Monday, April 25, 2016

සතුටු හිතෙන බස් කතා


www.deviantart.com

බස් එකේ මගේ එහා පැත්තෙන් මැදි වයසේ පිරිමි කෙනෙක් වාඩි වුණා. වෙලාව රෑ 7 පහුවෙලා. කරුවල වැටිලා. බස් එක ඇතුලේ ලයිට් දාලා තිබුනත් එච්චර එළියක් තිබුනේ නැහැ. ඒ මනුස්සය වාඩි වෙලා මිනිත්තුවකින් වගේ කොන්දොස්තර ආව ටිකට් ගන්න. අර මනුස්සයා ඒකට කලින්ම ලෑස්ති වෙලා නොට්ටුවත් දික් කරගෙනයි හිටියේ.

"කිරිබත්ගොඩට"

කොන්දොස්තර සල්ලි නොගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.

"ඇයි අංකල් කිරිබත්ගොඩට යන්න ඔච්චර සල්ලි දෙන්නේ?"

මේ මනුස්සයා රුපියල් 50ක් කියල දික් කරලා තියෙන්නේ 1000 කොලයක්. එයා ඒ නෝට්ටුව ඇස් දෙක කිට්ටුවටම අරන් බලල ඇස් ලොකු කරගත්ත.

කොන්දොස්තරට වුවමනාව තිබුනා නම් 50 කියල දාහ අරන් පනහක ඉතුරු දෙන්න තිබ්බා. අර මනුස්සය දන්නෙත් නැහැ.

"අන්කල් මට උවමනාව තිබ්බනම් ඕන අරගන්න තිබ්බ. ඔයා දන්නෙත් නැහැ. ඒත් එහෙම ගත්තා නම් මට හරියයිද අංකල් ?"


මගේ එහා පැත්තේ හිටපු මනුස්සයාගේ මුණේ හිනාවක් ඇඳුනා.
-----------------------------------------------------------------------------------

ගාල්ලේ ඉඳල කොළඹ එන බස් එකක්.  මම නැග්ගේ කොල්ලුපිටියෙන්. ඉඳගන්න ඕනේ තරම් සීට්. මම වැඩි වුනේ මුදා පැත්තේ සීට් එකක. එහා පැත්තේ වාඩි වෙලා හිටියේ හරි රවුම් හැඩේ ගෑනු කෙනෙක්. 50ක් 55ක් වයස ඇති.

ටිකකින් කොන්දොස්තර ආව. මගෙන් සල්ලි ගත්ත. ආපහු ඉස්සරහට ගිහින් මම හිටපු තැනට ආව. කොන්දොස්තර අවුරුදු 18ක 20ක අපිරිසිදු පාට කොල්ලෙක්.

"අම්මේ" කොන්දොස්තර ආවේ මගේ එහා පැත්තේ කෙනාට කතා කරන්න. ඒත් ඒ කෙනා නෙවෙයි කොන්දොස්තර පැත්තට හැරුනේ.

"අම්මේ" එයත් උත්සාහය අත අරින්නේ නැහැ. "බැරි අමාරුකම් තියන කෙනෙක් නැග්ගම අපි ඉඳගන්න දෙන්න ඕනේ. ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පවු. අපිටත් බැරි දවසක් එන්න පුළුවන්නේ?" කොන්දොස්තර හරිම ශාන්තව කියල ආපහු ගියා.  ගෝල් ෆේස් හරියේදී අපහු ආවා. "මම නැගිටින්න කිව්වාම අම්මට කේන්ති ගියා නම් සමාවෙන්න. ඒ වෙලේ ඒ මනුස්සයට වාදී වෙන්න දෙන්නම ඕනේ"

අර ගෑණු කෙනත් තනියම මොනවද කියෙව්වා. අහක බලන් කියෝපු නිසා මට තේරුනේ නැහැ. ආබාධිත කෙනෙක් නැග්ගම කොන්දොස්තර මේ මනුස්සයව නැගිට්ටලා සීට් එක අරන් දීල.

-------------------------------------------------------------------

බස් ගැන කියද්දී හුගක් වෙලාවට අපිට මතක් වෙන්නේ එපා කරපු දේවල්. ඒ අතරිනුත් හුගක් විට කොන්දොස්තරගේ වැරදි. ඉතුරු නොදීපුව. ඉස්සරහට යන්න කියල කෑ ගහපුවා. මිනිස්සුන්ට බැනපුවා. එහෙමත් නැත්තන් සෙනග පිරෙනකම් කිය කියා පරක්කු වෙනකම් බස් එක නතර කරන හිටපුව. මේ හින්දම බස් කොන්දොස්තරලා ගැන අපිට තියන ආකල්ප එච්චරම ධනාත්මක නැහැ. ඒත් ඉඳහිට බස් එකකදී අහන දකින මේ වගේ පොඩි පොඩි සිද්ධි නිසා මට හරි සතුටක් ඇතිවෙනවා. කොයි කණ්ඩායම ඇතුලෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.

5 comments:

  1. කලුගල් ගොඩවල් අතර මැණික්ද එක දෙක ඇත.

    ReplyDelete
  2. දැන් හුගක් උන් ඒෙහමයි

    ReplyDelete
  3. මේ වගේ හොඳ උන් එකෙක් දෙන්නෙක් හම්බෙලා තියෙයි
    මෙහෙ මළ පෙරේතයෙක් ඉන්නව ඌ කවදාවත් ඉතුරු දෙන්නෑ පහට අඩු නං.
    දැං ඒකෙ කට්ටිය නොයන තරං..
    අර දෙවනි එකා නං හොඳ පොරක්

    ReplyDelete
  4. හොඳ සහ නරක.....සමාජයේ හරස්කඩක්ම තමයි.

    ReplyDelete
  5. කොන්දොස්තරලා පහත්ය,කවදාවත් හදන්න බැරිය කියලා මිනිස්සු හිතන තුරු හොඳ අය බිහි වෙන්නෙ කොහොමද.. මේ වගේ ගුණ යහපත් අය තමා රටේ හැම ක්ෂේත්‍රයකටම දැන් ඕන වෙලා තියෙන්නෙ..

    ReplyDelete