Saturday, September 29, 2012

බීප්... බීප්.... ඔන්න තවත් එකක්

උදේ  රෑ කිසිම  වෙනසක්  නැතුව  අපි  ලගින්ම  ඉන්න  යාලුවෙක්  ඉන්නවා . සමහරුන්ට  නම්  මේ  හොඳම  යාළුවා  අත්  හැර  ගන්නම  බැහැ.  තමන්ට  ඉන්න  අනික්  යාලුවන්වත්  සම්බන්ධ කරලා  දෙන්නේ  අපේ  මේ  පුංචි  යාළුවම  තමයි. 

වෙන  කවුරුත්  නෙවෙයි   මේ  යාළුවා  තමයි  අපේ  ජංගම  දුරකථනය . අද  මේ   ජංගම  දුරකථනය  නැතුවම  බැරි  දෙයක්  වෙලා  බව  ඔබ  හොදාකාරවම  දන්නවා.

දැනට  අවුරුදු  10 කට  15 කට   විතර  කලින්නම්  ජංගම දුරකතනයක්  කියන්නේ  බොහොම  දුර්ලභ  වස්තුවක් . දුරකතන ඇමතුමක්  උනත්  ගත්තේ  කිරල  මැනලා  බොහොමත්ම  හදිස්සියකදී . නමුත්  දැන්නම්  පාසල්  සිසුවාගේ  ඉදල  හැම  කෙනෙකුන්  ලගම  ජංගම  දුරකථනය  අනිවාර්යයි .

ජංගම  දුරකථනයත්  එක්කම  තරුණ  පරම්පරාවට  වැළදුන  රෝගයක්  තමයි  sms.

එක  විනාඩියක්  ෆෝන්  එකෙන්  ඇත  ඉවතට  ගන්නට  විවේකයක්  නැති  තරමට  තරුණ  පරපුරේ  සමහරුන්  කෙටි  පණිවුඩ  යවන්නට  හුරුවෙලා . ඉන්නේ  කොහෙද  යන්නේ  කොහෙද  විතරක්  නෙවෙයි   කන්නේ  බොන්නේ  මොනවද  කොයි   විදියටද  යන්න  පවා  යාලුවන්ගේ  දැනුමට  එකතු  කරන්නේ , ඒ  විස්තර  එතරමටම  වැදගත්  නිසා .

අමතක  උණු  එක  කරුණක්  තියනවා . ඔබ  තවමත්  රැකියාවක්  නොකරන  අයෙක්  නම්  ඔය  යවන  යවන  sms එකක්  ගානෙම  වියදම්  වෙන්නේ  දෙමවුපියන්  අමාරුවෙන්   හරි  හම්බ  කරගත්තු  පනම් හතර.

ඒ  විතරක්  නෙවෙයි   පාසල  ඇරිලා  අමතර  යමක්  ඉගෙන  ගන්නට  යන  ටියුෂන්  පන්තිදීත්  මේ  ජංගම  දුරකථනය  අපි  තනි  නොකර  අපිත්  එක්කම  එනවා . සමහරක්  අවස්ථා  වලදී  අපිටත්  නොදැනීම  අපේ  අවධානය  පාඩමෙන්  ඉවතට  අරන්  යන්න  තරම්  ජංගම  දුරකථනය  හපනෙක් .  එක  එක  යාලුවන්ගෙන්  හතර  අතින්  ගලාගෙන  එන  sms   අමතක  කරලා  හිත  එකඟ  කරන් පාඩම  අහන  ඉන්න  ලොකු  උත්සහයක්  දරන්නත්  වෙනවා .ටිකෙන්  ටික  ඔබේ  අවධානය ගලාගෙන  එන  පණිවුඩ  වලට  ගිහින් . පණිවුඩ  හුවමාරුව  ජයටම  කරගෙන  යනවා .

ජංගම  දුරකථනය  ඔබත්  පන්තියට  රැගෙන  යනවා  නම්  මේ  ගැනත්  ටිකක්  අවධානය  යොමු  කරන්න . Sms වලින්  අවධානය  වෙනතකට  යොමු  වෙද්දී  ඔබට  මග  හැරෙන්නේ  විබගයට  අවශ්‍යම  පාඩමක   කොටසක්  වෙන්න  පුළුවන් . 


No comments:

Post a Comment