Wednesday, December 26, 2012

මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න...

2012 ගෙවී ගිහින් 2013 ලබන්නට ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයක්. ගතවෙලා ගිය 2012 වසර ගැන ආපස්සට හැරිලා බලන්නට හොඳම කාලය තමයි මේ. 2012 වසරේදී මුණ ගැසුණු අලුත් පුද්ගලයන්, අත්  විදින්නට ලැබුණු අලුත් අත්දැකීම් ආදිය අතරේ ඔබ සතුටට පත්වුණු අවස්ථා මෙන්ම දුකට පත්වුණු අවස්ථාත් ඔබේ මතකයේ රැඳිලා  ඇති. ඔබ කලබලයෙන් සමහරක් දේවල් පටලවා ගන්නට ඇති. සමහරක් දේ අතපසු වෙන්නට ඇති. ඒ අතරේ අසීරු අවස්ථා වලට නොසැලී මුහුණ දෙන්නට ඇති. ඔබට පැවරුණු රාජකාරි උවමනාවටත් වැඩ හොදින් ඉටු කරන්නට ඇති. ප්‍රශංසා ලබන්නට ඇති. නොකරපු වැරදි වලට බැනුම් අසන්නටත් වෙන්නට ඇති. මේ කොයි කොයි දේ සිදු වුනත් මේ වෙනකොට ඒ සියල්ලම අතීතයට එකතු වෙලා. අයෙත් හැරිලා බලනකොට වසරක් පුරාවට ඔබ මුහුණ දුන්නු අත්දැකීම් ගැන ඔබවම පුදුමයට පත් වේවි.

ආපසු හැරිලා බලද්දී ඔබ, ඔබවම දකින්නේ සාර්ථක පුද්ගලයෙක් විදියට නම් ඔබ ඒ ගැන ආඩම්බර වෙවී. අසාර්ථක නම් පුංචි කලකිරීමක් ඇති වේවි. සමහරක් විටකදී ඔබ සාර්ථකද අසාර්ථක ද කියල ඔබටම තීරණයක් ගන්නට අපහසු වේවි. 2012 ඔබේ බලාපොරොත්තු වලට අනුව සාර්ථක කරගන්න බැරි වුනා නම් ඒ ගැන දුක් වෙන්නට එපා. මොහොතක් නතර වෙලා ඔබ අසාර්ථක වීමට හේතුව සොයල බලන්න. ඒ ගැන දුක් වෙමින් කාලය නාස්ති කරලා ඉස්සරහට එන වසරත් හිත නොහොදින් පටන් ගන්නට එපා.

2012 වසරේදී ඔඛෙන් වුනු අඩුපාඩු අත්වැරදීම් වලට හේතු වුනේ කොයි වගේ දේවල්ද කියල අදුන ගන්නට ඔබට හැකියාව ලැබුනොතින් ඒ අඩුලුහුඩුකම් දුරු කරගෙනම අලුත් අවුරුද්දට පිය මනින්නට ඔබට හැකියාව ලැබේවි. ඔබට මේ වසරේදී ඉටු කරගන්නට නොහැකි වුනු බලාපොරොත්තු ප්‍රර්ථනා ලබන වසරේදී කෙසේ හෝ ඉටු කරගන්නට අධිෂ්ඨාන කරගන්න. ඔඛෙන් සිදු වුනු වැරදි ඇත පසු වීම් වලට 2012ත් සමගම අතීතයට එකතු වෙන්නට ඉඩ හරින්න. නව වසරක ආරම්බයක් සාම විටම ඔබට ජීවිතය අලුතින් අරබාන්නට ලැඛෙන ආශීර්වාදයක් සේ සලකන්න. 2013 ඔබ අලුතින් පෙරලන පිටුවට අලුත් ආරම්බයක් ලබා දෙන්නත් එහි අවසානය සාර්ථක කරගන්නටත් හැකියාව ඇත්තේ ඔබේ අතේම තමයි.

උදා වන අලුත් අවුරුද්දේ ඔබේ සියලු යහපත් කල්පනා යථාර්තයක්ම වේවා!!!

No comments:

Post a Comment