සිනාසෙන විසල් දෑස් ළඟ
මා දෑස නතර විය
බර වූ හදවත කඩා වැටී
පඩිපෙළ පාමුල පතිත වීය
ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.
සිනාසෙමින් පැමිණි ඔබ
මා හදවත අහුලා
දුලී කුණු පිස දමා
සිනාසෙමින්ම
මා වෙත පෑවේය
ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.
පඩිය පාමුල
මගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි
හ්ම්ම්...
ReplyDeleteහ්ම්ම්...
Deleteගොඩක් වෙලාවට අපි සිහින වල ජීවත් වෙද්දි සැබෑ ජීවිතය අපිට ම පෑගෙනවා අපි ම දන්නේ නැහැ
ReplyDeleteකවිය හරිම අගෙයි........................ නියමයි
ඇවිත් කුරුටු ගාලා ගියාට ස්තුතියි :)
Delete//පඩිය පාමුල
ReplyDeleteමගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි //
කියන්න ඔන හුඟක් දේවල් මේ පේලි 4 තියෙනවා..
අදයි මේ බ්ලොග් එක නෙත ගැටුනේ..
තුති :)
Delete