එක් දවසක සවස් යාමයේ මා බස් රථයේ ගමන් කරමින් සිටියදී දුටු දසුනක් මගේ කල්පනා ලෝකය එක ක්ෂණයකින් බිද දැමුවා. මා දුටුවේ ජංගම දුරකතනයක් මුහුණට ඉදිරියෙන් අල්ලගෙන එයට ඉගි බිගි පාන තරුණයෙක්. ඔහු සිටියේ බස් නැවතුම් පොලේ සෙනග අතරින් තරමක් ඈත් වෙලා. මට එක වරම සිතුනේ ඔහුට කුමක් හෝ මානසික ප්‍රශ්නයක්වත් දෝ කියලයි. නමුත් ටික මොහොතක් මේ අමුතු දසුන දිහා බලා සිටින විට මට තේරුම් ගියා ඔහු සංඥා බසින් කිසිවෙකු හෝ අමතන බව.
ගොලුවෙකුට දුරකථන ඇමතුමක් ගන්නට පුළුවන් තරමටම අද තාක්ෂණය දියුණු වෙලා. කතා කරන්නට වරම් නොමැති උනත් ඔහු සමාජයෙන් ඈත් වෙලා සැගවිලා නැහැ. ඔහු සාමාන්‍ය සමාජයේම කොටසක් වෙලා. ඔහුගේ දර්ශනයෙන් මට කලකට පෙරදී රූපවාහිනියේ විකාශය වුනු හින්දි චිත්‍රපටයක දසුනක් මගේ මතකයට නැගුණා . ඒ හෙලන් කෙලර්ගේ (1880 -1968) ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වුනු Black චිත්‍රපටය. එම චිත්‍රපටයේ එක අවස්ථාවකදී දෑස නොපෙනෙන, දෙකන් නොඇසෙන තරුණිය දුරකතනයෙන් තමන්ගේ මවට කතා කරනවා. නමුත් ඇයගේ පිළිතුර මේ දියණියට ඇසෙන්නේ නැහැ. ඉතාමත් සංවේදී දසුනක්!
කවුද මේ හෙලන් කෙලර්?
ඇය අඳ,
ගොළු, බිහිරි කෙල්ලක්. ඒ වගේම ඇය විසිවන සියවසේ වැදගත්ම තැනැත්තියක් හැටියටත් ඉතිහාස කතාවල වැජබෙනවා. දෙඇස නොපෙනෙන අන්ධ තරුණියක් වුවත් ඇය කියවා තිබෙන පොත් ගණන දෙඇස් පෙනෙනා මිනිසුන් කියවා ඇති පොත් ගණනට වඩා ඛෙහෙවින් වැඩියි.මේ තරුණිය උපතින්ම අන්ධ අයෙකු නොවෙයි. ඇය අඳ, ගොළු, බිහිරි තත්ත්වයට පත්වුණේ අවුරුදු එකහමාරක් වයස කාලයේදී වැළදුණු බරපතල රෝගාබාධයක් හේතුවෙන්. හෙලන්ට සිදුවූ දෙයින් කරකියා ගන්නට දෙයක් නැති වුනු ඇයගේ දෙමාපියන් අයව බොස්ටන්හි අඳ, ගොළු, බිහිරි පාසලක් වෙත යොමු කරනවා. දුකින් පිරුණු අයගේ දිවියට වාසනාව ගෙන ආවේ විසි අවුරුදු ගුරුතුමී ඇනී සුලිවන්. ඇය පෙන්වූ ප්‍රාතිහාර්ය හේතුවෙන් මේ අඳ, ගොළු, බිහිරි දැරිය මසක් වැනි කෙටි කාලයකින් අන් අය සමග අදහස් හුවමාරු කරගන්නා තත්වයටම පැමිණෙනවා. ගුරුතුමියගේ කැපවීම නිසාම හෙලන් අවුරුදු 20 වනවිට විද්‍යාලයකට ඇතුළු වීමට තරම් දක්ෂයෙක්. හෙලන්, රැද්ක්ලිෆ් විදුහලට ඇතුලත් වන විට අයගේ ගුරුවරියත් ඇය සමගම එම විදුහලට යනවා. එහිදී ඔවුන් දෙදෙනාගේම උත්සාහයෙන් හෙලන් විදුහලේ අන් ඕනෑම සිසුවෙකු තරම් හොදින් ලියන්නටත් කියවන්නටත් ඉගෙන ගන්නට සමත් වුණා.
ඒ පමණක් නොවෙයි, දෙකන් නොඇසෙන මෙම තරුණිය අන් අයගේ සෙලවෙන දෙතොල් මත තම ඇගිලි තබා ඔවුන් කියනා දෙය තේරුම් ගන්නටත් සමත් වෙනවා. කෙසේ හෝ හෙලන් මිය යන විට පොත් හතක කතුවරියක්. ඒ මෙන්ම මගේ ජීවිත කතාව නමින් ඇය විසින්ම ඇයගේ දිවිය පිලිබදව චිත්‍රපටයක් නිපදවා, ප්‍රධාන චරිතයත් ඇය විසින්ම රග දක්වනු ලබනවා.
ඒ අඳ, ගොළු,
බිහිරි කෙල්ලක් කල වික්‍රමය. තමන්ට නොමැති දේ ගැන පසුතැවිලි නොවී ජීවිතය ජය ගත් අයගේ කතාව අපට ආදර්ශයක් බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවෙයි. තමන්ට නොමැති දේ ගැන ලත නොවී, නොමැති දෙයම ශක්තියක් කරගෙන ජීවිතය ජය ගන්නට උත්සහ කරන්න.
No comments:
Post a Comment