Thursday, September 27, 2012

හදිසියේ පැමිණි අනාරාධිත අමුත්තෙක්

දයාබර  දියණියේ,

සතියකට වරක් පුවත් පත මගින් මුණ ගැසෙන මා හමුවීමට ඔබ කැමැත්තෙන් සිටින බව මා දැනගත්තේ ඔබේ අම්මාගෙන් . පසු ගිය සතියේ දිනයක මහගෙදර සිදු කළ දානමය පුණ්‍ය කටයුත්තට ඔබටත් අම්මාටත් මා ආරාධනා කළේ එනිසයි. නමුත් උසස් පෙළ විභාගයට පෙනී සිටින නංගීට සහයෝගය දීම අවශ්‍ය නිසා ඔබ නොපැමිණි බව අම්මා කීවා. දානමය පුණ්‍ය කර්මය ඉතා හොඳින් ඉටු කිරීමට හැකි වුනා. ගමේ  සහ නගරයේ ජීවන පැවැත්මේ සොඳුරු වෙනස අත්විඳීමට එය කදිම අවස්ථාවක් වුනා. අසල්වාසීන් සමග එක්ව සාමූහිකව කටයුතු කිරීම කෙතරම් මිහිරි අත්දැකීමක්ද? අප කවුරුත් කැමති සතුටින් ජීවත් වීමටයි. විවිධාකාර ක්‍රම අනුගමනය කිරීමෙන් සතුට ලබා ගැනීමට උත්සාහ කරනවා.

   මා අද ඔබ හා  සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන්නේ එවැනි සිදුවීමක් පිළිබඳවයි.  විනෝදය සහ අනතුර අතර පවතින සමීප සම්බන්ධතාව පිළිබඳවයි.
  ගමේ මහගෙදර පැවැත්වූ පින්කමට  පෙර දින හවස හදිසියේ අනාරාධිත අමුත්තෙක් පැමිණියා. අමුත්තා මුණ ගැසුණේ නිලන්තට. අවශ්‍යතාවකට නිවසින් බැහැරව යාමට නිලන්ත යතුරු පැදිය පණගන්වනවා මා බලන් සිටියා. ගේට්ටුව ළඟ දී ඔහු එක්වරම කලබල වී නතර වෙනු මා දුටුවේ ඒ නිසයි.

—    නිලන්ත, ඇයි?˜
යතුරු පැදිය ආපසු මිදුලට හැරවූ නිලන්ත,  පිළිතුරු දුන්නේ හස්ත මුද්‍රාවෙන්.   පටු තාර පාර හරහා   අනාරාධිත අමුත්තා පාර පනිමින් සිටියා. හස්ත මුද්‍රාවෙන් මා හා සන්නිවේදනය කළ    නිලන්ත  උදව් ඉල්ලා කෑගැසූ හ~ට   සියල්ලන්ම තත්පරයක දී එතැන සිටියා.

—    මොකෙක්ද ?
නිලන්ත මැණික් කටුව ළඟින් අත නවා  පෙන්වුවා.
—    නයෙක් ? මරන්න එපා, මරන්න එපා˜

පාර හරහා යන නයි පැටියාගේ  පෙනය තවමත් හකුලා ගෙන නැහැ.

—    ඉස්සරහ  ගෙවල්වලට රිංග ගනීවි ද දන්නෙ නැහැ . බෝතලයක් ගේන්න, බෝතලයක් ගේන්න. මෙයා අල්ලමු˜
—    මරන්න නම් එපා˜
අඩි එකහමාරකට වඩා දිග නැති නයි පැටවා මරා දැමීමට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. සියල්ලන්ගේම අදහස වූයේ   සතා  එතැනින් ඉවත් කිරීමයි. ගෙනෙන ලද පළවෙනි බෝතලය ප්‍රතික්ෂේප විය.
—    ඕක එපා , තිනර් ගඳයි. එයා මැරෙයි. වෙන එකක් ගේන්න˜
ගමේ මිනිසුන් අතර පවතින අවිහිංසා ගුණය පිළිබඳව අපි තවත් දිනයක දී සාකච්ඡා කරමු.

දෙවෙනි බෝතලය තුළට මේ නපුරු අමුත්තා දමා ගත්තේ තරමක අරගලයකට පසුවයි. බෝතලයේ මූඩියේ සිදුරු කිහිපයක් විදීමෙන් පසු අමුත්තා සහ අප අතර සම්බන්ධය වෙනත් මුහුණුවරක් ගත්තා. ප්‍රදර්ශණ භාණ්ඩයක් වූ සර්පයාගේ  හැඩරුව, ගතිගුණ, විෂ ඝෝරබව සමගම ස්වභාව ධර්මයේ නිර්මාණාත්මක බව පිළිබඳවත් දැනුවත් කිරීමක් එතැන සිදු වුනා. මේ සියල්ලම අතරේ සර්පයා පෙනය හකුලුවා ගත්තේම නැහැ. බෝතලයට දැමීමේ දී පීඩාවකට පත් වෙන්නටත් ඇති. පුංචි වුවත් මම සැරයි. සතා අපට දුන් පැහැදිලි පණිවුඩය එයයි. මූඩියේ සිදුරු තුළින් වතුර බින්දු දෙකතුනක් දැම්මේ යන්තමින් හෝ සහනයක් සලසන්නයි.
—    ගඟ අයිනෙ කැලේට මෙයාව ගිහින් දානවා. එහෙ මිනිස්සු යන්නෙ එන්නෙ නැහැ. කාටවත් අනතුරක් වෙන්නෙ නැහැ.˜

බෝතලය සිලි සිලි මල්ලක් තුළට දමා ආරක්ෂිතව පැත්තකින් තිබ්ඛෙ ඇත්තටම බයට.
වත්ත පිටිය පිරිසිදු කිරීමේ කාර්යයේ ස්වේච්ඡාවෙන්ම යෙදුන තරුණ කණ්ඩායම  නැවත තමන්ගේ වැඩකටයුතුවලට ගියා.

ආගිය තොරතුරු, අතීත කතා, විහිලු කතා   සහ තවත් බොහෝ රසවත් දේ අතරින් කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීමයි.  පිරිත් ශ්‍රවණය කිරීමට පැමිණෙන අයගෙන් මිදුල පිරී ගෙන එනවා.
එක්වරම කෑගැහිල්ලක්. තරුණ කටහ~වල් කිහිපයක්. ඒ සමගම    බෝතලයක් බිම වැටෙන හඩක්.
ප්‍රධාන දොරටුව ළඟත් කිහිප දෙනෙක්. යටිගිරියෙන් කෑ ගැසූ හඩ, අසල ඩිස්පැන්සරියේ සේවයෙහි යෙදී සිටින තරුණියන් දෙදෙනාගේ බව පැහැදිලිවුනා.  බෝතලය හඳුනා ගන්නට මට ගත වූයේ නිමේෂයයි.
—    මොකක්ද වුනේ ? ඕක ඇතුළෙ නයෙක්˜
—    නයෙක්? අපි හිතුවෙ ගෙම්ඛෙක් කියලා˜
—    ගෙම්ඛෙකුට ඔච්චර කෑගහන්න ඕනෙද?˜
නයා සමග බෝතලය නිවසේ ඉදිරිපස පඩිය මත තවමත් පෙරළෙමින්.

දයාබර දියණියේ , ඔබට සිතා ගන්නට පුළුවන්ද සිදු වූ දේ?

මිදුලේ සිටි තරුණයින් කිහිප දෙනා ආගිය තැනක් හොයා ගන්නටත් නැහැ. විනෝදය සඳහා තමන්  කළ දේ කෙතරම් භයානක දැයි  වැටහුන නිසා වෙන්නට ඇති ඔවුන් මගහැර ගියේ. පින්කමට පැමිණෙන තමන් දන්නා හඳුනන සහෝදරියන්ට විහිළුවක් කරන්නටයි ඔවුන්ට වුවමනා වුනේ.

නිවසට ඇතුළු වෙන තරුණියන් ගේ අතට  සිලි සිලි මල්ලක දැමූ යමක්  දෙන්නේ තරුණයෙක්.
—    නංගිලා වැඩ ඇරිලා එන ගමන්ද? බඩගිනිත් ඇතිනෙ. මේක තිබ්ඛෙ ඔය දෙන්නටමයි. කාලම තේ බොන්නකො.˜
මල්ල අතට ගත් තරුණිය එය ඇස් මට්ටමට ඔසවා බැලුවා. එය තුළ සතෙක් නලියනු ඇය දුටුවා.  බෝතලය වීසි කළේ මස්තිස්කයේ විධානයකින් තොරව. ඒ තරුණ කෙල්ලන්ගේ ස්වභාවය. බෝතලය   ගේ දොරකඩට වැටුනා.  එය නොබිඳුනේ පූරුවේ පිනකට. නොඑසේ නම් සිදුවන දේ ඔබට සිතා ගත හැකිද?

මේ අනතුර පිළිබඳව තව බොහෝ දේ ඔබ හා සාකච්ඡා කළ හැකියි. නමුත් විනෝදය සඳහා කටයුතු කිරීමේ දි අප කෙතරම් කල්පනා කාරී විය යුතු ද? සුළු ප්‍රමාදයකින් විය හැකි විනාශය අතිශයින් ප්‍රබලයි. ඇත්තටම මෙවැනි දැනුවත් කිරීම් බොහෝ විට අවශ්‍ය වන්නේ ඔබේ  සහෝදරයා ගේ පෙළට. දයාබර දියණියේ , මල්ලී දැනුවත් කරන්න. එමගින් පණිවුඩය අනෙක් සහෝදරයින්ටත් ඛෙදා හරින්න.

එම සත් කාර්යය ඉටු කිරීමට  සුදුසු අවස්ථා ඔබට ලැබේවා යයි ප්‍රාර්ථනා කරන මා,

ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා


No comments:

Post a Comment