ගෑස්, වතුර, ලයිට් බිල්
කිරිපිටි තේ කොළ
හාල් තුනපහ
ටියුෂන් සල්ලිත්
කැඩුණු කරාමේ
පිච්චුණු බල්බ්
දොස්තර ගාස්තු
***
***
***
අමතක කර
එක මොහොතක්
අත් පටලවන්
ක්ෂිතිජ ඉම දෙස
බලා ඉමු අපි
ජීවිතේ දුක් ගැහැට
නැති එවුන් මෙන්... !
කොච්චර ෂෝක්ද
ReplyDeleteඑක මොහොතකට හරි
ඉන්න පුලුවන්නම්
ඒ වගේ...
ඒත් එහෙම ඉන්න
වෙලාවක් නැති එකයි ප්රශ්නෙ...
වැඩ... වැඩ... වැඩ...
අපූරු කවියක් Kusu T ජයවේවා
අපිට උරුම එහෙම හිත රවටගන්න ජීවිත විතරයි සදාකල්..
ReplyDeleteමේක තමයි සැබෑ තත්වය........... හරිම ලස්සන සිතුවිල්ලක්.. හැම දේම අමතක කරලා කරදර පැත්තකින් තිබ්බා ම විතරක් ජීවිතය හරිම සුන්දරයි... ඒන්න ඒන්නම ජීවිතය බර වෙනවා.. ඒත් ඉස්සර කිසිම බරක් නැතුව හිටපු කාලේ ජීවිතය හරි සුන්දරයි.... ඒත් දැන්?????
ReplyDelete