Friday, July 3, 2015

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

අද අහස අඳුරුය.
ඛේදසහගතය.
මගේ හදවත වාගේය

මොහොතකින් වැසි බිඳු
වැටී මහා පොළොවට
හෑල්ලු කරාවි ඔබේ බර

මොහොතකින් යලි ඉර
බබලාවී අහස මැද
කිසිදිනක වැසි වලා නොදුටු සේ

කඳුළු මට නැත
සිඳී ගොස් ඇත
ඉදින් මා හැමදාම අඳුරුය
නොපායාවි නැවත ඉර

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

5 comments:

  1. හැමෝමට වෙලාවකදී අහස ගැන ඉරිසියා හිතෙනවා බන්!!

    ReplyDelete
  2. හැමෝම කෙළ හලන
    සඳ තියාගෙන අහසෙ මැද
    ඔච්චමට වගෙ විරිත්තනකොට
    අහස මට උඹ ගැන ඉරිසියා හිතෙයි

    හිහි

    ReplyDelete
  3. ලස්සනයි............. හැබැයි දුකයි තමයි

    ReplyDelete
  4. අහස ගැන මටත් ඉරිසියා හිතේ

    ReplyDelete