Monday, November 24, 2014

එක මොහොතක්

 © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි 



ගෑස්, වතුර, ලයිට් බිල් 
කිරිපිටි තේ කොළ 
හාල් තුනපහ 
ටියුෂන් සල්ලිත් 
කැඩුණු කරාමේ 
පිච්චුණු බල්බ් 
දොස්තර ගාස්තු 

***
***
***
අමතක කර 
එක මොහොතක් 
අත් පටලවන් 
ක්ෂිතිජ ඉම දෙස 
බලා ඉමු අපි 
ජීවිතේ දුක් ගැහැට 
නැති එවුන් මෙන්... !

3 comments:

  1. කොච්චර ෂෝක්ද
    එක මොහොතකට හරි
    ඉන්න පුලුවන්නම්
    ඒ වගේ...
    ඒත් එහෙම ඉන්න
    වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ...
    වැඩ... වැඩ... වැඩ...
    අපූරු කවියක් Kusu T ජයවේවා

    ReplyDelete
  2. අපිට උරුම එහෙම හිත රවටගන්න ජීවිත විතරයි සදාකල්..

    ReplyDelete
  3. මේක තමයි සැබෑ තත්වය........... හරිම ලස්සන සිතුවිල්ලක්.. හැම දේම අමතක කරලා කරදර පැත්තකින් තිබ්බා ම විතරක් ජීවිතය හරිම සුන්දරයි... ඒන්න ඒන්නම ජීවිතය බර වෙනවා.. ඒත් ඉස්සර කිසිම බරක් නැතුව හිටපු කාලේ ජීවිතය හරි සුන්දරයි.... ඒත් දැන්?????

    ReplyDelete