Tuesday, July 22, 2014
අපි පරක්කු වුණා සුනිල් සර්
එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර්
ඇවිත් බලලා යන්න
වැඩ ගොඩ උනා අතපහු උනා
මේ පාර නම් එන්නමයි හිටියේ
ආයේ සැරයක් කතාවක් අහල යන්න
විද්‍යාව විතරක් ඉගැන්නුවනම්
අමතක කරලා ඉන්න තිබ්බා
සර් ඉගැන්නුවේ ජීවිතේ
දහස් ගානකට ලෝභ නැතුවම
බෙදලා දුන්නේ ආදරේ
සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි
බෙදන්න තරම් ආදරේ ගොඩක්
සර්ට තිබුණු හන්දමයි
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ
එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා
සර් එදා හරක් හදවතේ
ඝනකම පෙන්නලා හිනා උනත්
සුරතලේට හදපු බැල්ල
අසනීපෙන් උන්නු වෙලේ
"බලන්න එපා එයා දිහා,
එයාට දුක හිතෙයි" කිව්වම
අදුනගත්ත අපි එදා
සර්ගේ හදවත කොයිතරම්
මෙලෙක්ද කියල
මනමාලයෙක් එන දවසේ
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු
අක්කා ගැන කියා කියා
වර්ගඵලය කියා දීලා
එක මොහොතෙන්
අක්කා මතක් කර කර
දුක් වෙන කොට
අපේ අක්කා හොඳ අක්කා කියනකොට
අපි දැනගත්තා සර්
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි
ඇවිත් යන්න එන්න හිටියේ
වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු උනා සර්
අවුරුදු ගානකට පස්සෙත්
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ
සර්ගේ රස පිරුණු විහිළු කතා
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා
අපි හිනා උනා සර්
ආයේ හිනා වෙලා යන්න
ඇවිත් යන්නයි හිටියේ
අනේ සුනිල් සර්
සර් ඉක්මන් උනා
අපි පරක්කු වුණා...
Subscribe to:
Post Comments (Atom)
නොහඳුනනවා උණත් ඔහු ආදරණීය ගුරු පියෙක් බව ඔබේ සංවේදී සටහනෙන් පෙනෙනවා..එතුමාට නිවන් සුව!
ReplyDeleteපෙර කරපු පිනකටයි මට ඔහු මුණ ගැහුණේ. ඔහුගේ වියෝව තවමත් අදහාගන්න බැහැ . එතුමාට නිවන් සුව
ReplyDeleteමම තවම කියෙව්වේ මේ කවිය විතරයි. මගේ ඇස් වල තෙතමනය වැඩි උනා. ඔබ පට්ට කවියෙක්.. සුපැතුම්..
ReplyDeleteස්තූතියි නැවතත් මාතලන් මහත්මයා. ඔබ නිසා මගේ ගුරුතුමාටත් නිසි ගෞරවය ලැබෙන ගතියක් මට දැනෙනවා.
Deleteහ්ම්ම් ..එතුමාට නිවන් සුව!!!
ReplyDeleteඔයාගේ කවි රහයි...තනි තරුවට සුබපැතුම් ..
ඔබගේ අපූරු කවිය … ඔහුගේ නිර්ව්‍යාජ සිනහව හා අපිලිවෙල කොණ්ඩය … සංවේදී කතාවක් කියනවා .. !!!!!
ReplyDeleteසුභ රාත්‍රියක් සුනිල් සර්…
ස්තූතියි පත්තර මල්ලී
Deleteකවියෙන් ඔබේ සංවේදීබව අපිට බෙදා දීලා ..විශිෂ්ටයි
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න
Deleteබොහොම රසයි මාතලන් මාමා පෙන්නපු පර දිගේ ආවේ..ඉටුරුවත් හිමිට කියවනම්..දෙවෙනි කවියට කිට්ටුවෙන් යන එකක් කුරුළුත් ලියලා තිබ්බා
ReplyDeleteකියවන්න. කියවලා හිමීට ගුණාගුන දන්වන්න :)
Deleteමාතලන් අයියගෙ සින්ඩියෙන් තමා මේ පැත්තට ආවෙ..
ReplyDeleteසර් ගැන දැනගත්තෙ අද වුනාට ඔබ ලියල කවි පද ටිකෙන් එතුමාගෙ මනුස්සකම ගැන හොඳටම දැනුනා..
නිවන් සුව පතන්නෙමි..!!
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නෝ.......
Deleteහදවත ඇතුලට කිදා බැස්සා....ගල් පර්වතයක් වුණත් නිල්පාටින් බබලන දිය පොකුණක් වෙනව ....ඒ තරමට සංවේදීයි ලස්සනයි
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා. එහෙම එකක් තිබුණු බවක් දැනන් හිටියේ නෑ.
ReplyDeleteසියලු දෙනාටම නොවක් තුති. මාතලන්ට පින්.
ReplyDeleteඑතුමා උගන්වපු දේ නිසා ජීවිත ගොඩ දාගනිපු දහස් ගණනක් ඇති. එතරම් හොඳ මිනිස්සු ලෝකේ අඩුයි.
සංවේදියි අපූරුයි.
ReplyDeleteමාතලන් අයියගෙ පාර පෙන්වීමෙන් ආවෙ. දිගටම එන්න තරම් හිත් ගත්තා.
ස්තූතියි. දිගටම එන්න :)
Deleteniyamai kusum.. me wagema sir kenek apita hitia.. e rathnasri sir.. apith sirwa balanna yanna hitiata wada nisa bari una.. api yanna kalin sir yanna ghn tibba.. sadahatama.. ape sirth oalage sunil sir wagema apita gvte igannuwa.. hamadamath sir nati aduwa ape gvte tienawa.. HE IS THE BEST. kohomaunath e nisama me kaviya mage as dekata kadulu genawa.. go ahead. good luck
ReplyDeleteසුපිරි'''''''! .........................................
ReplyDeleteලියල තියෙන සුපිරි බව නිසාම ඇස් බොඳ වෙන එක වලක්වන්න බැහැ ......
දිගටම ලියන්න.....
තුති :)
Deleteඑල ද බ්‍රා.
ReplyDeleteස්තුතියි මාතලන් අයියන්ඞි..
This comment has been removed by the author.
ReplyDeleteහිතට තදින්ම කා වැදුනා . නෙතට කඳුලක් ඉනුවේ මටත් නොදැනීමයි .
ReplyDeleteසුනිල් ගුරු පියාණන් වගේ තාත්තෙක් මටත් ඉන්නවා කුසුමාන්ජලි අක්කේ ( අක්කද නංගි දදන්නේ නැහැ ) .......... අපි සල්ලි පස්සේ හඹා යනවා මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා . අන්තිමට මෙවන් පියවරු වෙන් උනාට පස්සේ අපිට එක දරා ගන්න බැරුව විඳවනවා .........
සුනිල් සර් ඔබට නිවන් සුව .........!
අඩවියට ගොඩ උනා .... දිගටම එන්නම්.....
ReplyDeleteමේ කුණුවෙන සමාජේ සුනිල් සර්ලා වගේ අය විතරක් නෙමේ ඒ අය ගැන ලියන ඔබ වැනි අයටත් මගේ ප්‍රණාමය!!!!!
ReplyDeleteගුරුදෙවියෙකුගෙ නික්මිමක්.ඔහුට නිවන් සුව.
ReplyDeleteදිරිමත් කිරීම් අපමණයි. ස්තුතියි සියලුදෙනාටම :)
ReplyDeleteමාගේ ගුරුතුමාට දක්වන ගෞරවයට ප්‍රණාමය!
මාතලන් කිව පාරේ අවේ .
ReplyDeleteමෙවන් සර්ලා ලබන්න උඹලා පින් කරන්න ඕනේ අක්කේ ( @පට්ට ඉරිසියාවෙන් ). කැම්පස් ගිය කාලෙ විසිටින් ලෙක්චර් කෙනෙක් ආවා මේ වගේ ගති පැවතුම් තියෙන ...
සුනිල් ගුරු පියාණන් මතු උපදින හැම ආත්මෙක මා ඔබේ ගෝලයෙක් වේවා ..........!
ඔබ හරි සඳ. ඒ පුරුවේ කරපු පින් :)
Deleteස්තුතියි
කුසුම්..........................
ReplyDeleteනිහිංසාගේ රෝලෙන් බලලයි ආවේ..................
පද ඇතුළේ තිබුණේ කවියක් නෙමෙයි... කතාවකුත් නෙමෙයි... නිසදැසකුත් නෙමෙයි.......
වේදනාවක්.. දුකක් ..... පසුතැවීමක්.......... ඉකියක්.......
ජීවිතය ගමනක්........ ඉදිරියට යන....... පසුපස බලන්න බැරිවෙන......
නමුත් කවදාම හරි පස්ස හැරිලා බලන්න හිතාගෙන ඉන්න......
බැලුවාම දුක්වෙන............. අඩන.... ඉකිගහන.......... සුසුම්ලන...........
සුනිල් සර්ට නිවන් සුව පතන අපි
කුරුටු ගෑ ගී පවුර
ඔබ හරි. හැල්මේ දුවලා දුවලා හැරිලා බලපුවහම ඉකි ගහන්න ඕනේ දේවල් නොදැනුවත්වම සිද්ධ වෙලා.
Deleteසුනිල් සර්ට නිවන් සුව!!
ReplyDelete