Monday, February 15, 2016

මහත්තයෙක් වෙන්න හැමදාම 'ටයි' එකක් අඳින්න

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. හැමදාම ලස්සනට අඳිනවා. කවුරුත් මුණ ගැහුනත් නැතත් ටයි එකත් අඳිනවා. කොන්ඩෙ ලස්සනට පාට කරලා පීරනවා. යන යන තැන බඩු මුට්ටු උස්සගෙන යන්න අතවැසියෙක් ඉන්නවා.

තව මනුස්සයෙක් ඉන්නවා. එයා ලස්සනට අදින්නේ විශේෂ කටයුත්තක් තිබුනොත් තමයි. අනිත් දවසට සාමාන්‍ය කමිසයක් කලිසමක් සරල විදියට ඇඳගෙන වැඩට එනවා. සමහරවිට එකම කමිසය සතියට දවස් දෙකක් අඳිනවා. වැඩ වැඩි දවසට කොන්ඩේ උනත් හරියට පීරිලා නැති ගතියක් තියනවා.

මේ දෙන්නම සම තනතුරු දරන, එක අධ්‍යාපන මට්ටමේ උදවිය. පවුල් පසුබිමත් සැහෙන දුරට සමානයි.

ටයි දාන පුද්ගලයා තමන් යටතේ වැඩ කරන අයට දැනෙන්න සලස්වනවා ඒ අය ඔහුගේ සේවකයෝ බව. තමන්ගේ තත්ත්වය ඉහල එකක් බව ආයාසයෙන් දැනෙන්නට අරිනවා. මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා. අණ දෙනවා. අණ පැහැර හැරියොත් දඩුවම් ලැබෙනවා, අඩු තරමින් අපහාසයක් වත් ලැබෙනවා.

ටයි නොදාන පුද්ගලයා මිනිස්සුත් එක්ක වැඩ කරනවා. රියදුරා එක්ක උනත් එකට වාඩි වෙලා කෑම කනවා. තමන් යටතේ වැඩ කරන අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ අයත් තමන්ගේ මට්ටමේ සමාන කරලා සලකනවා. වරදක් උනොත් හේතු හොයනවා. තරවටු නොකර පිලියමක් හොයන්න උදව් වෙනවා.

එකම වටපිටාවකින් එන, එකම අධ්‍යාපනයක් ලබපු දෙන්නෙක් ඇයි දෙවිදියක්? මම ගොඩක් කලපනා කළා. අන්තිමටයි තේරුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල. වෙන හේතුවක් හොයාගන්න බැහැ. හේතුව 'ටයි' එක.

කාලයක් ටයි එක දැම්මම එකේ රස්නේ හදවතට වදිනවා. ඉතින් හදවත රත්  වෙනවා. ඉතින් මනුස්සකම කර වෙනවා. හැබැයි ඔයා සමාජයේ වැදගත් මහත්තයෙක් බවට පත්වෙනවා!

ඉතින්, තත්ත්වේ රැක ගන්න ඕනේ නම් ඔයාලත් දිගටම් ටයි එකක් දාන්න. එක දිගට හැමදාම! එකෙන් ඔයාගේ සමාජ තත්වයත් ආරක්ෂා වෙලා අනිත් අයට වඩා උසස් කෙනෙක් බවට පත් වෙයි.







8 comments:

  1. ඔබේ අඩවිය අපේ සිංඩියේ ස්තාපනය කරන ලදි..
    http://karakoppuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සිංහ මචන්

      Delete
  2. කතාව ඇත්ත... තාම අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ බාහිර පෙනුම බලලා මිනිස්සු මනින්න... ඉතින් අපිට මගහැරෙන සැබෑ මිනිසුන් බොහොමයක් ඉන්නවා.......

    ReplyDelete
    Replies
    1. අනාගතෙත් ඔහොමම වෙයි. කවුරුත් බාහිර පෙනුමට රැවටෙනවා. මට දැනගන්න ඕනේ මිනිස්සු ලොකුකම පෙන්නලා රැක ගන්න හදන්නේ මොනවද කියල

      Delete
  3. batahira ratawala minissu tie paladinne seethalen araksha wenna. mehe dadiya peragena samahara mahaththuru tie dagana innawa dakkama hina yanawa..)) pissu thama..))

    ReplyDelete
  4. ඔතන තියෙන්නේ ටයි එකේ වෙනස නොවේ.ඊට වඩා ගැඹුරු කරුණක්,පුද්ගලයන් දෙදෙනාගේ ජානමය වෙනස් කම්,හැදුනු වැඩුණු පරිසරය ආදී බොහෝ දේ මේ වෙනස් කම් වලට හේතු වෙනවා. ඇත්තෙන්ම මේ දෙදෙනාම වැරදි නැහැ.මේ දෙදෙනාම නායකත්ව ගුණ ඇති දෙදෙනෙක්...

    ReplyDelete
  5. ඉතින් ඇයි මේ ආනන්දේ ටයි එකක් මෙතන දාල තියෙන්නෙ? :D

    ReplyDelete
  6. බාහිර පෙනුම ගොඩක් වෙලාවට මිනිස්සු මනින මිම්මක් වෙලා

    ReplyDelete