Thursday, October 24, 2013

රස මසවුළු අතර...

ඔබ අතින් පිළිගැනෙන
කුස පුරා ගිජුකමින් ගිල දමන
රස අහර බඳුන් වල
එකතු වී තිබෙන්නේ
ඔබේ ළඳරුවන්ගේ
කුස පුරා ඇවිලෙනා
ගින්දරේ උණුසුමින්
ඔබෙ ගතින් මතුවෙනා
දහඩියේ බිඳිති බව
මේ විසල් මන්දිරේ
මැති ඇමැති දනන් හට
සිහි නොමැත සහතිකයි.













2012.01.24

No comments:

Post a Comment