Wednesday, September 23, 2015

"ඔබ ඔය කියන 'ප්‍රේමය' ගැන මමත් හොඳින්ම දන්නවා"






(i)
එක් සිකුරාදාවක ඉඳන් 
තවත් සිකුරාදාවකට 
නොඉවසිල්ලෙන් 
දින ගැනපු කාලයක් 
කාලෙකට පෙර 
මටත් තිබුණා
නොඇසුවාට කවුරුත්...

වැසි බර අහස් කුස දෙස 
නියවමින් බලමින් 
වැහි දෙවියන්ට නෝක්කඩු කියන
සතියේ අග දවස් 
බොහෝමයක් තිබුණා
කාලෙකට පෙර 
නොදැක්කාට කවුරුත්...

****************
(ii)
ප්‍රේමය විෂයයෙහි 
මා කිසිත් නොදනිතැ'යි
පාරම් බාන ඔබැ'විත් 
උදුරා ගන්න කළියෙන් 
'මට' අයිති සිකුරාදාවල් 
බොහෝමයක් තිබුණා
මට... 
නොදන්නවාට කවුරුත්! 

*****************
 (iii)
වැස්සත් නොවැස්සත් 
හැම සිකුරාදා ම දැන්
වැහි දෙවියන් ඉන්නේ
හිතේ සැනසිල්ලෙන්!  


4 comments:

  1. සුපිරියි............ අගෙයි....

    ReplyDelete
  2. නියමයි..... තුන් පාරක්ම කියවන්න උනා.....

    ReplyDelete
  3. ප්‍රේමය මෙයැයි
    ටියුෂන් තබන්නා ළග
    නොමැති වේ ප්‍රේමයක්..
    ප්‍රේමයට බුහුණන් මිස
    දුහුනන් නැති වග අදහමි..
    ප්‍රේමය විකුණන්නෝ ඇති වග
    නොතකා හරිමි....
    අනන්ත ප්‍රේමයක
    කදෝකිමියෙකුව සැරිසරමි

    ReplyDelete
  4. මගේ නොවන මගේම ආදරයක් තිබුනාද?

    ReplyDelete