මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය
යන එන මඟදි හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන කැළි - කසල ගොඩ
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද
සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල් කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා
ටෙන්ඩර බෙදන දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය කලගුණ අමතක නොවෙන
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද
මන්තිරි අපිට බොන්නට කන්නට දෙනවා
ReplyDeleteඑතුමගෙ නමට අපි කුණු කඳු උහුලනවා
කුණු කඳු රකින්නට එතුමා වලිකනවා
දැන් මදුරුවොත් එතුමට චන්දය දෙනවා
මදුරුවෝ කනට කරල මුමුනන්නේ මන්ත්‍රීතුමාගේ ගුණ වෙන්න ඕනේ!
ReplyDeleteනියම කොමෙන්ට් එක..
Deleteකොයි පාරේ මංත්‍රියත් ඔහොම තමයි ඉතින්..
ReplyDeleteහැමදේටම එහෙයි කියන එක නෙව අපේ ඈයන්නෙපුරුද්ද
ReplyDeleteඉතිං මන්තිරියෙක් කිවොත් මේ තියෙන්නෙ කොම්පොස්ට් වෙන්නය කියල
එහෙයි
කියල කියයි
අපේ පාර නම් දැන් කොම්පෝස්ට් තවානක් වගේ ;)
Deleteමාතලන්ගේ ඔත්තුවකින් ඇවිත් පස්සට පස්සට කියවාගෙන යන ගමන්. මෙතන නතර වෙලා සටහනක් දාන්න සිත බල කලා.
ReplyDeleteමන්ත්‍රී ලාගේ මව් බිසවුන් නම් නිතර මතක් වේ
මවු බිසවු පවූ :D
Delete