Sunday, September 30, 2012

Online මිතුරන්ද? ඔබේම පවුලද?

වර්තමානයේ සමාජ වෙබ් අඩවියක සාමාජිකත්වය නොමැති තරුණක් තරුණියක් හොයාගන්නටවත් නොමැති තරම්. facebook , twitter වැනි සමාජ ජාල වසංගතයක් වගේ තරුණ පරම්පරාව අතර පැතිරිලා ගිහින්.






ඉස්සර අපේ අම්මල තාත්තලාගේ කාලයේ නම් පාසලෙන් ඉවත් වුණාට පස්සේ යහළු මිත්‍රයන් කියන කරන දේ දැනගත්තේ ලිපියකින්, දුරකථන ඇමතුමකින්. බොහෝ වෙලාවට කිට්ටුම මිතුරන් ඇරෙන්න අනික් මිත්‍රයන්ව මග ඇරිලා යනවා. සමාජ වෙබ් අඩවි නිසා වර්තමානයේදී නම් කොයි කොයි මිතුරුන් කොහේ කොහේ ඉන්නවද මොනවා කරනවද කියල හොයාගන්න එක අසීරු කාරණයක් නෙවෙයි. ඒ තරමටම සමාජ ජාල නිසා මිතුරු මිතුරියන් ලං වෙලා.

විඩාබර දිනයක් අවසානයේදී යහළු යෙහෙළියන්ගේ ඔපාදූප ටිකක්, ආගිය තොරතුරු ටිකක් කතා බහ කරන්න ලැබෙන එක, එක අතකට සැනසීමක්. නමුත් සමහර අවස්ථාවලදී සමහර තරුණ පිරිස් මේ වැඩේට ඇබ්බැහි වෙනවා. කට්ටිය ගෙදර එන්නෙම online  යන්න බලාගෙන. ගෙදර අම්ම තාත්තා එක්ක කතා බහ කරන්න තරම්වත්  ඉස්පාසුවක් නැහැ.  ඉදහිට මිතුරන් සමග ඕපාදුප දොඩවනවා වගේ නෙවෙයි, නිතරම පවුලේ උදවිය සමග දුක සැප බෙදා ගන්නටත් අමතක කරන්න හොඳ නැහැ.

රාත්‍රියේදී ඔබේ තාත්තා රුපවාහිනිය ඉදිරිපිට, අම්මා තනිවම කුස්සියේ  ඕන පරිගණකයෙන් ඇස් ගලවාගන්නට නොහැකිව එය ඉදිරියේ. පවුලේ ආදරය, සුහදතාවය රැකගන්නට මේ ආකාරයටනම් ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සැබෑ ජීවිතයේදී ඔබට ඇතිවෙන ගැටළු වලදී ඔබේ පිහිටට ඉන්නේ ඔබේ පවුලේ සාමාජිකයින්. එවැනි අවස්ථාවක ඔබ වටා සිටින online  මිතුරු කැළ පිළිබඳව ඔබට විස්වාසය තියන්නට බැහැ. ඔබේ පිහිටට රැකවරණයට සැකයක් නැතිව නිරතුරුවම ඉදිරිපත් වෙන්නේ ඔබේ දෙමවුපියන් සහෝදර සහෝදරියන්. ඒ පිළිබඳව මතකයේ තබාගන්න. දිනපතා ඔවුන්ගේ සුවදුක් බෙදා හදා ගන්න.









No comments:

Post a Comment