelete
  2. බැමි නැති ජීවිතයක් හරිම නිදහස්..

    ReplyDelete