Saturday, January 19, 2013

පැන්සලයේ කථාව

එක් දවසක් සාදා නිම කල පැන්සලයක් පසෙකට ගත පැන්සල් සාදන්නා එය වෙළඳපලට යවන්නට පෙර මොහොතක් කතා කිරීමට අවශ්‍ය බව පැවසුවා. "තව මොහොතකින් ඔබව මේ සැරසිලි ඇති පෙට්ටියට දමා වෙළඳ පොලට යවනවා. නමුත් ඊට ප්‍රථමයෙන් මේ කරුණු පහ ඔබ දැනගත යුතු යයි මම විශ්වාස කරනවා, ඒ කරුණු සැමදාමත් මතකයේ තබාගන්නට හැකි නම් ඔබට විය හැකි හොඳම පැන්සල  වීමට ඔබට හැකියාව ලැබේවි".
එක : වෙනත් කෙනෙකුන්ගේ අතේ ඔබව රදවාගන්නට ඔබ ඉඩ දුන්නොතින් ඒ අතෙහි රැඳී විශිෂ්ට නිර්මාණ කරන්නට ඔබට හැකියාව ලැබේවි.

දෙක : වරින් වර ඔබට වේදනාත්මක උල් කිරීම් වලට මුහුණ දෙන්නට සිදුවේවි. හොඳම පැන්සලක්  වන්නට ඔබට එම උල් කිරීම අත්‍යාවශ්‍යයි.

තුන : ඔබ කරන වැරදි ඔබගේම මුදුනෙහි ඇති මකනයෙන් මකා දමන්නට ඔබට ඉඩ ලැබෙයි. සමහරක් විට ඔබ කල නිර්මාණයක් කවුරුන් හෝ එයින් මකා දමාවි.

හතර : හැමවිටකදීම වැදගත් වන්නේ ඔබේ බාහිර සැරසිලි නොවේ. ඔබේ අභ්‍යන්තරයයි.

පහ : ඔබව භාවිත කරන කවර මතුපිටකදී වුවත් ඔබ ඔබේ සලකුණ තැබිය යුතුයි. ඔබ කවර තත්ත්වයක පසු වුවත් දිගින් දිගටම ඔබ එය සිදු කල යුතුයි.
පැන්සල්  සාදන්නා කී කරුණු තේරුම් ගත් පැන්සල ඒවා සදහටම මතක තබාගන්නට පොරොන්දු වුණා. ඒ නිසාම පැන්සල් සාදන්නා එම පැන්සල පෙට්ටියක බහා වෙළඳ පොලවෙත යවනු ලැබුවා.

මෙම කතාන්දරය තුල සිටින පැන්සල  වෙනුවට ඔබව ආදේශ කර බලන්න. මෙම කරුණු ඔබට අදාළ ලෙස ආදේශ කරගතහොත් ඔබට පත්විය හැකි හොඳම පුද්ගලයා වීමට හැකියාව ලැබේවි.


No comments:

Post a Comment