Monday, December 9, 2013

ආරක්ෂාව


 
ඔබගේ දෙවොල අභියස

පින්තූරය :
http://opinionsandexpressions.files.wordpress.com/2009/05/chilli-and-lemon.jpg
දැල්වූ පහන් නිමී යනතුරාවට
මුණුබුරා කපා දෙන
සිහින් දිගු කම්බියට
සීය හතලිහට දෙන
ගෙඩියෙන් ගෙඩිය අමුණා
බැතිමතුන්ගේ චිත්ත පීඩා
ඈත් කර සනසන්න
තැනින් තැන ගෙනියන
රෝද හතරත් ජීවිතත්
මරුවගෙන් රැක ගන්න
කහ දියෙරෙන් පොඟා 
මම කාසියට විකුනන
ආරක්ෂාව

මගෙ පුංචි පැල්පතේ
ග්‍රහ අපල දුරු වෙන්න
මිල මුදල් ගැවසෙන්න
පුංචි මුණුබුරාගේ
ඉස්කොලේ හරියන්න
එක නැට්ටෙ දෙහි තුනක්
කහ දියරෙ පොඟාලා
කම්බියක අමුණලා
උළුවස්සේ එල්ලන්න
මට තවම ඉඩ නොමැති
ආරක්ෂාව


නිමිත්ත : පෑලියගොඩ කෝවිල් ගේට්ටුව අසල ආරක්ෂාවන් විකුණන සීයා සහ මුණුබුරා (ඔවුන් ලේ නෑයන්ද යන්න මම නොදනිමි )   

No comments:

Post a Comment