Tuesday, January 1, 2013

2012 වසරේ පරමාදර්ශී කාන්තාවෝ

ලෝක ප්‍රසිද්ධ වෝග් ( Vogue ) සඟරාවෙන් කල සමීක්ෂණයකට අනුව 2012 වසරේ  ලෝකයේ වඩාත්ම බලපෑම්  කල කාන්තාවන් 100කගේ ලැයිස්තුවක් 2012 වසර  අවසානයත් සමගම ප්‍රකාශයට පත්වුණා. එයිනුත් ප්‍රථම ස්ථාන 10 දිනාගන්නට සමත් වූ කාන්තාවනුයි මේ.


# 010

ස්ටෙලා මැක් කාර්ට්නි

2012 වසරේ ජනප්‍රිය වූ කාන්තාවන් අතරේ දසවන ස්ථානයට පත්වී ඇත්තේ මෝස්‌තර නිර්මාණ ශිල්පිනි ස්ටෙලා මැක් කාර්ට්නි යි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී ඇය  පෙන්වූ නිර්මාණ කුසලතා වසර පුරාවටම  බහට ලක්වුණා .



#009

මිචෙල් ඔබාමා

ඇමෙරිකානු ජනාධිපති බිරිඳ වන ඇය 2012දී වැඩි කාලයක් ගත කලේ අසරණ සරණ ව්‍යාපෘති සාර්ථක කර ගැනීම  සඳහායි.


#008

ට්‍රේසි එමින්

ග්‍රන්ථ කතුවරියක්, කලාකාරිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා ඇති ට්‍රේසි බ්‍රිතාන්‍යයේ චිත්‍ර කර්මය පිලිබඳ මහාචාර්ය වරියක්. ඇයගේ  සිතුවම් කිහිපයක්ම 2012 වසරේදී කතාබහට ලක් වුණා .


#007

බොබී බ්‍රවුන්

ලෝක ප්‍රසිද්ධ බොබී බ්‍රවුන් කොස්මෙටික්ස්හි ප්‍රාරම්භකයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි තුමිය ලෙසත් කටයුතු කරන බොබීගේ ජීවිත කතාව බොහෝ තරුණියන්ගේ ජිවිත අලුත් මගකට ගෙන ආවා.


#006

බියෝන්සේ

සුප්‍රසිද්ධ ගායිකාවක්, ගීත රචකාවියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසද ලොව පුරා නමක් දිනා සිටින ඇය  වසර පුරාවටම මිචෙල් ඔබාමා සමග ළමා තරබාරුව පිටුදැකීමේ වැඩසටහන් වලට දායක වුණා .



#005

ජෙසිකා ඉන්නිස්

ලෝකයේ දක්ෂතම ජවන සහ පිටිය ක්‍රීඩිකාව ලෙස 2012දී ගෞරවයට පාත්‍ර වු ජෙසිකා 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී කාන්තා රන් පදක්කම් ලාභිනියන් අතරේ මුල් තැනක් දැරුවා .



#004

හෙලේනා ක්‍රිස්ටෙන්සන්

ඡායාරූප  ශිල්පිනියක් මෙන්ම මෝස්‌තර නිරුපිකාවක් වන ඇගේ  2012 දිනපොතේ වැඩි දින ගණනක් වෙන් වී තිබුනේ නැගෙනහිර අප්‍රිකාවේ අසරණ සරණ වැඩසටහන් සදහායි



#003

ඇන්ජෙලීනා ජොලී

මෙම ලැයිස්තුවේ  තෙවන ස්ථානයට පත්වී සිටින්නේ ඔස්කාර් සම්මානලාභී  නිලි ඇන්ජෙලීනා ජොලී යි. දරුවන් සය දෙනෙකු ඇති දැඩි කරන අතරේම එක්සත් ජාතින් සමග එකතුව අසරණ සරණ වැඩසටහන් මෙහෙයවීමට ඇය විශාල කැපවීමක් සිදුකළා .



#002

සමන්තා කැමරන්

මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ බිරිඳ සමන්තා කැමරන්.  සමන්තා 2012 වසර ගත කලෙත් අසරණ සරණ මෙහෙයුම් වලට කැපවෙමිනුයි.




#001

දෙවන එලිසබෙත් රැජින

2012 වසරේ පරමාදර්ශීම කාන්තාව ලෙස තේරී ඇත්තේ කාගේත් ආදරය දිනු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනයි. ඇගේ  දියමන්ති ජුබිලිය යෙදී  තිබුනෙත් 2012 වසරේදීයි.





No comments:

Post a Comment