Monday, October 1, 2012

ඔබට මතකද එදා...

(ඇලන් ජැක්සන්ගේ "Remember When " ගීතයට ලියවුනු අනුවාදනයකි)

ඔබත් තරුණයි
මමත් තරුණයි
කාලය එකම තැන නතර වී
ආදරය පමණක්ය
අප හැඳිනු එකම දේ

ඔබද කෝඩුකාරයි
මමද කෝඩුකාරයි
මතකද එදා ?
දෙදෙනාම එක් අයෙක් වූ දා
ඔබ කඳුළු සැලුවා ...

ආදරෙන් එදා අප
ගිවිසගත් මග දිගේ
ගිවිසගත් අයුරින්ම 
ගියා අප ඇවිදගෙන..

ඔබට මතකද
එක හදින් ඇරඹුවත් 
මඟ තිබුණු කටු කොහොල් ...

නොපැතූ බාධා මධ්‍යයේ
උගත්තා ජීවිතය අප
විඳිමින්... විඳවමින්...

මතකද එදා?
පැරැන්නෝ හැරගියත්
නවකයින් අප සමඟ
කෑලි වුනු ජීවිතය
නැවත එක්කහු කළේ
පෙරළමින් සියලුදේ කණපිටට  ...

එකම එක මඟ ගියත්
එකිනෙකාගේ හදවතුත්
බිඳ ගෙනයි අපි හදිසියේ
එකිනෙකාගෙන් වෙන් වුණේ ...

ඔබට මතකද එදා ?
කුඩා පා වල රිද්මයි
නැවත ජීවිතයට
සංගීතය ගෙනාවේ ...

විස්වාසය නැවත ඇවිදින් 
අවදි කෙරුවා ආදරය ආයෙත්
සතුටෙන් ඔඳ වැඩී
නැටුවා අපි සති ගණන් ...

ඔබට මතකද එදා ?
ආයේ කිසි දින හැර නොයන්නට
නැවත ගිවිසුම් ඇති උණා

අවුරුදු තිහක උන්
එදා අපි දුටුවේ
හුගක් වයසක උන් වගේ...

අනේ ඇවිදින් හැරී බැලුවම
එයත් එක්  සන්ධිස්ථානයක්
පමණක්ම වූ සැටි
අප ආපු ගමන් මග...

ඔබට මතකද එදා ? 

සියලු දේ මුල සිටම
නැවත කරමුයි අප ගිවිස ගත්තා...

හිසකෙසුත්  සුදු වෙලා
දරුවනුත් හැරගිහින්
එදාටත් අද වගේ
ඉදිමු අපි සන්තොසින්
ලද දේ බොහෝමයි අප දෙදෙන
මේ ජීවිතේ

ඔබට මතකද
කිසි දිනක ඒ මතක
අමතක නොකරමුයි
ගිවිසගත් සැටි අප එදා...
.
.
ඔබට මතකද ඒ එදා ?
  
ගීතයට සවන් දෙන්න :  


 











 

No comments:

Post a Comment