Tuesday, July 22, 2014

අපි පරක්කු වුණා සුනිල් සර්



එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර්
ඇවිත් බලලා යන්න 
වැඩ ගොඩ උනා අතපහු උනා
මේ පාර නම් එන්නමයි හිටියේ
ආයේ සැරයක් කතාවක් අහල යන්න

විද්‍යාව විතරක් ඉගැන්නුවනම්
අමතක කරලා ඉන්න තිබ්බා
සර් ඉගැන්නුවේ ජීවිතේ
දහස් ගානකට ලෝභ නැතුවම
බෙදලා දුන්නේ ආදරේ

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි
බෙදන්න තරම් ආදරේ ගොඩක්
සර්ට තිබුණු හන්දමයි
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ
ඝනකම පෙන්නලා හිනා උනත්
සුරතලේට හදපු බැල්ල
අසනීපෙන් උන්නු වෙලේ
"බලන්න එපා එයා දිහා,
එයාට දුක හිතෙයි" කිව්වම
අදුනගත්ත අපි එදා
සර්ගේ හදවත කොයිතරම්
මෙලෙක්ද කියල

මනමාලයෙක් එන දවසේ
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු
අක්කා ගැන කියා කියා
වර්ගඵලය කියා දීලා
එක මොහොතෙන්
අක්කා මතක් කර කර
දුක් වෙන කොට
අපේ අක්කා හොඳ අක්කා කියනකොට
අපි දැනගත්තා සර්
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි
ඇවිත් යන්න එන්න හිටියේ

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත්
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ
සර්ගේ රස පිරුණු විහිළු කතා
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා
අපි හිනා උනා සර්

ආයේ හිනා වෙලා යන්න
ඇවිත් යන්නයි හිටියේ
අනේ සුනිල් සර්
සර් ඉක්මන් උනා
අපි පරක්කු වුණා... 

33 comments:

  1. නොහඳුනනවා උණත් ඔහු ආදරණීය ගුරු පියෙක් බව ඔබේ සංවේදී සටහනෙන් පෙනෙනවා..එතුමාට නිවන් සුව!

    ReplyDelete
  2. පෙර කරපු පිනකටයි මට ඔහු මුණ ගැහුණේ. ඔහුගේ වියෝව තවමත් අදහාගන්න බැහැ . එතුමාට නිවන් සුව

    ReplyDelete
  3. මම තවම කියෙව්වේ මේ කවිය විතරයි. මගේ ඇස් වල තෙතමනය වැඩි උනා. ඔබ පට්ට කවියෙක්.. සුපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවතත් මාතලන් මහත්මයා. ඔබ නිසා මගේ ගුරුතුමාටත් නිසි ගෞරවය ලැබෙන ගතියක් මට දැනෙනවා.

      Delete
  4. හ්ම්ම් ..එතුමාට නිවන් සුව!!!
    ඔයාගේ කවි රහයි...තනි තරුවට සුබපැතුම් ..

    ReplyDelete
  5. ඔබගේ අපූරු කවිය … ඔහුගේ නිර්ව්‍යාජ සිනහව හා අපිලිවෙල කොණ්ඩය … සංවේදී කතාවක් කියනවා .. !!!!!
    සුභ රාත්‍රියක් සුනිල් සර්…




    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තර මල්ලී

      Delete
  6. කවියෙන් ඔබේ සංවේදීබව අපිට බෙදා දීලා ..විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

      Delete
  7. බොහොම රසයි මාතලන් මාමා පෙන්නපු පර දිගේ ආවේ..ඉටුරුවත් හිමිට කියවනම්..දෙවෙනි කවියට කිට්ටුවෙන් යන එකක් කුරුළුත් ලියලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. කියවන්න. කියවලා හිමීට ගුණාගුන දන්වන්න :)

      Delete
  8. මාතලන් අයියගෙ සින්ඩියෙන් තමා මේ පැත්තට ආවෙ..
    සර් ගැන දැනගත්තෙ අද වුනාට ඔබ ලියල කවි පද ටිකෙන් එතුමාගෙ මනුස්සකම ගැන හොඳටම දැනුනා..
    නිවන් සුව පතන්නෙමි..!!

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නෝ.......

      Delete
  9. හදවත ඇතුලට කිදා බැස්සා....ගල් පර්වතයක් වුණත් නිල්පාටින් බබලන දිය පොකුණක් වෙනව ....ඒ තරමට සංවේදීයි ලස්සනයි

    ReplyDelete
  10. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා. එහෙම එකක් තිබුණු බවක් දැනන් හිටියේ නෑ.

    ReplyDelete
  11. සියලු දෙනාටම නොවක් තුති. මාතලන්ට පින්.
    එතුමා උගන්වපු දේ නිසා ජීවිත ගොඩ දාගනිපු දහස් ගණනක් ඇති. එතරම් හොඳ මිනිස්සු ලෝකේ අඩුයි.

    ReplyDelete
  12. සංවේදියි අපූරුයි.

    මාතලන් අයියගෙ පාර පෙන්වීමෙන් ආවෙ. දිගටම එන්න තරම් හිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දිගටම එන්න :)

      Delete
  13. niyamai kusum.. me wagema sir kenek apita hitia.. e rathnasri sir.. apith sirwa balanna yanna hitiata wada nisa bari una.. api yanna kalin sir yanna ghn tibba.. sadahatama.. ape sirth oalage sunil sir wagema apita gvte igannuwa.. hamadamath sir nati aduwa ape gvte tienawa.. HE IS THE BEST. kohomaunath e nisama me kaviya mage as dekata kadulu genawa.. go ahead. good luck

    ReplyDelete
  14. සුපිරි'''''''! .........................................
    ලියල තියෙන සුපිරි බව නිසාම ඇස් බොඳ වෙන එක වලක්වන්න බැහැ ......
    දිගටම ලියන්න.....

    ReplyDelete
  15. එල ද බ්‍රා.
    ස්තුතියි මාතලන් අයියන්ඞි..

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. හිතට තදින්ම කා වැදුනා . නෙතට කඳුලක් ඉනුවේ මටත් නොදැනීමයි .

    සුනිල් ගුරු පියාණන් වගේ තාත්තෙක් මටත් ඉන්නවා කුසුමාන්ජලි අක්කේ ( අක්කද නංගි දදන්නේ නැහැ ) .......... අපි සල්ලි පස්සේ හඹා යනවා මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා . අන්තිමට මෙවන් පියවරු වෙන් උනාට පස්සේ අපිට එක දරා ගන්න බැරුව විඳවනවා .........


    සුනිල් සර් ඔබට නිවන් සුව .........!

    ReplyDelete
  18. අඩවියට ගොඩ උනා .... දිගටම එන්නම්.....

    ReplyDelete
  19. මේ කුණුවෙන සමාජේ සුනිල් සර්ලා වගේ අය විතරක් නෙමේ ඒ අය ගැන ලියන ඔබ වැනි අයටත් මගේ ප්‍රණාමය!!!!!

    ReplyDelete
  20. ගුරුදෙවියෙකුගෙ නික්මිමක්.ඔහුට නිවන් සුව.

    ReplyDelete
  21. දිරිමත් කිරීම් අපමණයි. ස්තුතියි සියලුදෙනාටම :)
    මාගේ ගුරුතුමාට දක්වන ගෞරවයට ප්‍රණාමය!

    ReplyDelete
  22. මාතලන් කිව පාරේ අවේ .


    මෙවන් සර්ලා ලබන්න උඹලා පින් කරන්න ඕනේ අක්කේ ( @පට්ට ඉරිසියාවෙන් ). කැම්පස් ගිය කාලෙ විසිටින් ලෙක්චර් කෙනෙක් ආවා මේ වගේ ගති පැවතුම් තියෙන ...


    සුනිල් ගුරු පියාණන් මතු උපදින හැම ආත්මෙක මා ඔබේ ගෝලයෙක් වේවා ..........!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සඳ. ඒ පුරුවේ කරපු පින් :)
      ස්තුතියි

      Delete
  23. කුසුම්..........................

    නිහිංසාගේ රෝලෙන් බලලයි ආවේ..................

    පද ඇතුළේ තිබුණේ කවියක් නෙමෙයි... කතාවකුත් නෙමෙයි... නිසදැසකුත් නෙමෙයි.......
    වේදනාවක්.. දුකක් ..... පසුතැවීමක්.......... ඉකියක්.......
    ජීවිතය ගමනක්........ ඉදිරියට යන....... පසුපස බලන්න බැරිවෙන......
    නමුත් කවදාම හරි පස්ස හැරිලා බලන්න හිතාගෙන ඉන්න......
    බැලුවාම දුක්වෙන............. අඩන.... ඉකිගහන.......... සුසුම්ලන...........

    සුනිල් සර්ට නිවන් සුව පතන අපි

    කුරුටු ගෑ ගී පවුර

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. හැල්මේ දුවලා දුවලා හැරිලා බලපුවහම ඉකි ගහන්න ඕනේ දේවල් නොදැනුවත්වම සිද්ධ වෙලා.

      Delete
  24. සුනිල් සර්ට නිවන් සුව!!

    ReplyDelete