Tuesday, January 1, 2013

2012 වසරේ පරමාදර්ශී කාන්තාවෝ

ලෝක ප්‍රසිද්ධ වෝග් ( Vogue ) සඟරාවෙන් කල සමීක්ෂණයකට අනුව 2012 වසරේ  ලෝකයේ වඩාත්ම බලපෑම්  කල කාන්තාවන් 100කගේ ලැයිස්තුවක් 2012 වසර  අවසානයත් සමගම ප්‍රකාශයට පත්වුණා. එයිනුත් ප්‍රථම ස්ථාන 10 දිනාගන්නට සමත් වූ කාන්තාවනුයි මේ.


# 010

ස්ටෙලා මැක් කාර්ට්නි

2012 වසරේ ජනප්‍රිය වූ කාන්තාවන් අතරේ දසවන ස්ථානයට පත්වී ඇත්තේ මෝස්‌තර නිර්මාණ ශිල්පිනි ස්ටෙලා මැක් කාර්ට්නි යි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී ඇය  පෙන්වූ නිර්මාණ කුසලතා වසර පුරාවටම  බහට ලක්වුණා .



#009

මිචෙල් ඔබාමා

ඇමෙරිකානු ජනාධිපති බිරිඳ වන ඇය 2012දී වැඩි කාලයක් ගත කලේ අසරණ සරණ ව්‍යාපෘති සාර්ථක කර ගැනීම  සඳහායි.


#008

ට්‍රේසි එමින්

ග්‍රන්ථ කතුවරියක්, කලාකාරිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා ඇති ට්‍රේසි බ්‍රිතාන්‍යයේ චිත්‍ර කර්මය පිලිබඳ මහාචාර්ය වරියක්. ඇයගේ  සිතුවම් කිහිපයක්ම 2012 වසරේදී කතාබහට ලක් වුණා .


#007

බොබී බ්‍රවුන්

ලෝක ප්‍රසිද්ධ බොබී බ්‍රවුන් කොස්මෙටික්ස්හි ප්‍රාරම්භකයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි තුමිය ලෙසත් කටයුතු කරන බොබීගේ ජීවිත කතාව බොහෝ තරුණියන්ගේ ජිවිත අලුත් මගකට ගෙන ආවා.


#006

බියෝන්සේ

සුප්‍රසිද්ධ ගායිකාවක්, ගීත රචකාවියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසද ලොව පුරා නමක් දිනා සිටින ඇය  වසර පුරාවටම මිචෙල් ඔබාමා සමග ළමා තරබාරුව පිටුදැකීමේ වැඩසටහන් වලට දායක වුණා .



#005

ජෙසිකා ඉන්නිස්

ලෝකයේ දක්ෂතම ජවන සහ පිටිය ක්‍රීඩිකාව ලෙස 2012දී ගෞරවයට පාත්‍ර වු ජෙසිකා 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී කාන්තා රන් පදක්කම් ලාභිනියන් අතරේ මුල් තැනක් දැරුවා .



#004

හෙලේනා ක්‍රිස්ටෙන්සන්

ඡායාරූප  ශිල්පිනියක් මෙන්ම මෝස්‌තර නිරුපිකාවක් වන ඇගේ  2012 දිනපොතේ වැඩි දින ගණනක් වෙන් වී තිබුනේ නැගෙනහිර අප්‍රිකාවේ අසරණ සරණ වැඩසටහන් සදහායි



#003

ඇන්ජෙලීනා ජොලී

මෙම ලැයිස්තුවේ  තෙවන ස්ථානයට පත්වී සිටින්නේ ඔස්කාර් සම්මානලාභී  නිලි ඇන්ජෙලීනා ජොලී යි. දරුවන් සය දෙනෙකු ඇති දැඩි කරන අතරේම එක්සත් ජාතින් සමග එකතුව අසරණ සරණ වැඩසටහන් මෙහෙයවීමට ඇය විශාල කැපවීමක් සිදුකළා .



#002

සමන්තා කැමරන්

මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ බිරිඳ සමන්තා කැමරන්.  සමන්තා 2012 වසර ගත කලෙත් අසරණ සරණ මෙහෙයුම් වලට කැපවෙමිනුයි.




#001

දෙවන එලිසබෙත් රැජින

2012 වසරේ පරමාදර්ශීම කාන්තාව ලෙස තේරී ඇත්තේ කාගේත් ආදරය දිනු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනයි. ඇගේ  දියමන්ති ජුබිලිය යෙදී  තිබුනෙත් 2012 වසරේදීයි.





Thursday, December 27, 2012

2013 ජය ගන්නට...


පරණ අවුරුද්දේ සිටි පරණ ඔබ අලුත් අවුරුද්දේ අලුත් කරගන්නට සිතන ඔබට නව වසරේදී ඔබේ අරමුණු ජය ගන්නට මෙන්න පුංචි උදව්වක්. 2013දී සාර්ථක පුද්ගලයෙකු වෙන්නට දැන් සිටම ඔබට වැඩ අරබන්නට පුළුවන්.



ඔබට ලගා විය හැකි අරමුණක් තෝරා ගන්න
අනේ අලුත් අවුරුද්දේදී මට තව ටිකක කෙට්ටු වෙන්න ඇත්නම් ? ඔව් ඔබට පුළුවන්. නමුත් ඔබට හිතු හැටියේම සිරුරේ බරෙන් හරි අඩක් අඩු කරගන්නට පුලුවඳ? ඔබට නොහැකියි. හැකිය යයි සිතන්නේ නම් එතනදීම ඔබට වැරදිලා. ඔබට අවශ්‍ය සිරුරේ බර අඩු කරගන්නට නම් ඒ සඳහා ක්‍රමානුකුලව ව්‍යායාම් කල යුතුයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔබට අවශ්‍ය අරමුණ වෙත ඔබට ළඟ විය හැකියි. මෙවැනි ලඟා විය හැකි එක අරමුණක් පිළිබඳව නව වසරේදී ඉලක්ක කරගන්න. අරමුණු අතරින් ප්‍රමුකත්වය දිය යුතු දේ හදුනා ගන්න. අරමුණු වුශාල ප්‍රමාණයකට ප්‍රමුකත්වය දෙන්නට වුවහොත් ඔබට එක අරමුණක් වෙනුවෙන්  අවශ්‍ය තරම් කැපවෙන්නට නොහැකි වී යාවි.

තරමක් මුරණ්ඩු වෙන්න
අනේ අම්මේ මට බැහැ  තවත් කෑම  කන්න. මේ අවුරුද්දේ මගේ බලාපොරොත්තුව ඇඟ  ටිකක් හැඩ  කරගන්න. ඔබට මුරණ්ඩු වෙන්නට අවශ්‍යයි නම් මුරණ්ඩු වන්නට හොඳම අවස්තාව මෙයයි. ඔබේ අරමුණට ලඟා වීමට ඔබේ මුරණ්ඩු බවම යොදා ගන්න. ඔබ ඔබේ අරමුණෙ තදින් අලී සිටින තරමටම ඔබට එම අරමුණට ලඟා වීම වඩාත් පහසුයි. ඔබේ ප්‍රගතිය එයින් වඩාත් වේගවත් වේවි.

සැලැස්මක් සකසන්න
ඔබ ඔබේ අරමුණට ලඟා වෙන අයුරු පිලිබඳ සිතින් සැලැස්මක් සාදන්න සාර්ථක වේවි යයි සිතෙන සැලැස්ම ලියා තබන්න. ඔබට නිතර දෙවේලේ පෙනෙන ඉස්තානයක ඔබේ සැලැස්ම තබාගන්න නිතර දෙවේලේ ඔබේ අරමුණට ළගා වන අයුරු දැකීම ඔබව වඩ වඩාත් උනන්දු කරවාවී.

ඔබේ ප්‍රගතිය සටහන් කරන්න
දින දර්ශනයක හෝ දින සැලැස්මක ඔබේ ප්‍රගතිය පිළිබඳව සටහන් තබන්න. ඔබ අරමුණට ළඟ වීමට කල සැලසුමේ ආකාරයට ඔබ දැන් රදී සිටින ස්ථානය පිළිබඳව අවබෝදයක් ලබාගන්න. ඔබ ආ දුර පිළිබඳව ආඩම්බර වන්න. ඔබ පසුපසින් නම් වේගවත් වීමට ගත හැකි ක්‍රියා මාර්ග සොයා බලන්න.

හොඳම මිතුරෙක්ව සම්බන්ද කරගන්න.
ඔබට කිට්ටුම ඔබේ මිතුරෙක් සමග ඔබේ අරමුණ පවසන්න ඔහුට හෝ ඇයටත්  නව වසරේදී මෙවැනි අරමුණක් කරා යාමට දිරි දෙන්න. ප්‍රගතිය පිළිබඳව කතා බහ කරන්න. එකිනෙකාව දිරිමත් කරගන්න.

මෙලෙස නව වසරේදී ඔබට ජය ගත යුතු ඉලක්කයන් පිළිබඳව කල් තියාම සිතා බලා පිබුරු පත් සැකසීමෙන් ඔබට වැඩ සාර්ථකව නව වසරට මුහුණ දීමට හැකි වේවි.


Wednesday, December 26, 2012

මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න...

2012 ගෙවී ගිහින් 2013 ලබන්නට ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයක්. ගතවෙලා ගිය 2012 වසර ගැන ආපස්සට හැරිලා බලන්නට හොඳම කාලය තමයි මේ. 2012 වසරේදී මුණ ගැසුණු අලුත් පුද්ගලයන්, අත්  විදින්නට ලැබුණු අලුත් අත්දැකීම් ආදිය අතරේ ඔබ සතුටට පත්වුණු අවස්ථා මෙන්ම දුකට පත්වුණු අවස්ථාත් ඔබේ මතකයේ රැඳිලා  ඇති. ඔබ කලබලයෙන් සමහරක් දේවල් පටලවා ගන්නට ඇති. සමහරක් දේ අතපසු වෙන්නට ඇති. ඒ අතරේ අසීරු අවස්ථා වලට නොසැලී මුහුණ දෙන්නට ඇති. ඔබට පැවරුණු රාජකාරි උවමනාවටත් වැඩ හොදින් ඉටු කරන්නට ඇති. ප්‍රශංසා ලබන්නට ඇති. නොකරපු වැරදි වලට බැනුම් අසන්නටත් වෙන්නට ඇති. මේ කොයි කොයි දේ සිදු වුනත් මේ වෙනකොට ඒ සියල්ලම අතීතයට එකතු වෙලා. අයෙත් හැරිලා බලනකොට වසරක් පුරාවට ඔබ මුහුණ දුන්නු අත්දැකීම් ගැන ඔබවම පුදුමයට පත් වේවි.

ආපසු හැරිලා බලද්දී ඔබ, ඔබවම දකින්නේ සාර්ථක පුද්ගලයෙක් විදියට නම් ඔබ ඒ ගැන ආඩම්බර වෙවී. අසාර්ථක නම් පුංචි කලකිරීමක් ඇති වේවි. සමහරක් විටකදී ඔබ සාර්ථකද අසාර්ථක ද කියල ඔබටම තීරණයක් ගන්නට අපහසු වේවි. 2012 ඔබේ බලාපොරොත්තු වලට අනුව සාර්ථක කරගන්න බැරි වුනා නම් ඒ ගැන දුක් වෙන්නට එපා. මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න. ඒ ගැන දුක් වෙමින් කාලය නාස්ති කරලා ඉස්සරහට එන වසරත් හිත නොහොදින් පටන් ගන්නට එපා.

2012 වසරේදී ඔඛෙන් වුනු අඩුපාඩු අත්වැරදීම් වලට හේතු වුනේ කොයි වගේ දේවල්ද කියල අදුන ගන්නට ඔබට හැකියාව ලැබුනොතින් ඒ අඩුලුහුඩුකම් දුරු කරගෙනම අලුත් අවුරුද්දට පිය මනින්නට ඔබට හැකියාව ලැබේවි. ඔබට මේ වසරේදී ඉටු කරගන්නට නොහැකි වුනු බලාපොරොත්තු ප්‍රර්ථනා ලබන වසරේදී කෙසේ හෝ ඉටු කරගන්නට අධිෂ්ඨාන කරගන්න. ඔඛෙන් සිදු වුනු වැරදි ඇත පසු වීම් වලට 2012ත් සමගම අතීතයට එකතු වෙන්නට ඉඩ හරින්න. නව වසරක ආරම්බයක් සාම විටම ඔබට ජීවිතය අලුතින් අරබාන්නට ලැඛෙන ආශීර්වාදයක් සේ සලකන්න. 2013 ඔබ අලුතින් පෙරලන පිටුවට අලුත් ආරම්බයක් ලබා දෙන්නත් එහි අවසානය සාර්ථක කරගන්නටත් හැකියාව ඇත්තේ ඔබේ අතේම තමයි.

උදා වන අලුත් අවුරුද්දේ ඔබේ සියලු යහපත් කල්පනා යථාර්තයක්ම වේවා!!!