Friday, November 9, 2012

ඔබේ යහපත් සෞඛ්‍යය රැකියා ස්ථානයට ආශීර්වාදයක්


 
රැකියා ස්ථානයකට නව සේවකයන් බඳවා ගැනීමේදී එම ආයතනයේ කළමනාකාරිත්වය ඔබ කෙතරම් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුද යන්න පිළිබඳව විශාල උනන්දුවක් දක්වන බව ඔබ දැනගෙන සිටියාද? ඔබ රාජකාරි බාරගන්න විට අත්සන් තැබූ ලිපිය මදකට රැගෙන කියවා බලන්න. ඔබ රැකියාව වාර්තා කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතු බවට එහි අනිවාර්යයෙන්ම සදහන් වී ඇති.
ආයතනයකට සේවකයන් බදවා ගැනීමේදී, එහි පරිපාලන නිලධාරීන්ගේ උත්සාහය වන්නේ ආයතනයට වඩාත් ඵලදායී පුද්ගලයෙකු රැකියාවට බඳවා ගැනීමටයි. ඔබව විශ්වාස කර ඔබව රැකියාවට බඳවා ගත්
පසු ඔබේ වගකීම වන්නේ, ඔවුන් ඔබ කෙරෙහි තැබූ විශ්වාසය පලුදු නොකර ඔබේ සේවය හැකි උපරිමයෙන් ඉටු කිරීමයි.
 එසේ කිරීමට නම් ඔබ නිතරම ඔබේ සෞඛ්‍ය පිළිබඳව අවදානයෙන් සිටිය යුතුයි. පාසලේ වැඩ, පන්තියේ වැඩ හෝ ඔබේ රාජකාරි වැඩ කටයුතු නිසා ඔබ ඉතාමත් කාර්යබහුලයි. බොහෝවිට මේ කාර්යබහුලත්වය නිසාම ඔබට ඔබ ගැන සොයා බලන්නට වෙලාවක් නැහැ නේද? ඔබේ දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ, එහෙමත් නැතිනම් ඔබේ සහකරුවාගේ හෝ දරුවාගේ ශරීර සෞඛ්‍ය ගැන ඔබ සැලකිලිමත් වනවා සේම ඔබ ඔබගේ ශරීර සුවතාවය පිළිබඳවත් එකසේ උනන්දුවක් දැක්විය යුතුයි. 
විශේෂයෙන්ම නිසි වෙලාවට ආහාර ගැනීම, වැඩ වැඩි නිසා ආහාර වෙල් මග නොහැරීම, අවශ්‍ය ප්‍රමාණයට
ජලය පානය කිරීම මෙන්ම දිනපතා ව්‍යායාම කිරිම වැනි සරල පුරුදු දිගින් දිගටම අනුගමනය කිරීම ඔබේ සෞඛ්‍ය රැක ගැනීමට උදවු කරයි. මනා සෞඛ්‍ය ඔබේ රැකියාවේ පමණක් නොව ඔබේ අධ්යාපන කටයුතු මෙන්ම එදිනෙද ජීවිතයේ කටයුතු වලටද ආශිර්වාදයක් බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඔබේ දිවිය ඔබම, ඔබ වෙනුවෙන් ආශිර්වාදයක් කරගන්න.

No comments:

Post a Comment