Thursday, September 27, 2012

ධර්මදීපයේ අතරමං වූ මවුපියෝ(1)



දයාබර දියණිය වෙතටයි,
දිගු කලකට පසුව ඔබ අමතන්නට ලැබීම ගැන ඇත්තටම සන්තෝසයි. ඔබත් මාත් අතර හුවමාරු කර ගත යුතු යයි මට හැගෙන  කරුණු කාරණා කිහිපයක් මා සිත් තුළ ප්රවේසම් කර ගෙන උන්නා. අවස්ථාව ලැඛෙන පිළිවෙළට ඒවා අපි ඛෙදා හදා ගන්නට උත්සාහ කරමු.
 ඊයේ පෙරේදා දිනපතා පත්තරයක මුල් පිටුවේ සඳහන් තිබුණ ප්රවෘත්තියක් මගේ සිත සසල කළා. පුවත් පත ඔබත් කියවූවා නම් මා හොඳටම දන්නවා ඔබේ සිතත් සසල වනු නොඅනුමානයි. ඔබ දන්නවාද එහි සඳහන් වූ දේ? මේ ධර්මද්වීපය තුළ දිනකට දරුවන්ට එපා වූ මවුපියෝ පහක් දිනපතා මහපාරට යයි එහි සඳහන් වුනා. මෙම තත්ත්වය දිනෙන් දිනම වැඩි වන බවත් සුපිරි මෝටර් රථවල නංවාගෙන සිය දෙමවුපියන් මහමග දමා යාම අද සාමාන් දෙයක් බවට පත් වී ඇතැයි එහි ලියා තිබුණා. එමෙන්ම මහමග බස් නැවතුම්පළවල සහ රෝහල්වල අතරමං කර දමා සිටිය දී දිනකට පස්දෙනෙකු පමණ හමුවන බව සටහන්ව තිබුණා.
ඇත්තටම මොනවද දුවේ, ඔයාට හිතුනේ? මේ අපේ රට කියලා හිතුනා නේද? අපේ රටේ අපි ආගම් කීයක් අදහනවද? හැම ආගමකම පරමාර්ථය යහපත් සමාජයක් ඇති කිරීමයි. තමන් මේ ලෝකයට දයාද කළ දෙමවුපියන් මහමග දමා යන්නට තරම් ශ්රී ලාංකිකයන් දුර්ජනයන් බවට පත් වී ඇතැයි සිතීම බිය උපදවන සුලු හැඟීමක්. අපගේ දූ දරුවන් මේ තරම් කෘෘර වීමට හේතු කවරේ දැයි සොයා බැලීම වහ වහා කළ යුතුයි. අප අසා තිබුණේ අපරදිග ලෝකයේ දූ දරුවන් තම දෙමවුපියන්ට සැලකීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකන බවත් වියපත් වැඩිහිටියන්ට සෙවන දෙන නිවාස බොහෝ සේ ඉදි වන බවත් අප කියවා තිඛෙනවා. දෙමවුපියන් මහමග දමා යනවාට වඩා එය දහස්වාරයක් යහපත් යයි මා කියන විට එයට එකඟ වනු ඇතැයි මා සිතනවා.
දැන් බලන විට වැඩිහිටියන් නොසලකන පරපුරක් බිහිවෙමින් තිඛෙන්නේ පෙරදිග ලෝකයේ බව අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි. දරුවා සිය කුසට පැමිණි දින පටන් අම්මා කරදර වන්නී නිරෝගී දරු උපතක් සඳහාය. ඇය පෝලිමක යන්නට පළමුව පටන් ගන්නී සායනයේ දී. පාන්දරින් අවදිවන තාත්තා අංකයක් ලබා ගැනීමට සායනයට යන්නේ ඉඳහිට. එදා සිට ඔබ ලොකු මහත් වනු තුරුම ඔබ වෙනුවෙන් කටයුතු කරන්නෝ දෙමවුපියන්. පාසලට ඇතුළත් කර ගන්නට තාත්තා වෙහෙසෙද්දී , ශිෂ්යත්වය සමත් කර ගන්නට,හොඳම ටියුෂන් පන්තිය සොයා යන්නට වෙහෙසෙන්නී අම්මා
දෙවන කොටසට ....   


No comments:

Post a Comment