1775 වසරේ දෙසැම්බර් මස දහසය වැනි දින උපත ලද ජේන් ඔස්ටින් ඇගේ අද්විතීය නව කතා තුලින් ජනප්‍රියත්වයට පත්වුණේ විසිවන සියවසේදියි. Pride
and Prejudice සහ Sense and Sensibility වැනි
සම්භාවනීය කෘති මගින් ඇය ප්‍රේමය සහ යතාර්ථය අතර හිඩැස මැනවින් පෙන්වා දෙන්නට සමත් වුනා.
සම්භාවනීය කෘති මගින් ඇය ප්‍රේමය සහ යතාර්ථය අතර හිඩැස මැනවින් පෙන්වා දෙන්නට සමත් වුනා.

යොවුන් වියේ සිටම ඇය ආලය සහ මිතුරුදම් පිළිබඳව කතාන්දර ගොතන්නට වුනා. කෙටි කලකදීම අයගේ නිර්මාණ අතරට නවකතා, කෙටි කතා, කවි මෙන්ම නාට්‍ය පිටපත්ද එකතු වුන. නමුත් කිසිදිනක ජේන් ඒවා ප්‍රකාශයට පත් කරන්නට ඉදිරිපත් වුනේ නැහැ .

නවකතා වන Pride and Prejudice සහ Sense and Sensibility ලිවීමත් ආරම්භ කළා. අසනීපයෙන් පසු වුනු ජේන් ගේ පියා 1805 වසරේදී මිය ගිය අතර ඔහුගේ අභාවය ජේන් ගේ පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා.
1809 වනතුරු ඉතාමත් අසීරු කාලයක් ගතකල ජේන් මවත් සොහොයුරියත් සමග ඇයගේ මාමා කෙනුකුන්ගේ නිවසට පදිංචියට ගියා. බොහෝ නිර්මාණයන් ඇගේ අතින් නිමවුයේ මේ නිවසේදීයි. ජීවිතයේ තෙවන දශකයේදී ජේන් ඇයගේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළා. නමුත් ඒ සඳහා ජේන් භාවිත කලේ අන්වර්ථ නාමයක්. අවුරුදු 40 පසුවන විටම ඇය නිතර අසනීප වලට ගොදුරු වන්නට පටන් ගත්තා. එම අසනීපයම ක්‍රමයෙන් නරක අතට හැරීම නිසාවෙන් 1817 ජුලි මස 18 දින මරණයට පත් වුනා. ඇය අසනීපව සිටි කාලයේදී ලියා තැබූ the
brother නම් කෘතිය ඇයගේ මරණයෙන් පසුව Sandition නමින් ප්‍රකාශයට පත් වුනා.
1817 වසරේදී මිය ගියා වුවත් ජේන්ගේ ජනප්‍රියත්වයේ දැනටත් කිසිදු අඩුවක් නැහැ. අදටත් ඇය අග්‍රගන්‍ය
ඉංග්‍රීසි ලේඛීකාවක් ලෙසට පිදුම් ලබනවා. 2002 වසරේදී BBC මත විමසුමකදී ජේන් ඔස්ටින් ලොව වඩාත්ම ප්‍රචලිත බ්‍රිතාන්‍ය ජාතිකයන් 100 අතර 70 වෙනි ස්ථානයේ නම රඳවන්නට සමත් වුනා.
ඉංග්‍රීසි ලේඛීකාවක් ලෙසට පිදුම් ලබනවා. 2002 වසරේදී BBC මත විමසුමකදී ජේන් ඔස්ටින් ලොව වඩාත්ම ප්‍රචලිත බ්‍රිතාන්‍ය ජාතිකයන් 100 අතර 70 වෙනි ස්ථානයේ නම රඳවන්නට සමත් වුනා.