එදා මට හිතුනේ
මහ මුහුද තරම්
ලස්සන තව තැනක්
මහ පොළොවේ වෙනනම්
නැහැයි කියලා ...
හීතල හුළඟට
දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද
ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.
එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම
ඒ නම් මැකිලා යද්දී
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත්
දුකට පෙරළෙනවා කියලා.
මිරිඟුව පෙනී පෙනී
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...
කළුගලක කෙටුව වගේ නෙවෙයි මකන්න ගියාම
ReplyDeleteකළු ගල වුනත් අවුවට රත් උනාම අමාරුයි..
ReplyDeleteඊට ලේසියි ඕක දියේ ඇන්ද නං...
ReplyDeleteදුකකුත් නෑ සතුටකුත් නෑ...
කවිය නං පට්ට
ඒකත් ඇත්ත. හ්ම්ම්...
ReplyDeleteසතුට කොහොමත් දුකට පෙරලෙන්නේ නෑනේද? හැබැයි සමහර වෙලාවටනම් දුකට පෙරළෙනවා
ReplyDelete