Tuesday, October 29, 2013

සර්ප සෙනෙහස

විෂ දළට බියෙන්
තනිකර දමා ගිය
සැපින්නක් ලඟට ගෙන
ලෙන්ගතුව කිරි පෙව්වෙමි.
කෑදරව කිරි බිවු සැපින්නද
මට පෙරළා ආදරය පෑවාය.
එයින් මසිත ද ඔද වැඩී ගියේය.
ඇය කිසිදා දෂ්ඨ නොකරාවි ‍යැයි
මම නිකමට සිතුවෙමි...

එනමුදු එක් දිනක
සර්ප සෙනෙහස වෛරයට පැරදුනි.
ඇය පෙණය පුප්පා
විෂ පිරුණු දළයෙන්
මට දෂ්ඨ කළාය...

වේදනාවක් දැනුනා වුවත්
මා පුදුමයට පත් නොවූවෙමි.
මන්දයත් කිරි පොවනා විටද
ඔබ පෙරළා දෂ්ඨ කරනා බව
මම හොඳින්ම දැන සිටියෙමි...




4 comments:

  1. විසගෝර සරුපයා දැක නැර මෝඩයා කීවලු නේහ්...
    අර අපි අහල තියෙන බණ කතාව වගේ සීන් එකක්..
    ඒකම කවියකට හරවලාද මංද...
    අපූරුයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පුද්ගලික සිද්ධියක්. හැබැයි බණම තමයි ඉතින් බලාගෙන ගියහම.

      Delete
  2. දෂ්ට කරනවාමයි , අඩුගානේ විශදල ක්රියාත්මකද බලන්නවත්

    ReplyDelete
  3. එල ද බ්‍රා...ඇත්ත කථාව

    ReplyDelete